‘පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ලඟ මං වැඩ කළා. වැඩ කරන අවස්ථාවේදි ඡන්දෙට මිලියන දෙකක් ණයට දුන්නා. ඡන්දෙට දුන්නු මිලියන දෙක මම ආයෙත් ඉල්ලුවාට පසු සුදුවෑන් එකකුයි පොලිසියෙනුයි හැම වෙලේම නිවසට එන්න ගත්තා.‘ යි ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා කොළඹ මහාධිකරණයේ දී අද (12) කීවේය.
හෙරොයින් ග්‍රෑම් හතක් ළඟ තබාගෙන ගල්කිස්සේ දී ජාවාරම් කළැයි වෙලේ සුදාට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ රජයේ නීතීඥවරියගේ හරස් ප්‍රශ්න හමුවේ ඔහු එසේ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් වෙළේ සුදාත් සුදු වෑන් වලට බයයි? (නි)
පව් අනේ! එයාට දැන් මොකුත් මතක නැතුව ඇති. (නි)
ඉක්මනින් ඔය ගැන අහන්න. නැත්නම් මතක නැහැ කියාවි. (නි)
ණයට දුන් මිනිහා ඇතුළේ. ගත් කෙනා එළියේ. (නි)
අනේ මන්දා මට මතක නැහැනේ! (නි)
මේ කතාව අනුව නම් පෙනෙන්නේ දුමින්ද එයා යටතේ සේවය කලා වගේනේ.(නදී)
කුඩු රජා ලඟ තිබුනේ ග්‍රෑම් 7 යිද? (නදී)
මත්කුඩු වල තිබෙන රසායන ද්‍රව්‍යය තමයි හෙරොයින් කියන්නේ.ඒක රස පරීක්ෂක ලවා පරීක්ෂා කරවා ගත්තාම කුඩු වලට සාපේක්ෂව ඉතා කුඩා ප්‍රතිශතයක් තමයි හෙරොයින් තියෙන්නේ.නඩු දාන්නේ හෙරොයින් සාන්ද්‍රණය බලලා මිසක් කුඩු කිලෝ කීයද බලලා නෙවෙයි.මේ දෙක සමහරුන්ට පැටළෙනවා නොදන්නාකම නිසා. (නි)
දුමින්ද නම් කියන්නේ වෙළේ සුදාව දන්නෙ නැහැ කියලලු නේද? (නි)
ඒකෙත් හැටි! වෙලේ සුදාගේ කට ඇරුණේ ඡන්දෙ ළංවෙනකොට. (නි)
අනුර වගේ අයට හැමදේටම මහින්ද. අනේ මෙයාගේ ටිකිරි මොළේ? (නි)
ග්‍රෑම් 7ක් ම තිබුනද . මගේ අම්මෝ මු හදන්නේ මුළු කොළඹම නැති කරන්න. බැරිවෙලාවත් මේ යකා ග්‍රෑම් 14ක් ගෙන්නුවනම් රටම හාන්සි තමයි. හොඳ වෙලාවට අහුවුනේ. (බ)
සමහරුන්ගේ ඇඟ පුරා තියෙන මොලේට මේවා තේරෙන්නේ නෑ (නදී)
දුමින්ද ගැන මුළු රටම දන්නවා.. තාජුඩීන්ගේ ඝාතකයාත් ඒ වගේ තමයි.. අමුතුවෙන් කියන්න ඕනේ නෑ.. කළ දේවල් කවද හරි පල දෙනවා.. (ම)
ඕක දුමින්දගෙන් ඇහුවම නැහැයි කියාවි (නදී)
කළු සල්ලි ඡන්දෙන් සුදු කිරීම (බ)
මහින්දගේ සුවච කීකරු ගෝලයනේ දුමින්ද සිල්වා (බ)
කුඩු ග්‍රෑම් 7ක්! මොනතරම් සොච්චම් ප්‍රමාණයක්ද? මේ අහිංසක කොල්ලව හිරකරන් වධ දෙනවා. මේවා කරන අයට හොඳක් වෙන්න එපා. (බ)