(අංජුල මහික වීරරත්න)
ජනාධිපති සමාව අසීමිත ලෙස භාවිතා කර අධිකරණය අවභාවිතා නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජතික පක්ෂය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි.
මිනීමැරුමකට වැරදිකරු වී 2016 වසරේ දී මරණ දඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීමට ගත් තීරණය ප්‍රශ්නකාරී බවද එක්සත් ජාතික පක්ෂය කියයි.
ජනාධිපති සමාව ලැබූ සිරකරුවන්ගේ ලැයිස්තුවට දුමින්ද සිල්වාගේ නම ඇතුළත් කිරීමට ගත් තීරණය ජනාධිපතිවරයා පැහැදිලි කළ යුතු බව පවසන එක්සත් ජාතික පක්ෂය ජනාධිපති සමාව සඳහා සුදුසුකම් ඇති අය තීරණය කිරීමේදී භාවිතා කරන නිර්ණායක මොනවාදැයි ප්‍රශ්න කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභයට 69 ලක්ෂයක ජනතාව කතිරය ගසා ජනාධිපති කරවුයේ සර්වජන ඡන්දබලය මගින් මරණ දඬුවම් නියම වූ පුද්ගලයන් නිදහස් කිරීමට නොවේ. සර්වජන ඡන්දබලය අවභාවිතා කොට අධිකරණ තීන්දු වෙනස් කළ හැකිද? එසේ මරණ දඬුවම් නියම වූ පුද්ගලයින් නිදහස් කරන්නේ නම් අඩුම වශයෙන් වසර 25ක කාලයක් හෝ සිරගතව සිටි පුදගලයින් හට පමණක් බව නීතිගත විය යුතුවේ. මරණ දඬුවම් නියම වූ එක පුද්ගලයකු නිදහස් කිරීම නිසා රටට ජාත්‍යන්තර වශයෙන් එල්ලවන පීඩනය සමස්ත ජනතාවට නුදුරේදීම දැනෙනු ඇත.
ගෝනවල සුනිල්ට සමාව දීලා මුළු දිවයිනටම සමාදාන විනිසුරු තනතුර J.R. දුන්නේ රනිල්ගේ බලපෑම මත බව මේ රටේ ජනතාවට අමතකයි කියලා යූ.ඇන්.පී. බත්ගොට්ටෝ හිතනවා නම් නුඹලාට වැරැදිලා...
ඔය ඡන්දෙ ට බයේ.
දුමින්ද එලියට ගනන පාර හැදුවේ ඔය පක්ෂයෙම ඉන්න අය