අනගාරික ධර්මපාලතුමන්ගේ 151 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කළ උත්සවයක් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මරදානේ අග්‍රශ්‍රාවක විහාරස්ථානයේදී අද (17) පෙරවරුවේ පැවැත්විණි.
කතානායක ප්‍රමුඛ ආරාධිතයෝ ධර්මපාලතුමාගේ පිළිරුව මල්දමින් සැරසූහ.
ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනයක, මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස, තීනියාවල පාලිත ඇතුළු හිමිවරු ද නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, විජයදාස රාජපක්ෂ, දයා ගමගේ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ.සිංහා, ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති අතුල් කෙෂාප්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd