( මහින්ද නිශ්ශංක )
කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවන වන දුම්රිය සහ මරදාන සිට කළුතර දක්වා ධාවනය වන දුම්රිය මරදාන කෝවිල ආසන්නයේදී එකිනෙක ගැටීමට ගොස් නතර වී ඇතැයි දුම්රිය පාලන ආංශය කියයි.
කළුතර දක්වා ධාවනය වු දුම්රිය, සංඥා නොතකා ධාවනය වීම මෙයට හේතුව යැයි දෙපාර්තමේන්තු නිලධාරියෙක් සඳහන් කළේය.
සිද්ධියෙන් කිසිවකුටත් හානියක් වී නැතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතී.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් ජිවිත සමඟ සෙල්ලම් කරන්න එපා.
දොඩම්ගේ රසකතා වර්ජකයින්ගේ සේවාව..
මෙවැනි දේවල් ලෝකයේ වෙනත් රටවල සිදුවන්නේ ඉතාම කලාතුරකින් වගේම, එසේ ධාවනය වුවත් ඔටෝ බ්රේක් ක්‍රමයට දුම්රිය දෙකම කලින්ම නතර කරනු ලැබේ. නමුත් ලංකාවේ තිබෙන හද්ද පරණ සිග්නල් ක්‍රමය සහ දුම්රිය ගැන කවර කතාද?
දුම්රිය සේවකයින්ගේ ඇස්, කන්, පරීක්ෂා කරන්න. නැතිනම් මිනිස් ජීවිත සහ දෙපළ ගොඩක් නැති වේවි. මෙහෙමද හැමදාම පඩි වැඩි කරගන්න ඉල්ලන්නේ? මේවාට නීතිය ක්‍රියාත්මක කරන්න.
වර්ජන කරන්ට එන්න කියාපිය... මේකට උත්තර දෙන්න කියාපිය... !
අන්තිමට මේවාගෙනුත් තැලෙන්නේ දුප්පත් අපිම තමයි.
පිටරටක ඔහොම වුණා නම් විෂය බාර ඇමති ඉල්ලා අස්වෙලා... එ්ත් අපේ අය එහෙම කරයිද?