හිටපු ජනපතිගේ වෘත්තීය සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු හතර දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ නඩුව අද (06) කොළඹ මහාධිකරණයේ කැඳවූ දේවිකා ද ලිවේරා තෙන්නකෝන් විනිසුරුවරිය නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්ච මණ්ඩලය හමුවේ කැඳවූම සඳහා දහවල් 12.30 වන තෙක් කල් තැබුවාය.
නඩුවේ විත්තිකරුවකු වන හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවෝ ද අධිකරණයේ පෙනී සිටියහ.
භාරත ලක්ෂ්මන් මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පළාත් සභා මන්ත්‍රීවරිය ද අධිකරණයට පැමිණ සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තීන්දුව කොහොම වුණත් සුදුසු අයට සුදුසු දඬුවම ස්භාවධර්මයා විසින් තීන්දු කරයි (නි)
දැන්නම් අපිට මේ ගැන අහලම එපාවෙලා (නි)
ටික කාලයක් යනකොට පොලිසියේ නඩු පොත් එහෙම නැති වේවි , කට්ටියට මතක නැති වේවි, ලංකාවේ මිනීමැරුම නඩුවලින් මිනීමරුවෝ 80% නිදහස් වෙනවා, එ්කනේ මේ මහදවල් බය නැතුව පවුලම පිරිවරාගෙන ත්‍රි රෝද රථවලින් ඇවිත් කොළඹ කොටුවෙදීම පිහි වලින් කපල මිනිමරන්නේ (නදී)
හිරුනිකාට අපහාස නඩුවකටත් උසාවි යන්න වෙන හැඩයි (බ)
හිරුනිකාගේ අනුකම්පා දේශපාලනේ දැන් ඉවරයි. යු අැන් පි කාරයින්ට භාරත කියන්නේ නයාට අඳු කොළ වගේ. අනුකම්පා ඡන්ද යු අැන් පි කාරයින්ගෙන් ලැබෙන්නේ නැහැ. ඔයා මෙදා පාර ගෙදරම තමයි නංගි. (නදී)
දුමින්දට තිබ්බ අමතක වෙන රෝගෙන් දැන් වැඩක් වෙන්නේ නෑ. මොකද එයා රකින්න දැන් මහින්ද මහිත්තය නෑ. (නදී)
හිරුනිකාට ජය පතමු. ආරක්ෂාව ගැන හිතන්ඩ. (නදී)
නිතිය කෙරෙහි ජනතා ප්‍රසාදය හා විශ්වාසය වර්ධනය වීමට මෙය හා තාජුදින් නඩුව බෙහෙවින් ඉවහල් වේවි.(නදී)
ඉවසලා බලමුකෝ වෙන දේ (නි)
එතකොට කුඩු නඩු ඒවා විසදන්නේ නැද්ද?(නදී)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
හිරුණිකා පාර්ලිමේන්තුවේ සිටියයුතු කාන්තා නියෝජනයක්.අනාගතයේදී කාන්තාවන්ට වන අසාධාරණයන්ට විරුධව ප්‍රබල හඩක් නැඟිය හැකි කාන්තාවක්.ඔබට ජය! (නි)
මේ අවනඩුව ඉක්මණින්ම අවසන්වන තෙක් අපි බලා සිටිනවා (නි)
දුමින්ද මහතා අනතුරේ වහාම මහින්ද මහතා අගමැති කර දුමින්ද සිල්වා බේරාගනිමු ... ආගම සහ රට අනතුරේ ..... සිංහලයිනි එක්වව් (ම)
මේවා වැඩිකල් නොගොස් සාධාරණ විසදුමක් ලැබිය යුතුයි. නැතිනම් මේ නඩු ආණ්ඩු මාරු වෙද්දීම වල්බිහි වෙන්නත් බැරි නැහැ.(ම)
අචිනි ඔබ ප්‍රතිචාර දැක්වීමේදී එය වැඩි අගයක් ගෙන ඒමට නාම විශේෂන පදයක් යොදන්න (නදී)
ඉසුරන්දි. ආණ්ඩු මාරු වුනත් නැතත් රටට සාධාරණය ඉටු විය යුතු වැදගත්ම දේ නම් මහා බැංකු බැදුම්කර මගඩියයි. කිහිප දෙනෙක් මඩිය තර කර ගත් ඒ මහා මන්කොල්ලෙට වන්දි ගෙවන්නේ සමස්ත මහජනතාව නිසා.(නදී)
මේ අචිනිට අවශ්‍ය වැරදිකරුවන්ව නිදහස් කරන්නද ? (නදී)
අචිනිට පිස්සු. මිනීමරුවන් වෙනුවෙන් කතා කිරීම මොන තරම් මෝඩද. (නදී)
රටත් ජාතියත් බේරගන්ඩ මහින්ද එකතුකරගෙන වරෙල්ලා. එතකොට කුඩ්ඩෝ, දුෂිතයෝ , පාතාලයෝ, සුදු වෑන් ඔක්කොම කට්ටිය හම්බන්තොට (නදී)
හැකි ඉක්මනින් මෙහි තීන්දුව දෙන්න (නි)
අචිනි එහෙම කරන්න නම් ඕනේ නැහැ. වරදක් කරලා නම් දඬුවම් දෙන්න නැත්නම් නිදහස් කරන්න. ඕකට මහින්ද මහත්තයව ගාවන්න එපා (නදී)
ඕවා නවත්වන්න තිබුණා සමහරුන්ට ඕනෑකමක් තිබුණා නම්. නමුත් කිසිම ඕනෑකමක් තිබුණෙ නැහැ.බල තණ්හාව විතරයි (නි)