භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු කොළොන්නාවේදී ඝාතනය කිරීමේ නඩුවේ සැකකාර පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා ගැන සොයා බලා වාර්තා කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා රහස් පොලිසියට නියෝග කළේය.
ලබන 24 වැනිදාට එම වාර්තාව ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත් පැවැසුවේ මෙතෙක් දුමින්ද සිල්වා ගැන ඔහුගේ නීතිඥ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පමණක් ඔහු ගැන කතා කරන බවයි. රහස් පොලිසිය නිහඬ බවයි. දුමින්ද සිල්වා සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ලබයි.
පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා උසාවියට අපහාස කළැයි කියන පැමිණිල්ල ගැන දෙපැත්තේ ලිඛිත දේශන සළකා බලා තම තීන්දුව ලබන 24 වැනිදා ප‍්‍රකාශයට පත්කරන බවද මහේස්ත‍්‍රාත් පැවැසීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුසම්මිල්ට අල්ලස් දුන්න මිනිහා රට ඉන්නවා කිව්වම අධිකරනයෙන් කිව්ව ඔප්පු කරන්න කියලා. දුමින්ද ඉන්නවා කිව්වම එක කෙලින්ම විශ්වාස කලාද ?
දුමින්ද ගැන වාර්තාවක් අගමැතිතුමා ඉරිදා පත්තරේකට කියලා තිබ්බෙ.. ඒ ඒ රටේ අගමැතිනෙ..
හිරුණිකා......මොනවහරි තීන්දුවක් ලැබෙයිද ??
වැල යන පැත්තට තමයි මැස්ස ගහන්නේ කවුරුත්.....
හිරුණිකාව දැක්කම දුක හිතෙනවා....
මේව ගැන අපි කොච්චර කතා කළත් මෙහෙම හැමදාම ප්‍රතිචාර දැම්මත් මේවා නවතින්නෙ නැහැ.. මොකද මේවා ඉහලින් එන නියෝග... දැං රටේ නීතිය නැහැ.. උසාවි පොලිසි ඔක්කොම එකයි.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
නඩුවාරනම් කීයක් ඉවරද? නමුත් තවමත් ප්‍රශ්ණය එතනමයි.. උසාවිවල නඩු මෙච්චර පරක්කු ඇයි? ඒක රහස්පොලිසිය විතරක් දන්න රහසක්ද?
කතාව නම් දෝලාවෙන් ගමන පයින්
රුවන්,ඔයා හරියටම හරි.මටත් හිතෙන්නේ දැන් හදන්නේ හිරුණිකාව අල්ලන්න තමයි කියලා.
රටේ උසස් නිලධාරීන් මේ ඝාතනය පිළිබදව දන්නේ නැද්ද?
මේ වෙන දේවල් බලද්දි මගේ රට ලංකාව කියන්නත් ලැජ්ජයි
මේ රටේ ලොකු මිනිස්සු ..........තනිකර කරන්නේ පිස්සූ..................
කවුද මේ දුමින්ද කියන්නේ? මට නම් මතක නෑ. ඉතිහාස පොත් පෙරලා බැලුවත් හොයාගන්න නෑ.
ඇද්ද හූ...............හූ...........
ඇලඩිංගේ පුදුම පහණටත් නීතිය උගන්වන අළුත්කඩේ මේ ගොළු පොත් පිංච තිබෙනතුරු රටට අගතිය මිසක් සුගතියක් පේන තෙක්මානේවත් නැත මිතුරනි !!
මිනී මරුවො, මංකොල්ල කාරයො, පගා කාරයො, ස්ත්‍රී දූෂකයො නිදැල්ලෙ, තම පියා වෙනුවෙන් සාධාරණය ඉල්ලන හිරුණිකාට නඩු.
මෙයාගේ විස්තරය දෙන්නෙ නැත්තේ කවුද
යන විදිහට භාරතගෙ අපරාධකරැවන්ට දඩුවම් නැහැ... බලන්නකො මොකද වෙන්නෙ කියලා..
දැන්නම් උසාවි සහ නීතිය ක්‍රියාත්මක වෙන විදිය දැක්කම එම ආයතන ගැන මහජන විශ්වාශය කඩ වෙලා තියෙන බව නම් පේන්න තියෙනවා
රටක නීතියෙන් එම රටේ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නැත්නම් රටට යන කල කුමක්ද?
දාස, පාලකයෝ ම්නි මැරුවම නිදහස් අහින්සකයක් ම්නි මැරුවම ජීවිතාන්තය දක්වාම හිරේ ...
හිරැණිකාගැන අපි දන්නවා.. පව්...
ඇයි උසාවිය දුමින්ද සිල්වාට වරෙන්තුවක් නිකුත් නොකරන්නේ ? හරිනන් උසාවියට පුලුවනි ඉන්ටර්පෝල් පොලිසිය ලවා මේ සැකකරු අත් අඩංගුවට ගන්න . නමුත් ඇයි නොගන්නේ? අහිංසක හාමුදුරු නමක් දැන හෝ නොදැන චූටි වරදක් කලත් ගිරිය යටින් කෑගහල මුලු බුද්ධ සාසනයටම නිග්‍රහ කරනව . ඇත්තටම අද ලංකාවේ විපක්‍ෂයක් තියෙනවාද ? එයාල ඇහැරෙන්නේ චන්දෙයක් ආපු දවසට පමනයිද?
සීඅයිඩී එකෙන් පක්ෂග්‍රාහීව කයුතු කරන තෙක් මේක සාධාරණයක් සිදුවන්නේ නැහැ..
හිරුණීකා උසාවියට අපහාස කළා කියලා කියන්නත් පුලුවන් කියලා කතාවකුත් තියෙනවා නේද? අනික් එක්කෙනා ගැන නම් කතා කරන එකත් අපරාදේ
අපි අනුන්ගේ සීනි කිරන්න යන්න ඕන් නෑ.ඒක එයාලා බලා ගනී
දුමින්ද ගැන කතාකරන එකත් ලැජ්ජාවක්.. කොහොම උනත් සමහර විට හිරැණිකා උසාවියට අපාස කළා කියලා හිරේ දාන්නත් බැරි නැහැ..
මිනි මෙරුවට හිරේ දන්නේ නැහැ . එත් උසාවියට අපහස කලාම හිරේ දන්න පුළුවන් . රටටම විහිළු සපයන තැනක් වේගන එනවද මන්ද . අපිට දුකයි මේ රටට වේගන එන දේ දැක්කම පුරවෙසි කමක් හදාගන වෙන රටකට යන එක හොඳයි වගේ .