ශ්‍රී ලංකාවේ 67 වැනි නිදහස් සමරු උළෙල සැමරීම වස් සෞදි අරාබියේ ශ්‍රී ටීවී මාධ්‍ය ඒකකය සහ ‘දමාම් ශ්‍රී ලංකා රෙස්ටුරන්ට්‘ සංවිධානය කළ නිදහස් සමරු උළෙල එහිදී ’පැවැත්විණි.
ඒ සදහා නැගෙනහිර පළාතේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ඊට සහභාගී වූහ. ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව යුද්ධයෙන් මියගිය රණවිරුවන් වෙනුවෙන් මොහොතක නිහඩතාවයකින් පසු උත්සවයේ කටයුතු ඇරැඹිණි.
රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති මොහොමඩ් හුසේන් මොහොමඩ් මහතා නිදහස් සමරු පණිවුඩයක් එවා තිබිණි.
ජාතීන් අතර සමගිය සමාදානය සහජීවනය සහ සහයෝගිතාවය මගින් ප්‍රෞඩ ජාතිකත්වයක් හා වන ශ්‍රී ලාංකිකයින්ගේ අභිමානය සාක්ෂාත් කරගැනීමට 67 වැනි ජාතික නිදහස් සමරුව ආදර්ශයක් කරගන්නැයි ඔහු එමගින් කියා තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පාරා, ඔයාගේ ඇස් වල දුර්වලතාවයක් තිබෙනවා නම් ගිහින් හොඳ දොස්තර කෙනෙකුට පෙන්නන්න. (නි)
ධමාම් ඉන්නේ මෙච්චර ද ? අපි ඉන්න කාලේ දහස් ගණන් හිටියා මිට අවරුදු 14 කට කලින්. කෝ චාලී, සේපාල නැතිද එයාලට කිව්වා නම් කට්ටිය එවනවනේ. (නදී)