(නිමල කොඩිතුවක්කු)
වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධීපත්‍ය පමණක් නොව ස්වාධීනත්වය ද අභියෝගයට ලක්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබා දුන් විශේෂ ජනාධිපති සමාව තුලින් පැහැදිලි වන බව සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදි පාලනයට බරපතල අනතුරක් බවත් තමාට ව්‍යවස්ථාවෙන් හිමි බලයක් ජනාධිපතිවරයා විසින් අයුතු ලෙස භාවිතා කිරිම සමගි ජන බලවේගය ඉමහත් පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
සමගි ජනබලවේගයෙ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහන් වේ .
"ප්‍රජාතන්ත්‍රවාදි පාලනය තුල වැදගත්ම සාධකය ලෙස රටක අධිකරණ ක්‍රියාදාමය හැදින්වේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධීපත්‍ය පමණක් නොව ස්වාධීනත්වය ද අභියෝගයට ලක්ව ඇති බව දුමින්ද සිල්වාට ලබා දුන් විශේෂ ජනාධිපති සමාව තුලින් පැහැදිලි වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කවද්ද හොඳ දේකට සතුටු වෙන්නේ...?
නොදකින් මෙහෙමත් පාලකයෝ.... හැකි විගස මොවුන්ව පන්නා දමා රට බේරාගනිමු.
දෙන්නෙක් ගහමරාගත්තා ඒක්කෙනෙක් ඉස්සර වුනා ඒකයි වුනේ
රන්ජන් නිදහස් කරගන්න ජනාධිපතිගෙන් ඉල්ලුවෙත් ඔහේලාම නේද ?
දුමින්ද සජිත් ලගට ආවොත් ඔබ ඒපා කියනවද
ඔය වෙන මොකකටවත් නෙවි. ඡන්දෙ දී කෙළවෙයි කියල බයට. පුතාණෝට යන එන මං නැති වෙනව.
ඒ කාලේ ජේ.ආර්. උන්නැහෙත් එල්ලුම්ගහට නියම වුණු පළාත්පාලන ගොයියන් දෙදෙනෙකුට සමාව දුන්නා මතකයි... ඔබලාට මතක නැද්ද?
ඔය කණ්ඩායමේ එක්කෙනෙක් තමයි දුමින්ද එලියට ගනන පාර කැපුවේ