පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මුල්ලේරියාවේ වල්පොළ හන්දීයේදී 2011 ඔක්තෝබර් 08 වැනිදා ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට කම්මුල් පහරක් ගසනු දුටුවේයැයි හෂාන් ශෂීරංග අමරදේව නම් සාක්කිකරු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ සාක්කි දෙමින් පැවසිය.
ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවි දෙනකු ඝාතන සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු 12 දෙනකු මේ නඩුවේ ප්‍රධාන සැකකරුවෝය.
‘‘දෙන්නාගේ වාහන ආවේ දෙපැත්තෙන් දුමින්ද සිල්වා ප්‍රේමචන්ද්‍රෙග් වාහනවලට අවහිර කළා ඔහු සිය වාහනයෙන් බැස්සා දුමින්ද සිල්වා ළගට ගියා ඔහුට කම්මුලට පහරක් ගැසුවා ඒ සමඟම වෙඩි හඬ ඇසුණා.
මා ප්‍රේමචන්ද්‍ර අල්ලාගෙන වාහනය ළගට ගියා.මා වාහනයට රිංගා පස්සාහ දොරෙන් වාහනයට ඇතුළු වුණා. ප්‍රේමචන්ද්‍රට සිදු වුණේ කුමක්දැයි බැලුවා . මා ඔහු රෝහලට ගෙන ගියා.‘‘
මධුෂානී පතිරණ ඊළගට සාක්කිදීමට කූඩුවට නැන්ගාය . ඇය කොටිකාවත්ත ප්‍රදේශිය සභාසභාපති ප්‍රසංග සෝලංග ආරච්චිගේ බිරියයි. වැඩිදුර විභාගය 17 වැනිදාට කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ෆස්රුල් ගෆූර් - කටාර්, ඒ ඉතාමත් වටිනා දේශපාලන නායකයා? ලංකාවේ කෙනෙක්ද? (නි)
අන්තිමේ මරුන ප්‍රේමචන්ද්‍ර මත්තයම වෙඩි තියා ගත්ත කියලා ඔප්පු වෙයිද දන්නේ නැහැ.මොකද ලංකාවේ නිතිය ඒකනේ. (ස)
වීරේ - ඔයා හරියටම හරි ඒ නිසා තමා මම "භාරතට" කැමති. ඒ වගේම මට ඔයත් වටිනවා වීර. ඔයත් මුස්ලිම් අයට හරියට ගරු කරන කෙනෙක්. ඔයා නිසා මුස්ලිම් අපි හරිම සන්තෝසෙන් ඉන්නේ. (නදී)
මේ දැන් රූප ගත කරන්නේ ලබන වසරේ විකාශනය කරන ටෙලිය.(නදී)
සාක්ෂිකරුවන් ආරකෂා කිරීමේ පනතක් ගේනවා කිව්වා නේද කාලයක් තිස්සේ? ඒක වලංගුද දැන්? ලංකාව වගේ රටකට අත්‍යවශ්‍ය නීතියක්. (නදී)
වර්තමාන ලංකාවේ තත්ත්වය අනුව නම් වෙන දෙය සිතාගන්න පුළුවන් (නි)
බන්දුල පෙරේරා, ඔය කියන ඉස්සර වුණ කෙනාටත් වෙඩි තියන්න අදහසක් තිබිලා නැතුව ඇති (නි)
මේකේ කියන විදියට දෙන්නම කම්මුල් පාරවල් ගහල තියන වනේ. ආපහු මුල ඉදල හොදට කියවන්නකෝ.(නදී)
නඩු සහ බඩු දෙකම කාගෙද?(නදී)
ලැජ්ජයි .පිය සෙනෙහස ගැන අමතක දු දරුවෝ, එය අමතක කරයි තම වාසිය හින්දා. (ස)
ඒ කතාව අපිට විස්වාශ කරන්න බැහැ. ඕක දුමින්ද මහත්තයාගේ කීර්ති නාමයට හානියක් කරන කුමන්ත්‍රණයක්. සමහරවිට භාරත ලක්ෂමන් එයාගෙම කනට ගහගන්න ඇති (නි)
භාරත එයා විහින් එයාටම වෙඩි තියාගත්තා කියල නඩුවේදී කියවුනොත් පුදුම වෙන්න දෙයක් නැහැ .එහෙම වෙන එකම රට ශ්‍රීලංකාව නිසා.(නදී)
සාක්කි දෙන්නේ බලාගෙන වැරදුනොත් ඉල්ලන් කෑවා වෙනවා. මොකද මේක අපේ ලංකාවනේ නිතිය හරියටම කරන රටක්.(නදී)
සාක්ෂි දුන්නා වගේ නෙමෙයි මෙයාලගේ ආරක්ෂාව ගැන තමයි දුක හිතෙන්නේ.(නදී)
ඉතාමත් වටිනා දේශපාලන නායකයෙක් අපිට අහිමි වුනා. (නදී)
නීතිය නිසියාකාරව කරනවා නම් මගේ අම්මෝ හිර ගෙවල් මදි වෙනවා. මහජන මුදල් හොර කරන තක්කඩි රැලව දාන්න.(නදී)
විරගේ කතාව සම්පුර්ණ සත්‍ය දෙයක් උවත්. භාරත ලක්ෂමන් අප මුස්ලිම් ජනතාව වෙනුවෙන් කරපු සේවයට ඔහුට අපි නය ගැති වෙමු. ඔහුගේ පිහිට නොවන්ට අපට කොළොන්නාවේ මුස්ලිම් පල්ලියක් සාදා ගැනීමත් ඉඩමක් ගැනීමක් ලෙහෙසි දෙයක් නොවුනේය . එනිසා අපි බාරත ලක්ෂ්මන්ට සදා නය ගැතිය. අපට කියා සුසාන බුමියක් ලැබුනෙත් ඔහු නිසාය. (නදී)
මං හිතන්නේ දුමින්ද භාරතට කම්මුල් පහර ගැසු නිසා භාරතගේ කවුරු හෝ ඉක්මන් වී අවි ගත්තාය කියා . එහි ප්‍රතිපලය ජිවිත හානිය . අවිගත්තෝ අවියෙන් නසිති (අ)
මමත් කොලොන්නාවේ මැදුනු ජිවත් වූ කෙනෙක්මි . මා සහ මගේ දෙමව්පියන් කොලොන්නාවෙන් පිට වුයේ එහි ඇතිවූ අන්‍ය ආගමික ආක්‍රමණය නිසාය. අප පොඩි කාලයේ තිබු කොලොන්නාව නෙමේ දැන් ඇත්තේ. කෙසේ උවත් දුමින්ද මහතා කොලොන්නාව වෙනුවෙන් සේවයක් කරනා බව මගේ යහළු යෙහිලියන් නිතර අපට පවසා තිබේ. මෙය ලිව්වේ බාරතට පහර ගැසීමට නොව මාගේ සහ මගේ යහළුවන්ගේ හැඟීමත් ප්‍රකාස කිරීමටය . මුදල් සහ බලය ඔහුව වෙනස් කළේය , ඔහු ගමේ මිනිසුන් ගෙන් ඈත් විය. ඔහු මුදල් වෙත ඇදී ගියේය. කතු තුමනි ඔබ මෙය කපා කොටන්නේ නැතුව පල කරන මෙන් ඉල්ලමි. ස්තුතියි.(නදී)
ඔහොම දෙයක් රත්නපුරෙත් උනානේ. (නදී)
ඔය සාක්කිකාරයට තවත් ජිවත් වෙන්න දෙයිද? රජ කම් කලත් කළ කම් පළදෙනවා කියලා කියමනක් නම් තියෙනවා. අපේ ඉතිහාසය බැලුවම ඒක ඔප්පු වෙනවා නේද? (ස)
මේ සාක්කිකාරයෝ මෙච්චර කල් කොහෙද හිටියේ ?.(නදී)
අවි ගත්තෝ අවියෙන්ම නසිති කියලා මංගල කියපු කතාවම තමයි මගෙත් සටහනේ සාරාංශය (නි)
මට මතක නැහැ.(නදී)
අපි නම් දැක්කේ නැහැ (දී)
යුක්තිය ඉටු වේවා! (අ)
කුඩු මුදලාලිලා රජ වෙන්න හිතුවට වැඩක් නෑ,කරපු පව් ගෙනියන්නම (අ)
මාර වැඩේ නේ???(දී)
මෙගා බයිට් එකක්ම තමා මේ සිද්ධියත්. ගායකයන්ව නළුවන්ව උස්සලා බලෙන් මෙගා බයිට් කරන කාලයක් මේක (නි)
ෆස්රුල්, ඔබ භාරත ලක්ෂ්මන් වටිනා නායකයෙක් කියන්නේ ඔහු මුස්ලිම් අයට ඡන්දය බලාපොරොත්තුවෙන් සිංහලයන්ටත් වඩා සැලකූ නිසා.කොලොන්නාවේ පන්සල් ගණනටත් වඩා පල්ලි ගහන්න ඉඩදුන්නෙත් ඔහු.ඔහු ඡන්දය වෙනුවෙන් ජාතිය අමතක කරපු මිනිහෙක්. අපි හොඳට දන්නවා ඔහු ගැන.ඔහු අහිංසකයෙක් නෙමෙයි.ඉස්සර 100%ක් සිංහලයෝ හිටපු කොලොන්නාව ම මුස්ලිම් කරන්න(දැනටමත් 70%ක් මුස්ලිම්) පදනම දැම්මෙත් ඔහුම තමයි. (ස)
බුදු බන අනුව ... චේතනාවම් බික්කාවේ කම්මන් වදාමි .. මහණනි මම චේතනාවම කර්මය කොට වදාරමි .. මෙතන සිදුවී තිබෙන්නේද එයමය . මේ දෙදෙනාම අවි ගත් දෙපිරිසකි . මංගල කොලොන්නාව කිව්වා සේ අවි ගත්තෝ අවියෙන් නසිති . අපි දෙපැත්තටම කඩේ නොයමු (දී)
මේ දෙන්නාගෙම වෙඩි තියාගන්න අදහසක් තිබුණේ නැති බව විශ්වාසයි. අයෙක් ඉස්සර වුණා.ඔක්කොටම වළ කැපුනා (නි)
වීර, ඔබගේ කතාව මම සම්පුර්ණයෙන් අනුමත කරමි . මොකද මම හැදුනේ කොලොන්නාව වතුර ටැංකිය ළග. බාරත ලක්ෂ්මන් ගේ ජීවිතය ගැන අපි හොඳින් දනිමු. බොහෝ දෙනා ඔහුව වර්ණනා කරන්නේ ඔහු ගැන නොදැනය (නි)
සැමදෙනාටම බුදු සරණයි.(නදී)
මම හිතන්නේ දුමින්ද මහත්තයා මේකට පිළියමක් යොදාවි ඉතා ඉක්මනින්. ලිප ගිනි ඇවිලෙන තෙක් දිය සැලියේ...කකුළුවෝ නටපල්ලා (නි)
මේ කම්මුල්පාර වැඩියෙන්ම වැදුනේ රටේ තිබුණු "නීතියට". (නි)
මේ රටේ ලොකු පුටුවල ඉඳගෙන රට පාලනය කරන්නේ මෙහෙම උදවියද? (නි)
මේ සිද්ධිය විකෘති කරමින් බොහෝ දෙනෙක් කතා කරන්නේ. කොළොන්නාවේ වැසියෙකු හෙටියට මම භාරත ලක්ෂ්මන් හොඳින් දනිමි. මට කියන්න තියෙන්නේ අවි ගත්තෝ අවියෙන් නසිති යන පරණ කියමනය. (නි)