හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතා ඇතුළු සිවිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ගේ මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සමේ නඩු ගොනුව සකස් කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ මහාධිකරණ ලේඛකාධිකාරීවරයාට නියෝග කළේය.
තමා අසනීපකරුවෙකු බව කියමින් දුමින්ද සිල්වා ගොනු කළ විශේෂ පෙත්සමක් සලකා බැලූ ප්‍රියසාද් ඩෙප්,බුවනෙක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසනීපනම් මරණ දඬුවමෙන් බේරෙන්න පුලුවන්ද? දන්නේ නැති නිසයි අහන්නේ.(අ)
අපි සියල්ල බලාගෙන සිටිමු (නි)
ඊළඟ මහමැතිවරණය වෙනකොට මෙයා එළියේ ඉඳියි කියලයි මට හිතෙන්නේ. (නි)
පිටිගල මිලානෝ, පහුගිය කාලේ බක පණ්ඩිතයෙක් වගේ මෙතන බඩ පිනුම් ගහපු ඔයා දැන් තොත්ත බබෙක් වෙලානේ? දරුණු දේශපාලන අසනීපයකින් පෙළෙන රෝගියෙකුට බලවත් දොස්තර කෙනෙකුගේ බලයෙන් මරණයෙන් පවා ගැළවෙන්න පුළුවන් කියලා ඔයා දන්නෙම නැද්ද? ඔයාලගෙ ඉතාලියේ එහෙම බලවන්ත දේවල් නැතිවුණාට, අපේ ලංකාවේ එහෙම දේවල් තවම තියනවා (නි)
දේශපාලකයන්ට ඇතුළට ගියාම තමා හැම ලෙඩේම (නි)
මේ වගේ අය පෝෂණය කරමින් හිරේ තියාගන්නවට වඩා මම නම් කියන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් රටේ දුප්පත් අසරණයෙකුගේ ජීවිතය ජීවත්කරවන්න ඒ හිරකාරයාගේ මුදල වැයකළ හැක (නි)
මේ වගේ ජරා වැඩ කරපු අයට නිදහස දි මේ කටයුතු කිරීම සුදුසු නැත. හිරේම සිටිය යුතුයි. (අ)
එහෙමනම් මරණ දඩුවම නියම වුණා සේම දෙනාටම මේ විදියට ගියානම් ගොඩ එන්න පුළුවන් වෙයි (අ)
මේ මනුස්සය ඔය නඩුවේ සැකකරුවෙකු උන දවසේ සිට අමතක වීමේ රෝගය හැදුන කෙනෙක්. මෙයා පාර්ලිමේන්තුවට අරන් ජනතා මුදල්වලින් වැටුප් ගෙවන්න තරම් සුදුසු කෙනෙක් නොවෙයි. සදා රෝගියෙක්. (අ)
අධිකරණ තීන්දුවක් දී ඇති නිසා ඕනෙම පුරවැසියෙකුට දුමින්ද මහා දවල් මිනී මරු අපරාධ කාරයෙක් කියල හඳුවන්න නෛතිකමය බාධාවක් නැහැ. ඔහු මිනී මරපු දා සිට අද දක්වාත් මොනතරම් බොරු ලෙඩ අරගෙන මුළු රටම රැවට්ටුවාද. සිංගප්පුරුවෙදී මොහුට කළා යයි කියන සැත්කම පිලිබඳ එක්ස් කිරණ චායා පිටපත් ඔහුගේ සොහොයුරියකයි කියා ගන්නා කාන්තාවක් විසින් මුහුණු පොතට මුදා හැරියත් ඒ වා ඔහුගේ හිස් කබලේ ඡායාරුප නොවන බව ඔප්පු කරන්න පුළුවන් විසේෂඥන් අප ළඟ ඉන්නවා. අධිකරණය මේ රැවටීම පිළිබඳවත් විභාගයට ගත යුතුයි. (අ0
ඇත්තටම ඒ පින්තූර මොහුගේ ඒවා නොවේ, අනුකම්පාව ලබාගැනීම සඳහා යොදාගත් ඒවා, එවැනි සැත්කමක් කරල මේ තත්වයෙන් ඉන්න පුලුවන් නම් ඒක හාස්කමක්.(අ)
සත්‍යයා , ඔබ හරි, (හේ)