කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කළැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සිවුදෙනකුට හා දුම්පානයට ඉඩ ලබාදුන් වරදට තවත් පස් දෙනකුට රුපියල් 2000 බැගින් දඩ නියම කිරීමට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කළේය.
එසේ දුම් බීමේ වරදට දඩ නියමවූයේ ඩබ්ලිව්.පී.ජී.සරත්, ලයනල් රාජපක්ෂ, එල්.ඒ.ප්‍රේමසිරි, ටී.එම්.ටී.ආර්.ඒකනායක යන අයයි. දුම්පානයට ඉඩ ලබාදුන් පී.ඩී.ඉන්ද්‍රානී, ආර්.ඩී.ලලිතා, ඩබ්ලිව්.එම්.ජේ.බණ්ඩාර, එන්.ජේ.එම්.රික්ෂාන්, කේ.සී.විජේසේකර යන අයට ද දඩ නියමි විය.
දුම් පානය කළැයි චෝදනා ලැබ අධිකරණයට නොපැමිණි ආර්.එල්.තරිඳු නාමල්, කපිල කුමාර හේරත්, ගාමිණී උදයකුමාර, සී.එන්.නානායක්කාර, ඒ.ඩී.චන්දන, කේ.ඒ.රණසිංහ බංඩා හා ජේ.එම්. ජයසුන්දර යන අයට අධිකරණය වරෙන්තු නිකුත් කළේය.
කරුණෑගල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය එම පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම වෙන්න ඕනෑ. නැත්තම් අපේ මිනිස්සු කවදාවත් හැදෙන ජාතියක් නෙමෙයි. මහා අය කෙසේවෙතත් රටේ පුරවැසියන් හැටියට අපි හැමෝම මෙවැනි දේවල් නොවීමට වගබලාගත යුතුය. රටටත් අනෙක් අයටත් ආදර්ශවත් වියයුතුය. (නි)
අර ළගදී දවසක පාර්ලිමේන්තුවේ අම්ම මතක් කළ කෙනාට ඔහොම මුකුත් කරන්න බැරිද දන්නේ නැ (බ)
එක්තරා කොළඹට කිට්ටු ප්‍රසිද්ධ නගරයක පොලිසිය පෙනි පෙනීත් බස් නැවතුම්පොළේ කොට්ටම්බා ගහක් යට ගෑස් ලයිටරයක් එල්ලා සිගරැට් විකුණන වාහනයක් තිබෙනවා අපි දැක තිබෙනවා (නි)