ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිතක්වය තහනම් කැරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා සන්ධාන මහ ලේකම් ලෙස යම් ක්‍රියාවක නිරත වන්නේ නම් හෝ විධායක සභාවට යම් දැන්වීමක් කරන්නේ නම් එම ක්‍රියා නීතිය ඉදිරියේ බල ශූන්‍ය ක්‍රියා බව ශ්‍රීලනිපයේ වැඩ බලන ලේකම් දුමින්ද දිසානායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
එම ලිපියේ පිටපත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද යවා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂ නැවත අගමැති වෙන එක අනිවාර්යයි. ගින්නක් නොමැතිව දුමක් නොනඟී! (නි)
අදහස් ටික දකිනකම් ශ්‍රී ලංකා එකට මේ තරම් ආදරය කරන යු එන් පි අය ඉන්නවා කියලා දැනගෙන හිටියේ නැහැනේ.කට්ටිය හිතන්න ඇත්තේ අපි මෝඩයෝ කියලා වෙන්න ඇති. (නි)
මේ දේවල් වල අවසානයක් නැද්ද? (නි)
මම හිතන්නේ ලැබෙන්න තිබුණු ඡන්දත් ලැබෙන එකක් නැහැ. (නි)
පහුගිය කාලේ රට තිබුනේ දුෂණයෙන් පිරිලා. බොහෝ ප්‍රදේශවල කුඩා දේශපාලකයෙකුටවත් පගාවක් දෙන්නේ නැතුව මොකුත් කරගන්න බැරි තත්ත්වයක් තිබුනේ. ඒ වගේම නීතිය බල්ලට ගිහින් තිබුනේ. එක්නැලිගොඩ , තජුඩීන් කියන්නේ දහසකුත් එකක් මර්දන ක්‍රියාවලින් එකක් විතරයි. මාධ්‍ය ,රාජ්‍ය දේපල භාවිතාකළේ හරිම කැත විදිහට. (නි)
කලින් දැනුම් දුන්න එක හොඳයි (නි)
හොරු අල්ලනවා නම් පටන්ගත යුත්තේ 1977 ඉඳලා (නි)
නීත්‍යානුකූලව වැඩකරන එක කෝකටත් හොඳයි (නි)
පහුගිය කාලයේ සුසිල් හිටියේ හරිම කේන්තියෙන් අතීතය මතක් වෙන්න ඇති.(නදී)
බොහොම හොඳයි (නි)
මෙම ලේකම්වරු, පසුගිය ආණ්ඩු කාලයේ මෙහෙම වැඩ කළා නම්...? (නි)
ඩෙස්මන් බයිලා කීම අරඹා ඇත. (නදී)
ලේක්ම්වරු පක්ෂ නායකයාට වැඩකරන්නේ නැත්නම් මොකටද තියාගෙන ඉන්නේ? මේක මුලින්ම කරන්න තිබුනු දෙයක් (නි)
අඟේ ඉඳලා කණ කන අයට තනතුරු දීලා පක්ෂයක් ගෙනයන්නේ කෙහොමද? තමන්ට හිතවත් නැත්නම් එකට වැඩ කරන්නේ කොහොමද? මෙය මීට කලිනුයි කරන්න තිබුනේ. (නි)
මේවා කලින් කරන්න තිබුණු වැඩ. (නි)
නියමයි නේද? නිසල ජලය ගොඩක් ගැඹුරුයි කියන්නේ ඇත්ත තමා. (නි)
ඔන්න අපිට නම් කරන්න දෙයක් නැහැ හොඳේ (නි)
නියමයි දුමින්ද (නි)
වැඩි හරියක් අපේ රටේ ඉන්නේ අයගේ මොළය පිළිබඳව ප්‍රශ්ණයක් පැන නැගෙයි (නදී)
යු එන් පී අයට ශ්‍රී ලංකා එක ගැන පුදුම කැක්කුමක්නේ තියෙන්නේ .... (නි)
හැමෝගෙම වෙස්මුහුණු ගැළවිලා ඉවරයි දැන් (නි)
ජනතාවනි, සිතන්න. (නි)
සෑහෙන දුරක් ගිහින් වගෙයි (නි)
පරාජයේ ප්‍රතිචාර! මේකද යහපාලනය? (නි)
මෙය මීටකලින් කළා නම් තවත් හොඳයි. නමුත් ප්‍රමාද නැහැ තවම (නි)
මට නම් මේ දේවල් මහා විහිළුවක් වගෙයි පෙනෙන්නේ (නි)
නිවැරදි තීරණයක් (නදී)
අපි මේවා ගැන තීරණයක් දෙන්නම් 17 දාට (නි)
පක්ෂයක් යනු පක්ෂ නායකයා නොවන වග මතක තබාගත යුතුය. මිනිසුන් ඇති තැන පක්ෂය පවතී. විධායක බලයේ රඟ දැන් සැමට බලාගත හැක. (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුතෙන් ලියමු. (නදී)
මේක මහා විකාරයක්. පලිගැනීම් නවතා ජනමතය බලන්න. (නදී)
ලංකාවේ නිතිය අනුව මැතිවරණයක් පවැත්වෙන කාලයේ මේ විදිහට පක්ෂ තනතුරු මාරු කරන එක නීති විරොදි වැඩක්. මට පුදුම ඇයි එ්කට ක්‍රියා මාර්ගයක් ගන්නේ නැත්තේ කියලා (නදී)
ලේකම්වරු පක්ෂ නායකයාට පක්ෂපාති නැත්නම් වැඩ කරන්නේ කොහොමද? මහින්ද පත් කරගත්තේ තමන්ට වැඩ කරන්න පුළුවන් අය. මෛත්‍රි පත් කරගත යුත්තේත් තමන්ට එකට වැඩ කරන්න පුළුවන් අය නේද? යටි කූට්ටු වැඩ කරන ලේකම්ලා දෙන්නෙක් පක්ෂෙ ඇතුලෙ තියාගෙන පක්ෂයක් ගෙනියන්නේ කොහොමද? (නදී)
හොරු ටිකට එන්න ලැබෙන එකක් නැහැ දැන් (නි)
මේ රට විනාශ කරන සියල්ලන් කරණ කුමන්ත්‍රණ තේරුම් ගත යුතුය.(නදී)
යහපාලන කෙරුවාවද මේ. (නදී)
ජයවේවා ජනාධිපතිතුමාට! (නි)
නව දේශපාලන පෙරලියක කාලින අවශ්‍යතාවයකි. රූකඩ සංදර්ශන නැවත්වීම සඳහා වහල් බාවයෙන් මිදීම සදහා මෙය මිට ප්‍රථමව කල යුතුව තිබුණි. (නදී)
දැන් තම නියම සෙල්ලම් පටන්ගන්නේ (නි)
තව තව තීරණ පසුව ගනීවි. අපි කලබල නොවී බලා හිඳිමු. මොකද වෙන්නේ කියලා. හැම සැරේටම වැඩිය සැරයිලු හීන්සැරය. (නි)
මෙන්න මෙහෙම තමයි ඉන්න ඕනෑ (නි)
මෛත්‍රි, අනුර,සුසිල් යන අය එක මට්ටමේ වගේ හිටපු අයනේ. ඉතිං ඒ අය කැමති නැහැ මෛත්‍රි මහත්තයා විධායක ජනපති වෙලා ඉන්නවා දකින්න. ඒ නිසා කලේම අනික් පැත්තට උදව් කල එක. මට හිතෙන්නේ එහෙමයි.(නදී)
ජනාධිපතිවරණය අවසන් වු වහාම පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිම නිසා තමයි මේ හැම අර්බුදයක්ම.(නදී)
යහපාලනය හරියට ක්‍රියාත්මක කරන්න පරණ හොරු හා වාසි පැත්තට හෝයියා කට්ටියත් එක්ක බැහැ. යහපාලනය රටට ගේන්න මුලින්ම හොඳ නිලධාරින් ටිකක් පත් කර ගත යුතුයි. මේ එහි පළමු පියවර සේ සිතෙයි. මෙය හරියටම හරි.(නදී)
මෛත්‍රි පත් කරගත යුත්තේත් තමන්ට එකට වැඩ කරන්න පුළුවන් අයයි. එය 100 %ක්ම නිවැරැදියි (නදී)
කකුලෙන් අදින අංචි අදින ලේකම්වරු දෙන්නෙක් එක්ක පක්ෂයක් ගෙනියන්නේ කොහොමද? අයින් කල එකමයි කාරිය. (නදී)
අපරාදේ! ඒ පැත්තට ගෙන්න ගන්නනේ තිබුනේ (නි)
විධායක බලයේ රඟ අපි දැක්කේ මීට මාස ගානකට පෙරයි. මේවා මොන විධායක බලද? තමන්ට වැඩ කරන්න පුළුවන් ලේකම්වරු පත්කර ගන්න නායකයාට අයිතියක් නැද්ද? එහෙම නැතුව වැඩක් කරන්න පුළුවන්ද? (නි)
සමහරුන්ට නම් මේවා හරි හොඳයි (නි)
හොඳ තීරණයක් ගරු ජනාධිපතිතුමනි. (නි)
නායකයා කියන දේ අහන්න බැරි ලේකම්ලා මොකටද? මේක කරන්න තිබුනේ මීට කලින්, ජයවේවා ජනාදිපති තුමනි, මේ රටෙන් අපි හොරු එලවමු. (නදී)
මේ ප්‍රශ්ණ නිසා අපි ඡන්දෙට යන්නේ නැහැ (නදී)
වැඩ පටන්ගෙන ඇත (නි)
ඉවත්කරපු අය අලුත් පක්ෂක් පිහිටෙව්වොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැතිවෙනවා (නදී)
නියමයි! (නදී)
පක්ෂයේ ව්‍යවස්ථාවට සහ මැතිවරණ සමයේ බලපවතනා රෙගුලාසි වලට අනුකූලවද මේක කළේ? මැතිවරණ සමයේ අලුත් පත්වීම් දීම සහ සේවක ස්ථාන මාරු කිරීම් තහනම්. (නි)
ප්‍රමාද වී හෝ සිදුවුණ ඉතා හොඳ වැඩක්. (නි)
මේ සිදුකරන ක්‍රියා නිසා මහින්ද මැතිතුමාගේ ජනප්‍රියතාවය තව තවත් තීව්‍රර වී ඇති අතර එතුමා වටා තව තවත් ජනතාව සමීප වෙමින් පවතී. (නි)
නියමයි (නි)
කලින් විය යුතුව තිබූ දෙයක් පසුව හෝ සිඳුවී තිබීම සතුටට කරුණක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොරුන්ගෙන් ගලවා ගැනීමට මෙය මහඟු අවස්ථාවක් වනු නොඅනුමානය.(නදී)
දැන් මහින්දට ඡන්දය දීලා වැඩක් නැහැ වගෙයි මට පෙනෙන්නේ (නි)
සමහරුන්ට නම් දැන් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළදීලා වගෙයි (නි)
ගමගේ,මීටවඩා වැඩකාරයෝ මේ පක්ෂය දාලා ගියා (නි)
නියමයි මහත්තයෝ (නි)
මෙතුමාගේ ගමන සාර්ථක වේවා! (නි)
දුමින්ද, ඔබට ජයවේවා! ඉදිරියට පරිස්සමෙන් යන්න (නි)
එතුමා ගිය දුර! (නි)
මම නම් මේ තීරණයට එකඟවෙන්නේ නැහැ (නි)
අපි ඔබ සමඟයි (නි)
සන්ධානයවත් ශ්‍රී ලංකා එකවත් කාගේවත් ප්‍රවේණිගත බුදලයක් නෙමෙයි. (නි)
අපි බලමු අන්තිමේදී වෙන්නේ මොකක්ද කියලා (නි)
ජයවේවා! නියමයිනේ! (නි)
අපි සඳුදට දෙන්නම්කෝ (නි)
නියමයි දුමින්ද! (නි)
මේ වනසන්නේ රටේ අනාගතයයි. නුපන් දරුවන්ගේ ලෝකයයි. (නි)
මේ රටෙන් අපි හොරු එළවමු. හරි තීරණයක්! තවම හොරු ජනාධිපතිතුමාට එරෙහිව හිතනවා නම් එය මෝඩ වැඩක් කියා සිතිය යුතුයි (නි)
නියමයි දුමින්ද, අපේ සම්පුර්ණ සහයෝගය! (නි)
ලුලා නැති වළට කණයා පණ්ඩිතයා (නි)
මේවා කරන්න තිබුණේ ඡන්දෙන් පස්සේ. එතකොට තමා හොඳ ලකුණු ලැබෙන්නේ. ඡන්ද වෙලාවේ මෙහෙම කරන එක හොඳ මදි. නමුත් මාත් මේ කට්ටියට විරුද්ධ පුද්ගලයෙක් (නි)
රටට ආදරය කරන ඔබ වගේ අය ඉන්නේ මේ රටේ පිනට. ඔබට ජයෙන් ජයම වේවා! (නි)
හොඳ තීරණයක් (නි)
පොඩ්ඩක් ඉවසගෙන ඉන්න මෙච්චර කාලයක් ඉවසගෙන හිටියා වගේ. මොකද එක රැයින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැහැනේ.කල් දෙන්න.ඊට පස්සේ තීරණ ගන්න. (නි)
අම්මෝ! ගිය දුරක්?? (නි)
ඔය පන්නපු දෙන්නගෙන් කෙනෙක් අතීතයේත් හිටියේ මඩේ හිටවපු ඉන්නක් වගේ. දුමින්දටයි විශ්ව වර්ණාටයි ජනතාවගේ පුර්ණ විශ්වාසය හා සහයෝගය! (නි)
යුද්ධය අවසන්කළ සරත් මහත්තයා හිරේ වැටීමත් මම දකින්නේ අපි ජාතියක් විදිහට ලබපු පරාජයක් කියලා (නි)
සභාපති ක්‍රියාකළයුත්තේ තමන් නායකත්වය දරන පක්ෂයේ දියුණුවටය (නි)
පක්ෂය කියන්නේ නායකයා නෙමෙයි. මේ අයට අනුව ලේකම් නායකයාට අනුව වැඩකළ යුතුද? (නි)
මේ වෙනකොට බොහෝ නිදහස් පක්ෂ පාක්ෂිකයින් පරාජය බාර අරගෙන ඉවරයි. බොහෝ නිදහස් පාක්ෂිකයින් අද හිතන්නේ දෙපැත්තට ඇදලා රට අස්ථාවර කරන නායකයෝ දෙන්නෙක් වෙනුවට එකට වැඩකරන්න පුළුවන් දෙන්නෙක් හින්දා රනිල් මෛත්‍රී ජනපති අගමැති සුසංයෝගය ගැළපෙන බවයි. තදම නිදහස් පාක්ෂිකයෝ නිවසේ රැඳේවි. පාවෙන නිදස පාක්ෂික ඡන්ද එජාපයට වැටේවි. (නි)
යහපාලනය කිය කියා දැන් මේ මොනවද කරන්නේ? (නි)
දේශපාලන ගැට ගැන අපි හොඳින් දනිමු. (නි)