අනගාරික ධර්මපාලතුමා සිංහල ජාතිය වෙනුවෙන් පමණක් කතා කළ වීරයකු විදියට ඇතැමුන් හැඳින්වුවත් තමා ඊට එකඟ වන්නේ නැතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (14) පන්නිපිටිය ධර්මපාල විදුහලේ පැවැති ධර්මපාලතුමන්ගේ 151 වැනි ජන්ම දින සැමරුම් උළෙලේදී පැවසීය.
වර්තමානයේ ඇතැම් දේශප්‍රේමීන් සහ ඇතැම් අන්තවාදීන් එම වැරදි විග්‍රහය කරන බව කී ජනපති ධර්මපාලතුමාට අවශ්‍යවී තිබුණේ එතුමා ජීවත්වූ යුගය තුළ රටේ සියලු දෙනා අතරේ සමගිය ගොඩනගමින් ජාතියක් ලෙස ඉදිරියට යන්නේ කෙසේද යන කරුණ ඉටු කර ගැනීම බව සඳහන් කළේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු පුටුවකට ගියාම මෙයාල කියන ඕන සිංදුවක්, කතාවක් අහල අපි හැමෝම තප්පුලයි කියල වෙන්ටැ හිතං ඉන්නෙ. ඔය කොයි දේටත් මිනිස්සු ඔලුව වනන්නේ කතාව ඇත්ත හින්ද නෙවෙයි අයිබොවන්. (අ)
ජාතික විරුවන් අයත් වර්තමානයට නොව අනාගතයටය (හේ)
ඒක ඇත්ත.(හේ)
ජයශ්‍රී (බ)
අනගාරික ධර්මපාලතුමා සිංහල ජාතිය වෙනුවෙන් පමණක් කතා කළ වීරයකු විදියට කියන්නත් එසේ මෙසේ කෙනෙකුට බෑ ආයුබෝවන්ඩ .එකට මේ රට ගැන ජාතිය ගැන සහ අපේ ඉතිහාසය ගැන විශාල දැනුමක් පරිචයක් තිබිය යුතුය. තවද එසේ සිංහල ජාතිය සහ බුදුදහම ට අමතරව වෙනත් ජාතියක් ගැන හෝ ආගමක් ගැන අනගාරික ධර්මපාලතුමා යමක් දේශනා කොට ඇත්නම් පෙන්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. (ම)
ඒක ඇත්ත. ඉතිහාසය විසින් වීරයන් බිහිකරනු විනා වීරයන් විසින් ඉතිහාසය බිහිනොකරයි.මේ සත්‍ය වටහා ගත්තේ නැති මිනිස්සු තමයි වර්ථමානයේම වීරයන් වීමට සිතාගෙන ඉදිකිරීම් වලට තම තමන්ගේ නම් ගම් දාගන්නේ. (බ)
ධර්මපාල තුමාගේ ප්‍රබල ඉල්ලීමක් වූ ගව ඝාතනය ශ්‍රී ලංකාව තුළ තහනම් කරනු! (බ)
ධර්මපාලතුමා කවුරු වැරැද්දක් කරත් තරාතිරම, ජාතිය නොබලා ඒකට විරුද්ධ වුණා. ඒත් එතුමා තමන්ගේ ජාතිය, බුදුදහම රැකගන්න ජීවිතය දෙවැනිකොට කටයුතු කළා. සර්ව ආගමික විකාර එතුමාගේ තිබුනේ නෑ. දෙමළ වුණාත් උතුම් ගති ඇත්තවුන්ට ගරු කරා. සිංහල වුණත් ජඩ වැඩ කරන්නන්ට දැඩිව විරුද්ධ වුණා. බුද්ධගයාව බේර ගන්න මහන්තා එක්ක නඩු කිව්වා. ගව ඝාතනයට සහ ගව මස් කන්නන්ට ඉතා ප්‍රභල ලෙස විරුද්ධ වුණා.(අ)
දැන් ගුණ සැමරුවත් අන්තිමේට ධර්මපාල තුමාට මේ රට එපා වුනා මේ රටේ මිනිසුන්ඔහුට හොරෙක්යයි නින්දා අපහාස කළ නිසා.මේක හරියට සමානයි මහින්ද මහතාට කරන අපහාස වගේ ඉතිහාසය දන්නේ නැතිනම් කියවලා බලන්න. කෙතරම් සිංහල ජාතියට වැඩ කළත් මේ රටේ මිනිසුන් එතුමාට ගුණමකු වූ නිසා එතුමාගේ රට හැරයාම සහ කළ ප්‍රකාශ පිළිබදව. මේ සිදුවන්නෙත් ඒ අතීතය වූ දෙයම නැවත අප ඉදිරියෙ සිදුවීමක් දැයි මට සිතේ. (බ)
එතුමා කළ විර ප්‍රකාශ මේ වෙලාවේ මට මතක්වුණා (නි)
පිදියයුත්තන් පිදීම උතුම් දෙයක් (නි)
ඥානසාර හිමි ගැනත් ඉදිරියට මිනිස්සු ලස්සනට කතාකරාවී (බ)
මෛත්‍රී කියන්නේ ඇත්ත,ධර්මපාල තුමා ජාතිවාදියෙක් නොවේ, එතුමා කිව්වේ මේක සිංහල,මුස්ලිම් දෙමල සියලු ජනතාවට අයිති බහු වාර්ගික බහු සංස්කෘතික රටක් බවයි,බලය බෙදා හැර සමානාත්මතාවය ඇති කළ යුතු බවයි,යහපාලනය යටතේ ක්‍රියාත්මක වෙන්නේ ඒ ධර්මපාල චින්තනයයි (බ)
නිර්මාල් ඔබ විසින් එල්ල කළ සියුම් කණේ පහර වැදිය යුතු සියලු පුද්ගලයන්ට වදීවා! (බ)
හොඳ කතාවක් (නි)