කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේදී රහස් පොලිස් නිලධරයෝ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් අද(10) පැය හතක් ප්‍රශ්න කර කට උත්තර ලියාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ප්‍රකාශ වලින් පසුව මන්ත්‍රීවරයා රහස් පොලීසියෙන් පිටවී ගියේය.
වෙලේ සුදා හෙවත් විදනලාගේ සමන්ත කුමාර දුමින්ද සිල්වා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයද දුමින්ද සිල්වා කළ ප්‍රකාශද සසදා බලා ඊ ළඟ පියවර ගන්නා බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට වෙන්නේ සාක්ෂි නෑ කියලා මෙයත් නිදහස් වෙන එක.(හේ)
කොළ පැන් ඇත්නම් ඕනෑතරම් ලියන්න බැරිය, ලියල පමණක් මදිය ,(හේ)
අනේ! මේ සමාජ සේවයට කැපවුණ අසරණ මහත්මයාට මොකද මෙහෙම වදදෙන්නේ? (නි)
මට මතක නැහැ කියලද දන්නෙ නැහැ (නි)
මීට දෙන දඬුවමයි ඉදිරි මැතිවරන ප්‍රතිඵලයයි අතර ප්‍රබල සම්බන්ධයක් ඇතිවනු නොඅනුමානයි. ඒ ගැන සිතා තරාතිරම නොබලා දඬුවම් දියයුතුයි. (නි)
සේකර, ඔබ නිවැරදියි. ජනතාව මුව අයාගෙන බලන් ඉන්නවා මෙය විසඳන ආකාරය. නීතිය ක්‍රියාත්මක කරන මහත්වරු මතක තබාගන්න " සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා" කියලා (නි)
වංචා දුෂණ, හොරකම, සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කරුණු විමසාබලා වැරදිකරුවන් බව තහවුරු කරගෙන අත්අඩංගුවට ගන්න ක්‍රමය හොඳයි. නමුත් එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී තරාතිරම අනුව සිදුවීම ඉතාම කණගාටුදායකයි. (නි)
තේ එකක්වත් දුන්නේ නැද්ද දන්නේ නැහැ නේද? (නි)
පැය හය හතක් මොනවද ප්‍රශ්න කළේ.(හේ)
අහපු සෑම ප්‍රශ්නයකටම "මතක නෑ " කියන්න ඇති . එකයි ඔච්චර වෙලා ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්න ඇත්තේ.(හේ)