නකල්ස් රක්ෂිතයට පමණක් ආවේනික “ දුම්බර පෙතියා “ නම් මත්ස්‍යයන් බිලි කොකු වලින් අල්ලමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් බව නකල්ස් සංරක්ෂණ මධ්‍යස්ථාන නිලධාරීන් පවසයි.
නකල්ස් රක්ෂිතයේ දුම්බර වන නිවහන අසලින් ගලා බසින ඉල්ලකුබුර තෙලිගමුව ඔයේ මෙම මසුන් අල්ලමින් සිටි බව කියති.
මෙම මත්ස්‍යයා “ දුම්බර පෙතියා “ නමින් හදුන්වනු ලබන අතර ලෝකයෙන්ම නකලස් රක්ෂිතයේ පමනක් ජිවත්වන මතස්‍යයකු බවත් වදවි යාමේ අන්තරාදායක් තත්වයේ ඇති රතු දත්ත පොතට අනුව වදවි යාමේ දැඩි අන්තරදායක තත්වයේ ඇති මත්ස්‍යයෙක් බවත් නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රමණි ශිරන්තා මහත්මිය පැවසුවාය.
2009 වනජිවි හා තුරුලතා ආඥා සංශෝධිත පනත යටතේ රක්ෂිත මත්ස්‍යයෙකු වන අතර 1996 ධිවර හා ජලජ සම්පත් අංක 2 පනත යටතේද රක්ෂිත මත්ස්‍යයකු වන බවත් මෙම මත්සයන් නකල්ස් රක්ෂිතයේ හැර වෙනත් කිසිදු ස්ථානයක දැක ගැනිමට නොහැකි බවත් ඇය කීවාය.

COMMENTS
නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රමණි ශිරන්තා මහත්මිය පැවසුවා නම් ඉතින් 100% ක හරි. මොකද මමත් නාරා ආයතනයේ සුරතල් මසුන් ගැන පාඨමාලාවක් කරලා තිබෙන නිසයි එහෙම කිව්වේ. (ර)
බෝ කරන්න බැහැයි කියන මසුන් මට දෙන්න මම බෝ කරලා පෙන්වන්නම්. වගකීමෙන් කියන්නේ. (ර)
මේක ඉතින් සිරි ලංකාවනේ! (නි)
ඒ ඒ මාළුවෙකුට අවශ්‍ය ස්වභාවික පරිසරයක්, ඒ ඒ මාළුවා කැමති වතුරේ ගුණාංගයත්, ආලෝකයත් කෘතිමව මවන්න පුලුවන්නම් ඕනෑම මාලුවෙක් බෝ කරන්න පුළුවනි. (ර)
බිලීබෑම කියන්නේ විනෝදාංශයක් සමහරුන්ගේ (නි)
නිශාර්ඩ් ප්‍රීනා මෙහෙම හිතන එක ගැන මට නම් ආඩම්බරයි. සිංහලයන්ට මෙහෙම හිතන්න බැහැනේ. (නි)
මේ මාළු පේරාදෙණිය ආසන්න අපේ ගමේ වැවේ ඉන්නවා කියා මම වගකීමෙන් කියන්නේ. ඇයි මේ අහිංසකයින් කූඩුවට දන්නේ? අර මහා වනාන්තර විනාශ කරන අය ඉන්නේ. ඔවුන්ව අල්ලාගෙන කූඩුවට දැම්මා නම් නේද හොඳ. (නි)
යහපාලනයනේ යාළුවනේ මේ... (නි)
මේ මාළුවා මුතුරාජවෙල වෙල් වල ඉන්නවා. මම වගකීමෙන් කියන්නේ. (ර)
අපේ අයට ඉතින් කිසිම දවසක තමන්ගේ දෙයක අගයක් නැහැනේ (නි)
ප්රීනා, ඔයා හරි. මම නම් කියන්නේ පරිසරය විනාශ කරන අයට දඬුවම් දෙන එක ආණ්ඩුවෙන් හරි පොලිසියෙන් හරි වෙන්නේ නැහැ. අපිම දඬුවම් දෙන්න පටන් ගමු. (නි)
අන්තා්‍ෙනි, මුතුරාජවෙල එකාට වඩා මූ ජානමය අතින් වෙනස්, එක වග්‍ෙ පෙනුනට. (නි)
මම උතුරු වියෙට්නාමයේදී මේ හා සමාන මාළුවෙක් දුටුවා (නි)
මේ වගේ අපරාධ වලට නිසි දඬුවම් දෙන්නේ නැති නිසා මේ වගේ අපරාධ දවස ගානේ වැඩිවෙනවා. මෙහෙම ගියොත් තව වැඩිකල් යන්න කලින් අපේ රට කාන්තාරයක් වේවි. (නි)
නීතිවිරෝධී ලෙස වෙන රටවල විනාශකාරී මාළු මේ රටට ගේන අවස්ථාත් තිබෙනවා. බොරු නම් බලන්න ගූගල් ලංකා සොයලා කොහොමද වොල්ෆ් ෆිෂ් ,අැලිගේටර් ෆිෂ් ලංකාවේ මිලදී ගන්නේ කියලා. මම අදාළ ආයතන දැනුවත් කළා සාක්ෂි ඇතුව, නමුත් වැඩක් වෙන පාටක් නැහැ! (නි)
මේ මාළුවා ව්‍යාප්ත කරන්න ක්‍රමයක් නැද්ද? (නි)
කොහේ හිටියත් නොදැක්කා වගේ ඉන්න ළමයෝ. එකපාරක් කිවවුනේ. වෙන කොහෙවත් නැහැ (නි)
ලංකාවේ සිදුවෙන නීති උල්ලංඝනය කිරීම්, පරිසර විනාශයන් සහ නීතියට පිටින් වෙන අසාධාරනකම්, හෝ වෙනත් අපරාධ වලින් 95% කට අඩුම තරමේ ප්‍රාදේශීය දේශපාලකයෙක් හෝ නැතිනම් නිතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙක් හෝ කිහිප දෙනෙක්, ඒවගේම කාගෙවත් සහයෝගයක් නැතුව තම තමන් හිතන විදියට තම තනි මතයට එවැනි දේවල් පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙක් හෝ කණ්ඩායමක් ගැන අපට මාධ්‍ය වලින් වාර්තා වෙනවා. මේතාක් බලයට සෑම රජයක් යටතේම මෙවැනි දේවල් සිදුවුණා, දැනටමත් සිදුවෙමින් පවතිනවා. අනාගතයේදීත් මෙවැනි දේවල් අනිවාර්යයෙන් සිදුවේවි කියන මතයේ තමයි සාමාන්‍ය ජනතාවට හිතන්ට වෙලා තියෙන්නේ. මොකද පාලකයින් වැඩි පිරිසකට සාමාන්‍ය ජනතාවට වගේ කිසිම කැක්කුමක් රට ගැන නැහැ. (ර)
අපේ රටේ හැමදේටම මේ ආනිසංසයනේ ඉතින් (නි)
අනේ අන්තෝනි, නොදන්නා දේවල් නොකියා ඉන්න (නි)
මොනතරම් ලස්සන මාලුවෙක්ද? මොන හිතකින් මේ සතුන්ව මැරුවද මන්දා? (නි)
ජගත් හරි, අපේ අයට අපේ ඒවා වටින්නේ නෑ. (ර)
ඇන්තනි, ඔය මාළුවට සමාන පෙනුමක් තියෙන මාලුවෙක් ඉන්නවා. නමුත් මේ වගේ වර්ණ නැහැ (නි)
මේවට දැඩි දඬුවම් දියයුතුයි. නාම පුවරු දැමිය යුතුයි. (ර)
බිලී කොකු වලට දුම්බර පෙතියා විතරද අහුවුණේ? බිලීබාන අය දන්නේ කොහොමද මොන මාළුවා ඇම කයිද කියලා. නැත්නම් දුම්බර පෙතියා විතරක් විශේෂයෙන් අල්ලලාද? (නි)
ඇන්තනි, මොකද කියන්නේ? ඒ එකෙක් දෙන්නෙක් අල්ලලා ඒ නෝනට පෙන්වමුද? (නි)