ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පස් දෙනකු කොළොන්නාවේදී වෙඩි තබා මරා දැමී යැයි කියන සිද්ධියේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු දොළොස්දෙනකුට එරෙහිව නඩු පැවරීම සඳහා බැලු බැල්මට සාක්කි අැතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද ප්‍රකාශ කළේය.
2011 පළාත් පාලන ඡන්දයේ ප්‍රචාරක රැලියකදී මේ වෙඩි තැබීම සිදු විය.
ලබන අප්‍රේල් පළමුවැනිදා සැකකරුවන්ට එරෙහි චෝදනා පත්‍ර ඉදිරිපත් කරන බව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
එම සැකකරුවන් එම ඝාතනවලට හවුලේ වගකිවයුතු බවට මුලික සාක්කි විභාගයේදී සාක්කි ඉදිරිපත් කළ බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ තුසිත් මුදලිගේ මහතා කියා සිටියේය.
අපරාධ විධිවිධාන සංග්‍රහයේ 153 වගන්තිය යටතේ සැකකරුවන් නිදහස් කරන්නැයි විත්තියෙන් කළ ඉල්ලීම ඉවත දමන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
විත්තියේ ඉල්ලිම ඉවත දැමු අතිරේක මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේ සැකකරුවනට එරෙහිව මිනි මැරීමේ චෝදනා ඉදිරිපත් කළ හැකි බවයි.
චෝදනා භාරදුන් පසු විත්තියට කරුණු දැක්වීමට හෝ සාක්කි මෙහෙයවීමට ඉඩ ඇතැයිද අතිරේක මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරි වෙලාවත් ආයෙමත් මතක නැති වුනොත් සිංගප්පූරුවට යවන්නනේ නැතිව නවලෝකෙට යැව්වනම් හරි. එතකොට ආයෙමත් හාස්කමකින් සුවය එයි.(නදී)
ඔබගේ වටිනා ඡන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න. (ත)
හිරුනිකා පැරදුනොත් දුමින්ද ගොඩ, හිරුනිකා දිනුවොත් දුමින්දට මොකද වෙන්නේ (අ)
ඉස්සර වැරදි කලවිට පළදුන්නේ ඊලග ආත්මයේදී ,දැන් පලදෙන්නේ මේ ආත්මයේදී. (අ)
ඒ තරම් ලොකුවට හිතන්න දෙයක් නැහැ මෙතන. සියල්ල නියමිත් පරිදි ඉටුවෙනු ඇත.(අ)
මට මතක නැහැ .(නදී)
පව් මේ අහිංසකයට මඩ ගහන්න එපා. මේ දවස්වල ගජරාමෙට මහජන සේවය කරනවා. මහජනයාට ප්‍රශ්නයක් තියෙන්නෙ කොහෙද දුමින්ද එතන ඇති. කොලොන්නාවෙ කුණු ප්‍රශ්න වුනත් ටක් ගාලා විසඳනවා. මොළේ ඇති මහජනතාවත් අත්පුඩි ගහල එයාව පිළිගන්නවා. අයියගෙ චැනල් එකේ හැමදාම රඟපාන ප්‍රධාන නළුවා. හැම සංවර්ධන වැඩක්ම සිද්ධ වෙන්නෙ මෙයාගෙ සංකල්ප අනුවයි. ඉතින් එයාට විරුද්ධව ඔය වගේ චෝදනා ගේන්නෙ කොහොමද?(නදී)
හරියටම හරි වගේ (දී)
චන්ද ගුන්ඩුවක් එන හැඩයි (දී)
අනේ ඇර අහවල් මතක නෑ කියපු කෙනා ආයෙමත් අපේ වියදමින් සිංගපූරුවට යන්න වගේ හදන්නේ. අනේ අපේ රටේ නඩු.(දී)
තවත් එක රඟපෑමක් (දී)
අප්‍රියෙල් 1 හින්ද බොරු නාට්‍යයක් රඟපෑවට කමක් නැ ජනතාව ඉදිරියේ, චන්දෙත් ලඟයි නේ. අප්‍රියෙල් 2 වැනිදාට කියන්න "ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා, ඒ මහත්තයව නිදොස් කොට නිදහස් කලා කියලා". අනික එයාට මුකුත් ම මතකත් නැනේ. නේ (දී)
මේක සිදුවුනේ ප්‍රචාරක රැලියකදී නෙමෙයි. ටික ටික ඇත්ත වෙනස් වෙනව වගේ..(දී)
අනේ අපිට නම් ඕව මුකුත් මතක නැහැ දැන් !(දී)
මිනි මරලා බේරෙන්න බැහැ . සභාව ධර්මය නියම වෙලාවට දඩුවම් දෙනවා (දී)
මිනිමරලා බේරෙන්න එහෙමත් පුලුවන්ද කියල තමා අපිටත් තියන ගැටලුව. (දී)
පඩිසන් නොදුන්නොත් අප අදහන දෙයියන් බුදුන් බොරු,,(දී)
එක මොනතරම් කැත හැඩයක්ද (දී)
ලංකාවේ හොරකමක් ,මිනීමැරුමක් සාමාන්‍ය මනුස්සයෙක් කරහම පොලිසිය කොහොම හරි අල්ලනවා.මිනීමරුවා ,හොරා දැකපු කෙනෙක් නැති උනත් පොලිස් බල්ලෙක් දාලා කොහොම හරි අල්ලනවා. මුළු ලංකාවම දන්නවා මෙතන මිනීමරුවා කව්ද කියලා.එක පැත්තකින් මේකට අදාළ වෙලා තියෙන්නේ දේශ පාලක්නයෙක්.ඔහුට තවම මතකයක් නැතිනම් කොහොමද රස්සාව කරන්නේ?ඇයි අපේ රටේ පාලකයෝ මේ තරම් පහත් විදිහට අපිව රවට්ටන්නේ ,අපිව මන්ද බුද්දික මට්ටමට දාලා තියෙන්නේ.මිනිසුන්ගේ අසරණ කමින් ප්‍රයෝජන ගන්නේ?මේ රටේ මිනිසෙක් වී ඉපදීම හරිම පාපයක් විදිහටයි මම දකින්නේ.(දී)
ඔන්න දුමින්ද දැන් අපහු සින්ගපුරුවට යයි සනීප නැහැ කියල (දී)
රටේ නිතිය උසාවියෙ ගෞරවය නසන්නට දේශපාලකයන්ට ඉඩ නොදේමු සැමට නිතිය එක ලෙස ඉටු කරන්න(දී)
මහේෂ්, හිරුනිකා භූමිකාව වසර 3 කට පසුව කරළියට එන්නේ "සතුරා" පිටු දැකීමේ ආණ්ඩු නාට්‍යයට රංගනයෙන් දායක වෙන්නයි. ජනාධිපති තුමා කියන්න වගේ දුමින්ද දේශපාලනයේ ඉන්න නිසා ඔහු "සදා කාලික" මිතුරෙක්" වෙන්නෙත් නැහැ. දාම් ලෑල්ලේ ඉත්තෙක් අලුතින් එන්නේ ලෑල්ලේ හිටපු බලවත් ඉත්තෙක් කපා ගෙන. (දී)
වරදක් කළා නම් මොනවා කලත් දඩුවම් ලැබෙනවාමයි (දී)
සර්ව සාධාරණව සොයා බලා නිසි දඬුවම් දෙන්න.වැරදි තියෙද්දීත් තර්ක කර නිදහස් වුනොත් ලොකු ප්‍රස්නයක් කවදා හෝ සිදුවේවි.මතකද කතරගම ප්‍රේමවතී මනම්පේරි තරුණිය දුෂණය කර මරාදාපු අයට වූ දේ?අන්තිමට නිදහස් වෙලා ගමට ආව කපිතාන් එදා රෑම මරා දැම්මා නේද?(දී)
බැලූ බැල්මට සාක්කි තියෙනවා කියල පෙනුනේ අවුරුදු තුනකට පස්සේ නේද?(දිල්)
දිවංගත භාරත ලක්ෂ්මන් යනු මෑත කාලින දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ප්‍රතාපවත් චරිතයක්. එතුමාගේ අභාවය කොලොන්නාව ආශ්‍රිත ප්‍රදේශයේ දිළිඳු ජනතාවට දැඩි කම්පනයක් ඇති කළත් දැන් දැන් එය කෙමෙන් කාටත් අමතක වී යන බවක් පෙනෙන්නේය. එය මිනිස් ස්වාභාවයය. ඒ බව දිවංගත භාරත ලක්ෂ්මන් මැතිතුමාද දැන සිටියා විය යුතුය.(දිල්)
කොහොම වෙතත් හැම දේම සාධාරණව විසදෙන්න වගේ යන්නේ (දිල්)
හිරුනිකාගේ කේන්ද්‍රය බලවත් වේගන එන බවයි පේන්නේ. (දිල්)
ඇත්තඳ ? පවි (අ)
පව් අහිංසකයා, වරදකට කියලා ගෑවිලා තියෙන්නේ මෙපමණයි?(අ)
උසාවියෙන් දඬුවම් නොලැබුනත් මේවා පඩිසන් දෙනවාමයි (දී)
බලමුකෝ මේපාර කොහොමද උසාවියෙන් නිදහස්වෙලා යන්නේ කියල?(දී)
මෙහි අදහස් දක්වන සියලු දෙනා වගේම රටේ සියලු ජනතාව දන්නවා මේ මිනීමැරුමේ නියම අපරාද කරු කවුද කියල. එක රටට සඟවන්න බැහැ. ඒ වගේම සොබාව ධර්මය නිසි වෙලාවට නිසි දඩුවම ලබාදේවි.(අ)
ඡන්දෙට දෙන ලනු කොහොමත් හරි රස කෑමක් වගේ තමා. කන්න කන්න ආස හිතෙනවා. ඔය දෙන්නගෙන් කවුරු ආවත් ලොක්කට පාඩු නැහැ. රැවටෙන්නේ අපිමනේ.(නදී)