
(අංජුල මහික වීරරත්න)
ප්‍රවීණ රංගනවේදිනී දමයන්ති ෆොන්සේකා මහත්මියගේ අත් බෑගය ගැට කපන්නන් විසින් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී සූක්ෂම අයුරින් විවෘත කොට එහි තිබූ මුදල් සහ බැංකු කාඩ් පත් අද (15) සොරා ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
දමයන්ති ෆොන්සේකා මහත්මිය වෛද්‍යවරයකු හමු වීම සඳහා විදුලි සෝපානයෙන් ඉහල මාලයට යන අතරතුර මෙම සිද්ධියට මුහුණ දී තිබේ.
සොරකම සිදුවන අවස්ථාවේ විදුලි සෝපානයේ අධික තදබදයක් පැවැති බව කියති. ගැට කපන්නා ඉතා සූක්ෂම ලෙස අත් බෑගයට අත දමා මුදල් සහ බැංකු කාඩ්පත් සොරාගෙන තිබේ.
නිළි රැජින අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ නැගණිය වන දමයන්ති ෆොන්සේකා මහත්මිය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතාගේ භාර්යාවයි.
අත් බෑගයෙහි මුදල් වලට අමතරව දමයන්ති ෆොන්සේකා මහත්මියගේ ජාතික හැදුනුම් පත ද තිබී ඇති ඇත.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී පිළිතුරු ලබාදුන් රංගන වේදනී දමයන්ති ෆොන්සේකා මහත්මිය පැවසුවේ අධි ආරක්ෂිත ප්‍රදේශයක් වන ජාතික රෝහල් පරිශ්‍රයේදී මෙවැනි සොරකම් සිදුවීම ගැන කඩිනම් පියවර ගත යුතුව ඇති බවයි.
ඇතැම් විට සැත්කම් ආදියට වියදම් කිරීම සඳහා කන කර පවා උකස් කර අසීරුවෙන් මුදල් සොයා ගෙන එන අහිංසක ජනතාවගේ මුදල් රෝහල් පරිශ්‍රයේදී ආරක්ෂා කරදීමට රෝහල් බලධාරීන්ට වගකීමක් තිබෙන බවද දමයන්ති ෆොන්සේකා මහත්මිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝපානයේ අධික තදබදයක් තිබුණා නම් අත් බෑගය තමන්ගේ ඉදිරිපසින් තියාගෙන විමසිල්ලෙන් ගියා නම් ඔහොම නොවෙයි කියලා මට හිතෙනවා කොහොම වුණත් හොරා ජාතික රෝහලට අපහාසයක් කර තියෙනවා. රෝගීන්ට උපස්ථාන කිරිම බුදුහිමියන්ට උපස්ථාන කිරිමට සමාන නම් රෝගීන්ට මෙලෙස හිංසා කිරීම ගෙවාගන්න බැරි බරපතළම පාපකර්මයක් කිව්වොත් නිවැරැදියි.
පොකැට්ටුව නැතිවීම කණගාටුවට කරුණක්... එයාගේ විතරයිද මෙච්චර කාලෙකට නැතිවෙච්චි එකම පොකැට්ටුව... අනේ මෙහෙමත් මාධ්‍ය...
ලෙඩ්ඩු බලන්ඩ එන අයගෙනුත් ගසාකන,සාත්තුකරනවා කියලා කෑමත් හොරාකාලා ,මොබයිල් ෆෝන් එකටත් විදින හොරු ඉන්නවා.
හිරු දෙරණත් කිව්වා රාජ්‍ය ආරක්ෂාවට වෙච්චි දෙයක් කියලා. මහින්ද ගෝඨා මහත්‍තුරු ඉද්දී කවදාවත් මේ වගේ හොරකම් වුනේ නෑ. මාලිමාව රට කෑවා..
තමන්ගේ දේවල් පරිස්සම් කර ගන්න, තමන් දැන ගන්න ඕනේ . සෙනඟ ගැවසෙන ස්ථානවල වඩාත් කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න පුරුදු වූනොත් හොඳයි.