හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පන්සල් ඇතුළු විවිධ ආයතනවලට කළ පරිත්‍යාග සංවිධානය කළ පුද්ගලයන් 21 දෙනකුගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරන්නට යයි.
ඔවුහු අද (17) රහස් පොලිසියට කැඳවනු ලැබ සිටිති.
හෙරොයින් මත්කුඩු ශ්‍රී ලංකාවට එවූ බව කියන වෙළේ සුදා හෙවත් සමන්ත කුමාරගේ ප්‍රකාශයක් අනුව රහස් පොලිසිය මීට පෙර දුමින්ද සිල්වාගෙන් දින 3 කදී පැය 20 ක් පමණ ප්‍රශ්න කළේය.
යළිත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ඉඩ ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න කරන කට්ටිය ප්‍රවේශමෙන්! (නි)
ඕකේ හොයන්නේ මොනවාද? කුඩු ජාවාරම් කාරයින්ට මොන තරම් සල්ලි තියෙනවද? දන් දෙන එක මහා වැඩක් නොවේ. පාර්ලිමේන්තු ගියෙත් කරදරයක් නැතුව කුඩු ජාවාරම කරන්න ඕන නිසා වෙන්න ඇති.(නදී)
ප්‍රශ්න කරනවා පමණක් මදි,කෝ දඬුවම්? (නදී)
අනේ ඉතින් එහෙමහරි එයා දන් දුන්නනේ (නි)
කාගෙ කාගේත් කිල්ලෝට වල හුණු ටික ටික තිබෙන හැඩයි (නි)
එහෙනම් සජිත් දන් දුන්නේ කොහොමද කියල හොයල බලන්නත් වෙයි නේද ? පන්සලක් පල්ලියක් ගානේ. (නදී)
දුන්න දේවල් ගැන හොයන්න එපා. එහෙම හොයන්නේ රොඩියෝ. ( ගම්මන්පිල මහතාගෙන් උපුටා ගන්න ලදී )
තවත් ඉන්නවා ඇමති කෙනෙක් 50000 ගානේ පන්සල්,පල්ලි,කෝවිල් වලට දවස ගානේ පුජා කරපු. අනික දැනටමත් එයා වැටුප්, නිල වාහන, නිල නිවස එපා කියනවා. මෙහෙම ජීවත් වෙන්න සහ සල්ලි දාන්න දෙන්න කොහෙන්ද සල්ලි ලැබෙන්නේ කියල සෙව්වොත් නරකද ? (නදී)
ප්‍රසන්න. හැබෑවක්මයි කියලා තියෙන්නේ. (ර)
ඔක්කොම එක වල්ලේ පොල් (නදී)
දුමින්ද දුන් දන් කාලා බණ කියපු අය ගැනත් සොයන්න. මේ දන් බෙදන්න ගත් දේවල් කෙසේ ලැබුනාද කියා ඒ කාලයේ සිටම සමාජය දැනුවත්ව සිටියා. (නි)
ඇයි අනේ එයා ප්‍රකෝටිපති පවුලක කෙනෙක්නේ. එයාගේ තාත්ත රටේ ජනාධිපති වෙලත් හිටියේ. එයාගේ තාත්තගේ සහෝදර සහෝදරියොත් හරි සල්ලිකාර කෝටිපති කුමාර ජීවිත ගත කරන අය බව දන්නේ නැද්ද?(නදී)
දන්නැද්ද සජිත් ගේ තාත්තගේ කාලේ නිදන් වලට මොකද උනේ කියලා. ටිකක් හොයල බලමු. දන්නැති කට්ටිය සීයලගෙන් අහල බලන්න (නදී)
දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න මිනිසුනේ. කමන්ට නැති නිසානේ මේ කෙකර ගාන්නේ. (නදී)
ප්‍රසන්න, එක නම් නියම කතාව හරි? (අ)
දැහැමි නොවන මාර්ග වලින් උපයා ගත් මුදල් වලින් කරන කිසිවක් පලක් නොවේ. ජාතියක්ම හා ජාතියේ අනාගත පරපුර අාගාධයකට හෙලා මාධ්‍ය සංදර්ශන ඔවුන්ගේම මාධ්‍ය වල දිනපතා පතුරමින් සිය පෞද්ගලික ප්‍රතිරූපය නංවා ගෙන ඇති ඵලය කුමක්ද?(නදී)
කරන කලට පව් මීරිය මී සේ........ (නි)
අනේ ඔයාලා එ්කවත් දන්නේ නැද්ද? එයාගේ ඩඩාට ස්විස් බැංකු වල සල්ලි තිබුනා. වෙන මාමලාගේ ඒ වගේ සල්ලිත් ඊළඟ ඡන්දෙට වියදම් කරයි (නදී)
මෙහෙ පන්සලක් පල්ලියක් ගානේ සල්ලි බෙදන ගමන් අරහේ අසරණ දරුවන් දහස් ගානක් කුඩු වලින් නැති බංගම වෙලා යනවා. හොදට හිටිය කොල්ලෝ බලන් ඉන්නකොට පතෝල කරල් වගේ කෙට්ටු වෙලා යනවා. හොරු බෝ වෙනවා. තවත් අවරුදු 6 කට දුන්න නම් කුඩු වලින්ම තරුණ පරපුර විනාස වෙලා යනවා. (නදී)
තව ලොකු කෙනෙක්ගේ පුතෙක් විවාහ වෙනකොට රත්තරන් කිලෝ 10 ක් තෑගි දීල තිබුන කියල අන්තර්ජාලයේ තිබුනා. ඒ ගැනත් හොයන්න. කුඩු වලට සම්බන්ද සියලුම දෙනාට තරා තිරම නොබලා දඩුවම් දෙන්න. (නදී)
මට මතක් වෙන්නේ දුමින්ද සිල්වාට සෙත් පතල ගංගාරාමයේ පවත්වපු බෝධි පුජාව ගැන.(නදී)
තවත් මොනවද හොයන්නේ? මොකුත් අහු උනේ නැද්ද ? (නදී)
වෙලාවට සල්ලි ටික අඩුවක් නැතිව බැංකු පොතට වැටෙනවානම් කුඩු නෙමෙයි ඕනෑම ජහ ජරාවක් රාජ්‍ය අනුග්‍රහයෙන් ලංකාවට සැපත් වුන කාලයක් තිබුන කියල ඉතිහාස ගත වෙනවා.(නදී)
බැංකු ගිනුම්ම 52 ක් තියෙනවලු. පාවෙන අවි ගබඩාවේ තිබෙන ගිනි අවි සහ කුඩු ලෝකයේ දරුණුම ගනයේ ත්‍රස්ත සංවිදාන වලට විකුණලා විශාල ධනස්කන්දයක් උපයලා තිබෙනවා කියල දැනට කරලා තිබෙන පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තිබෙනවා. ඉදිරියේදී කපුරු හාමිලා රටට කරලා තිබෙන්නේ මොනවද කියල දැන ගන්න පුළුවන් වේවි. (නදී)
කුඩු ග්‍රෑම් එකක් ළඟ තිබුණත් අල්ලලා නඩු අහලා හිරේට දාන රටේ , කුඩු කන්ටේනර් ගණන් ගෙනාව අයගෙන් තාම ප්‍රශ්න කරනවා , අපට මැරෙන්න හිතෙනවා මේවා අහුවම (දිල්)
අර ඡන්දයට කලින් අසුවුණුකොටි ගාණක විදේශ මුදල් ගැන පරීක්ෂණය සිදු කෙරෙන්නේ නැද්ද (දිල්)
හොරුන්ව ඡන්දෙ දීලා පත් කරන කම්භා හොරු වෙන කවුරුවත් නෙවෙයි අපියි. ඒ කියන්නේ රටේ ජනතාවයි. දැන් ඉතින් අපි අපිටම ටොකු ඇන ගමු. (නදී)
දුමින්ද ඔයා මහින්ද දිනවන්න හෙට නුගේගොඩ රැස්වීමට යන්න (නදී)
හොරුන්ට දඩුවම් දෙන එක හරිම හොදයි. මෙවැනි දේවල් නැවත සිදුනොවන්නට කටයුතු කිරීම ඊටත් වැඩියෙන් හොදයි. එහෙමනම් සියලු මැති ඇමති වරුන්ගේ ලේකම් වරුන්ගේ සහ ඔය හොරකම් කලා යැයි කියන තනතුරු වලට අලුතින් ආපු අයෙගේ වත්කම් හෙළිකර වැඩ කරගෙන යන්න. එතකොට ඊලග ආණ්ඩු පෙරලියේදී බය නැතිව අවංකව කෙලින් ඉන්න පුළුවන්. රට පනින්න ඕනි නැහැ (නදී)
දුමින්දව පාර්ලිමේන්තුවට ගෙනාවේ කවුද.? එයා මොන පක්ෂයෙන්ද මුලින්ම පාර්ලිමේන්තුවට ගියේ ? එතකොට දැනගන්න පුළුවන් එයාගේ මුල්ම දානය කාටද දුන්නේ කියලා. බොරු වැඩ කිසි දෙයක් වෙන්නේ නැහැ.(නදී)
කිංග්ස්ලි මහත්තයෝ, මුලින්ම පාර්ලිමේන්තුවට ගියේ නම් සන්ධානයෙන්. එතකන් හිටියේ පළාත් සබාවේ. (නදී)
හාමුදුරුවරු එක්ක කොළොන්නාවේ ලොකු සම්බන්ද කමක් තිබුනා. පන්සල්වලටත් දන්දුන්නා. විශේෂයෙන්ම ගොතටුව පන්සල නරකද ඒවත් පරීක්ෂා කලොත් (නදී)
ඔය එක්කම සජිත් දන් දුන්න හැටිත් හෙව්වා නම් කදිමයි (නදී)
දුමින්දට නාමයෝජනා දුන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් නේද ? පාර්ලිමේන්තුවට නුසුදුස්සෝ වැඩිපුර ගෙනත් තියෙන්නේ මේ පස්ස උඩ දාගෙන කෑ ගහන අයගේ පක්ෂයෙන් නොවේද ? සජිත් මහතා දන් දෙන්නේ කොහොමද ? එයාලට සල්ලි අච්චුවක් තියෙනවද? (නදී)
දුන් දේ ගැන නොසොයා ගම්මන්පිල න්‍යායෙන් කටයුතු කල මැනවි. ඒ වගේම යමෙක් වැරදිකරුවෙකු වෙනතෙක් ඉවසා සිටිනු මැනවි. ඔබ සැමට තෙරුවන් සරණයි.(නදී)
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා... නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්න එපා.... බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා.... හතුරෙකුටවත් මට වන් දුක වෙන්න එපා.... (නි)
මිනිස්සු දාන දීල බලපොරුත්තුවන්නේ දිව්‍ය ලෝකේ ගිහින් තව තවත් සැප ලබාගන්න උනත්, මේ මනුස්සයා වස්තු සපයාගෙන, සැප ලබාගෙන, දන් දීලා, අන්තිමට යන්න හදන්නේ " මහ උළු ගෙදරට" වගේ කියල රටේ ප්‍රසිද්ධ කේන්දර කාරයෝ කියනවා. (නදී)
අන්තිමට බලනකොට මෝඩයෝ අපි තමා. ඡන්දෙ දෙන්නේ අපිනේ. හොඳ මිනිහෙක් ඡන්දෙ ඉල්ලුවට දෙන්නේ නැහැනේ. (නදී)
තම වැටුප පරිත්‍යාග කළ අය ගැන වැරදියට හිතන්න එපා. එක්දහස් නමසිය අසුගණන් වල අම්බලන්ගොඩ සිටි මිචෙල් සිල්වා කියලා නගරාධිපතිවරයෙක් සහ ඔහුගේ ගෝලයන් තමන්ගේ වැටුප යෙදෙවුවේ නගරයේ දියුණුවට. (නි)
මේ ප්‍රශ්නය ගැන කුහක විදියට හිතන්න එපා. කුඩු බීවම, බීපු එකාට විතරක් නෙමේ වක්‍රව හැම කෙනෙකුටම අහිතකර ප්‍රතිපල ගේනවා. උපදින්න ඉන්න පොඩි එකාට පවා බලපානවා. අනෙක් එවුන් සල්ලි හොයපු විදිය බලන්න කියලා මේ වෙලාවේ යෝජනා කරන්නේ ලංකාවේ අම්මා කෙනෙකුගෙන් කිරි බීපු කෙනෙක් වෙන්න බෑ. රටට හෙන ගැහුවත් කමක් නෑ පක්ෂෙ බදාගෙන හිටියම ඇති.(නදී)
සමහරු අනුන්ගේ ඇහේ තිබෙන රොඩ්ඩ හොයනවා තමන්ගේ ඇහේ තිබෙන පොල් පරාලය පෙනෙන්නේ නැතුව. (නි)
දැන් මේ මනුස්සය විතරද අධර්මයෙන් දන් දීල තියෙන්නේ ? ඇයි අනෙක් උදවිය දැන් මාර්ග පල ලබලාද ඒ අයගේ මහා පරිමාණ බෙදිල්ල ගැන කතාවක් නැත්තේ. අපේ බදු සල්ලි වලින් පුද්ගලික දාන දීපු උදවිය ගැන උඩ ඉන්න දෙයියෝම බලා ගන්න ඕන. (නදී)
අද කාලේ පන්සල් පල්ලිවලට මාසෙකට දන්දෙන එක මහලොකු දෙයක් නෙමෙයි. හැබැයි කෝටි ප්‍රකෝටි ගණනින් ඡන්දෙට වියදම් කරන, බඩු බෙදාදෙන එක ගැන නම් ටිකක් හිතන්න වෙනවා තමයි (නි)
දැන් මේ පාලනය බලයට ආපු දා ඉඳලා කරන දේවල් බැලුවහම ඡන්දෙ දුන්න අපිට මොනවද ලැබෙන්නේ කියලා හිතෙනවා. කලින් ආණ්ඩුව මේ එක හොරෙක් ගැනවත් පස්සෙන් එළෙවුවේ නැහැ. ගිය ආණ්ඩුවට හොයන්න බලන්න දඬුවම් කරන්න තිබුණු අවස්ථා අතහැරලා දැම්මා. ඒකෙන් වුණේ පරාජය පමණක් නොවෙයි ඇත්ත හෝ බොරුව හෝ එළියට ආ එකයි. මේවා මතක්වනවිට ගිය ආණ්ඩුව යුද්ධයට තිබුන කඩුවෙන් කොස් කොට කොටා සිටි බව පමණයි තේරෙන්නේ. (නි)
හරියටම හෙවුවොත් ඔය නඩුවත් තවත් අවනඩුවක් තත්ත්වයට වැටෙව්ව බැරි නැහැ (නි)
අද හැමෝටම අමතක වු දෙයක් තමයි දුමින්දගේ වෛද්‍ය වාර්තා බොරුවට හදලා උසාවියට ඉදිරිපත් කල අයව. හැම දාම උසාවි වලට බොරු වාර්තා දෙන දොස්තරලා ඒවා දැන දැන උසාවි වලට ඉදිරිපත් කරපු නීතිඥ වරු සහ බොරු වාර්තා බව දැන දැන ඒවා බාර අරගෙන ඇප දීපු අධිකරණ නිලධාරීන් ගැනත් සොයලා බැලුවොත් තම යහ පාලනය සම්පුර්ණ වෙන්නේ. (දිල්)
අත්අඩංගුවේ තියාගෙන ප්‍රශ්න කරන්න බැරිද? සාමාන්‍ය මිනිසුන්ට කරන්නේ ඒකනේ (නි)