හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට නාම යෝජනා ලබානොදුන් බව සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද නාම යෝජනා බාරදීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ පැවසීය.
පෙර කී පරිදි හිටපු මන්ත්‍රීවරුන් වන මර්වින් සිල්වා, සජින් වාස් ගුණවර්ධන හා සරණ ගුණවර්ධන යන අයට නාම යෝජනා නොදුන් බවත් ප්‍රේම්ජයන්ත මහතා කීවේය.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතාට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් නාම යෝජනා ලැබී නැත. ඔහු ද්‍රවිඩ එක්සත් පෙරමුණෙන් කොළඹට තරග කරයි.
හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරනායක මහතාද අද නාම යෝජනා බාර දීමට පැමිණ සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොන්ස්ටන් හිටපු ඇමති දුමින්ද සිල්වාට වඩා හොද වීමට ඇති නිර්ණායක මොනවද? (ම)
ඉන්න කට්ටිය දැක්කම මෙතුමාටත් දෙන්න තිබුනේ.(ම)
මොනවා වුනත් මෙයා මෙයාගේ ස්වාමියා තරමටම නරක නැහැ නේද? එයාට දුන්න නම් මොකද මෙයාට දුන්නේ නැත්තේ. (බ)
මොහාන් මල්ලි, ඒකනම් ඇත්ත තමා. හොරු 99 ඇතුලේ එක හොරෙක් එළියේ. ප්‍රධානියත් ඇතුලේ.අනේ මන්ද...(බ)
සතුටුදායක පුවතක්. (ර)
ඉතාමත් සතුටුදායක පුවතක්. (බ)