දුම්රිය වර්ජනයේ දෙවන දින වූ අදත් මගීහු අතරමංවූහ. කොළඹ කොටුව දුම්රියපොළ ඇතුළු බොහෝ දුම්රියපළ පාළුවට ගොස් තිබුණි. උදේ 7.30 වන විට කොටුවට දුම්රිය 3 ක් පැමිණි බව වාර්තාවේ. දුම්රිය නැති පාඩුව පිරිමැසීම සඳහා බස් වැඩිපුර යෙදූ බව ලංගමය කියයි.
දුම්රිය වර්ජනයේ දෙවන දින වූ අදත් මගීහු අතරමංවූහ. කොළඹ කොටුව දුම්රියපොළ ඇතුළු බොහෝ දුම්රියපළ පාළුවට ගොස් තිබුණි. උදේ 7.30 වන විට කොටුවට දුම්රිය 3 ක් පැමිණි බව වාර්තාවේ. දුම්රිය නැති පාඩුව පිරිමැසීම සඳහා බස් වැඩිපුර යෙදූ බව ලංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අදත් ගෙදර. වර්ජනය හින්දා මගේ නිවාඩු යන්නේ. අද වත් මේක නවත්තලා මහා ජනතාවට හොඳ දුම්රිය සේවයක් ලබා දෙන්න. කොන්ද කඩාගෙන ඊයේ රඹුක්කන කොච්චියේ ගියේ බාගෙට අච්චාරු වෙලා. (නදී)
රෝහණ, බොහොම හොඳ අදහසක්! (නි)
බන්දුල පෙරේරා මහත්මයා ,මේක දොස්තර වර්ජනයක් නෙමෙයි, දුම්රිය වර්ජනයක්. මාතෘකාවට අදාලව අදහස දක්වන්න. (නි)
බන්දුලට නම් කඩේ යන තරමට වැටුපක් ලැබෙනවා. කඩේ නොගියත් වැරදි කියන්න අපි බය නැහැ (නි)
බන්දුල, ඔය විස්තර පස්සේ වෙලාවක කියන්න. (නි)
අපේ අම්මා කියලා තියෙනවා සීයා දත් දොස්තර කෙනෙක් කියලා.මම සීයව දැකලා නැහැ කවදාවත්.අම්මා කියපු කතාවක් තමයි සීයා කවදාකවත් වැඩ වර්ජන වලට සහභාගී නොවූ බව.ඒවාගේම ඔහුගේ එකම චේතනාව වුයේ නොමිලේ දුප්පත් මිනිසුන්ගේ දත් ගැලවීම බවත්ය.(හේ)
මිනිස්සු කොච්චර අමාරුවේ වැටිලා ඇද්ද? (නි)
අන්තිමට මහජනයා දුක් විදිනවා.(හේ)
1976 වසර අවසාන වෙනකොටත් මේ වගේම රටේ පාලනය අකර්මන්‍ය වී රට පුරා ස්ට්‍රයික් ඇති උනා.(නදී)
" සති දෙකෙන් දුම්රිය යතා තත්වයට ගෙනෙමි " ඇමති කෙනෙක් මෙසේ කිව්වා වගේ මතකයි (නදී)
ආශ්චර්යමත් දේශයක්. (නදී)
මම බන්දුල වගේ මේ ආණ්ඩුවට කඩේ යන කෙනෙක් නම් නෙවෙයි. නමුත් කුමන හෝ රජයක් යටතේ කරන වර්ජනයකට මම හිතට එකගව කැමති නැහැ. මොකද මේකෙන් තැලෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සු. ලොකු අය යන්නේ කාර් වල. මේ ප්‍රශ්නයට වර්ජනය නොකර සාකච්ඡා මාර්ගයෙන් කරන්නම බැරිද? ලංකාවේ විතරමයි අහිංසක ලෙඩ්ඩුන්ව අැපේට තියල දොස්තරලා වර්ජනය කරන්නේ. මගේ සියා දොස්තර කෙනෙක් අම්ම කියල තියෙනවා එයා වර්ජන කරන එක පැත්තක තියෙද්දී දුප්පත් අයට උදවු කරපු ආකාරය. (නදී)
දවස් 02ක් 03ක් වර්ජනය කරලා අන්තිමට ඉල්ලීම් ටික ලබා ගනියි. අපිට දුක දවස් ගානක් යනකම් විසඳුම් දෙන්න බැරි පාලකයන් පිලිබඳව. මේකද අාස්චර්ය (නදී)
දුම්රිය වර්ජනයට විරුද්ධ කෙනෙක් මම. නමුත් මේක විසඳලා දෙනවා කියලා වෘත්තීය සමිති වලට පොරොන්දු වුන නිලධාරියාව විස්වාස කලොත් සමිති මොඩයෝ වෙනවා. ඔය නිලධාරියා කවදත් ධනවාදී චින්තනයෙන් හිතන කෙනෙක්. පහුගිය යුඑන්පී රජයත් සහ මේ රජයත් පොඩි මිනිහගෙන් ඈත් කරන්න කටයුතු කළ පුද්ගකයෙක්. මෙයා තමයි සේවක අර්ථසාධක මුදල සියයට තිහ නිදහස් කීරීම වැලක්වුයේ, 94ට කලින් විශ්‍රාම ගිය උදවියට සාධාරණය ඉටු කරන්නෙ නැතුව මැරෙන කල් බලාගෙන ඉන්නේ. 2006 වැටුප් චක්‍රලේකයෙන් පොඩි මිනිහා තුට්ටු දෙකේ පඩියකට දාලා ඉහල තලයට ඔවුන් බලාපොරොත්තු නොවුන තරම් වැටුපක් දුන්නේ. වැඩිය ඕනේ නැහැ මාස තුනකට හතරකට කලින් රන් පවුම උගස් තියන විට සම්පූර්ණ වටිනාකම ගෙවන්න චක්‍රලේඛය හෙට නිකුත් කරනවා මාධ්‍ය වලට කිව්වා අදටත් නැහැ. ඊයේ විශමතාව හදයි හිඟ මුදල් දෙයි කියලා බලාගෙන හිටිය විශ්‍රාමිකයට ගෑස් තුට්ටුවකින් අඩු කරලා මාරු වෙන්න ලොක්කාට උගන්නලා එව්වෙත්. ඉතින් අපි අමාරුවේ බව ඇත්ත. ඒත් මෙයාව නම් විස්වාස කරලා ඕක අතඇරලා දාන්න එපා. (නදී)
කාටවත් පඩි වැඩි කරන්ඩ එපා, එහෙත් සැමටම පොදුවේ තව වටයකින් බඩු මිල අඩු කරන්ඩ. රජයේ සේවකයින්ට බොරු පොරුන්දු දෙන්ඩ එපා. බඩු මිල අඩු කලොත් කාටත් යාහපතක්. (නදී)
අමාරුවන් දුම්රියෙ යන්න මාසෙටම සල්ලි දීල මාසික ප්‍රවේශ පතක් අරන් දැන් බස් වලට දෙන්න සල්ලිත් නෑ අපිට තමා ඔක්කම දෙවෙල් අපිට තමි . පාලකයන්ට ගාණාක්වත් නෑ (අ)
මගෙන් වර්ජනය ගැන ඇහුවා නම් දෙන උත්තරය මෙතැන ලියන්න බැහැ (නදී)