භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරු වී මරණ දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට වෙතට අද (22) අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
එම අභියාචනය කොළඹ මහාධිකරණය මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම ගොනු කර ඇත.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුවක් මත තමන්ට මරණීය දණ්ඩනය පැනවීම නීතියට පටහැනි බව දුමින්ද සිල්වා මහතා අදාළ අභියාචනය මගින් පෙන්වා දී තිබේ.
ඒ හේතුවෙන් එම දඬුවම අහෝසි කර සියළු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔහු ඉල්ලා ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු ජනපතිගේ වෘත්තීය සමිති කටයුතු උපදේශකවරයෙකු ද වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ 13 දෙනෙකුගෙන් දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකුට පසුගිය 8 වැනි දා මරණ දඬුවම නියම විය.
ඔවුන්ගෙන් තිදෙනෙකු ද එම නියෝගයට එරෙහිව පසුගියදා ඇපෑල් ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන් නසිති කියල කියනවනේ. (බ)
මෙයාට නේද ගෝඨාභය මහත්තය ආරක්ෂක අමාත්‍යංශය අධික්ෂණය කරන්න බාර දීලා තිබුනේ (බ)
මෙයාට රටේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අධීක්ෂණය කරන්න දුන්න ආරක්ෂක ලේකම් තුමා රට සහ රටවැසියා ගැන හිතපු ආකාරය අපිට හිතා ගන්න පුළුවන්. (අ)
දැන් වැඩක් වෙන්නේ නෑ.(හේ)
බලමුකෝ.(හේ)
නුවන්,එහෙම කියන්න බැහැ. මේක ලංකාව (නි)
අනේ මේ අහිංසකයා මොනවා කරන්නද? (නි)
දැන් තීන්දුවක් දිලා ඉවරනේ.(හේ)
අපි දුමින්දගේ පැත්තෙනුත් හිතන්න ඕනෑ (නි)
එතකොට දුමින්දට වෙඩි තිබ්බේ කවුද? (නි)
මෙයා හදන්නෙ නීතියෙ හිඩැසකින් රිංගන්න. වරද ප්‍රතික්ෂේප කරලා නැහැ. (නි)
ඔබත් චණ්ඩියෙක් වෙන්න හිතාගෙන ඉන්නවා නම් සහ බලය තිබෙන අතට ඕනෑම දෙයක් කිරීමේ තදබල අාශාවකින් පෙළෙනවා නම් වර්තමානයේ සිදුවන දේවල් තරම් ආදර්ශයට ගතයුතු වෙනත් දෙයක් නොමැත (නි)
මෙයාට දැන් ඔක්කොම මතකද? (නි)
මිලානෝ සමඟ මමත් එකඟයි (නි)
දෙපාර්ශවයෙන්ම වැරදි කර ඇති බැවින් එක පාර්ශවයකට පමණක් දඩුවම් දීම නොකළ යුතුයි. (ම)