හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වාට නාම යෝජනා ලබාදෙන්නැයි ඉල්ලමින් ඔහුගේ පාක්ෂිකයන් පිරිසක් මේ මොහොතේ ශ්‍රීලනිප නාමයෝජනා අත්සන් කෙරෙන කොළඹ මහවැලි කේන්ද්‍රය අසලට එක්රැස්ව සිටිති.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී මේ බව පැහැදිලි කිරීමට භික්ෂූන් ප්‍රමුඛ විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන්ට ජනපති හමුවීමට නොහැකි විය. විපක්ෂ නායක කාර්යාලයටද පිරිසක් පැමිණි අතර මහවැලි කේන්ද්‍රයේ සිටි දිනේෂ් ගුණවර්ධන මහතා ඔවුන් හමුවී කියා සිටියේ දුමින්ද සිල්වාට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් අද සවස සන්ධානයේ විශේෂ රැස්වීමක් පැවැත්වෙන බවයි.
මේ අතර පැමිණ සිටි පිරිසෙන් කිහිප දෙනෙක් ජනපති හමුවීම සඳහා කැඳවාගෙන ගිය බවත් වාර්තාවේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලිබබාගේ ඉල්ලීම ලැබෙනවා නම් හොරු 40 ත් ඉල්ලීම සාධාරණය. වර්තමාන ජනාධිපතිතුමා අපහසුවට පත්කිරීමේ කුට උත්සාහයකි. බෞද්ධ භික්ෂුන් වහන්සේලා මෙවැනි තත්ත්වයකට පත්වීම බෞද්ධයන්ට සිදුවන නින්දාවකි. වැලි රාජුට ජනතාව ලබාදී ඇති නාමය වගේම කුඩු දුමින්දටද ජනතා නාමය පුද කර ඇත. නිවැරදි ස්ථාවරයේ සිටීම වගකිව යුතු අයගේ යුතුකමය. (බ)
ලෝකෙ කොහෙවත් නැතිව ඇති මේ වගේ හරක් ටිකක්... වෙන රටවල කියන්නෙ හොරුන්ව එපා කියල. අපේ එවුන් මැරෙන්න හදන්නෙ හොරු ඕනෙ කියල. (බ)
හොරා කියල ඔප්පු වෙලා තියනවද ? (නදී)
ඔය කැරලි ගහන්නේ කොහොම අයද කියලා හිතාගන්න පුලුවන් (නි)
මෙතන ඉන්න ගොඩක් හාමුදුරුවරු පොඩි අය. සල්ලි දීල එක්කන් අාවට මොකද ආවේ මොකටද කියලවත් දන්නේ නැතුව ඇති. (නදී)
හාමුරුවරු ගැන ඇත්තටම දුකයි (නි)
පිරිසක් පටු වාසි තකා මේ ඉල්ලන්නේ මොනවද? ගම ගැන නොහිතා රට ගැන හිතන්න. මොහු ඉවත් කර ඇත්තේ හොඳට දන්නා කියන අය. චානක, ඔබ හරි (නි)
පුදුමයි මෙවන් මිනිසුන් වෙනුවෙන් අපේ චීවරධාරීන් පෙනිසිටිම (නි)
රටට ගිය කලක් ? (නි)
අපේ රට පිළිබඳව සිතනවිට දැනෙන්නේ හරිම සංවේගයකි.පාර්ලිමේන්තුව නියෝජනය කළයුත්තේ උගතුන්, බුද්ධිමතුන්, ප්‍රඥාවන්තයින්ය. ඕනෑම අපරාධයක් කරන්නට විලිබිය නැති මිනිසුන් සිටිය යුතු තැන ගැන අවබෝධයක් රටේ මිනිසුන්ට ලබාදිය යුතුව ඇත. (නි)
මේ මිනිසුන්ට මොනවා වෙලාද? (නි)
අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)
මටනම් මේවාට ලියන්න දේවල් තියනවා ..ඒවා ලිව්වොත් අපේ කතෘ තුමාව අපහසුවට පත්වෙනවා ඒ වා කියවන්න බැරිව සහ පුවත්පතේ පලකරම්දෝ නොකරම්දෝ ..? කියල ඒ නිසා නොලියා ලියන්නේ නීතියක් නැති රටේ කුඩු රජවෙනවා කියල...? (බ)
මේවාට සහභාගි වෙන කට්ටිය ගැන මට නම් මොකුත්ම හිතාගන්න අමාරුයි (නි)
ලංකාවේ මේ තරම් නුගත් මිනිස්සු ඉන්නවද ? (නදී)
දුමින්දට නාමයෝජනා දියයුතුයි. එතුමාගේ වැරැද්දක් තියනවා නම් ඒකට නීතිය තියනවා දඩුවම් දෙන්න.අනික මිනිසුන් එතුමාට ඡන්දය දෙනවා නම් ඒක අනෙක් අය ප්‍රශ්නයක් කරගතයුතු නැහැ.කිසිම වරදක් කරලා නැහැ හරිම හොඳයි කියලා මිනිසුන්ට සළකන්නේ නැත්නම් දුප්පතුන්ට උදව් කරන්නේ නැත්නම් එවැනි දේශපාලකයන්ගෙනුත් රටට වැඩක් නැහැ.එමනිසා එතුමා සිටිය යුතුමයි. (නි)
අනේ අපේ හාමුදුරුවනේ (නදී)
මෙයාට දුන්නේ නැති උනාට මගේ නම් කිසිම අමනාපයක් නැ. (ර)
මෙතන ඉන්න සමහර හමුරුදුවෝ දැක්කම හිතෙනවා අඩුම ගානේ ඡන්දෙ තියෙනවත්ද කියලා. දෙන්න නම් එපා කොච්චර සද්දේ දැම්මත්. (නදී)
අනේ හාමුදුරුවොත් ඇවිල්ලා! (නි)
ඒ තරම්ම ජනතාවට සේවය කළ කෙනෙක්ද මෙතුමා? දන්නේ නැති නිසයි ඇහුවේ. (නි)
කලබල වෙන්න එපා.හෙට වෙනතුරු ඉවසලා ඉන්න (නි)
අනේ අපේ ශාසනයට ගිය කලක්! (නි)
විදුලි බිල වැඩි කළාම ඒක හොඳයි කියලා පෙලපාලි ගිය රටක් මෙහෙම හරක් ඉන්න එක අහන්න දෙයක්ද. (නදී)
අනේ ස්වාමීන් වහන්සේලා පන්සලට වෙලා අපිට දහමක් දෙසන්න (නි)
අනේ මිනිසුනේ,දැන්වත් මොළේ කල්පනන කරලා වැඩ කරපල්ලා.දැනටමත් රට ඉවරයි.දේශපාලනයට උගත් බුද්ධිමතුන් දාන්න උත්සහ කරන්න.සල්ලි තිබුනට දේශපාලනය කරන්න බැහැ.පුළුවන් තමන්ට විතරක්. (නි)
දුමින්දට නාම යෝජනා දියයුතුයි කියන මතේ මමත් ඉන්නවා.චෝදනා තිබුන පළියට මෙහෙම කරන එක අසාධාරණයි.ඔහුට යම් ජන පදනමක් කොළඹ දිස්ත්‍රික්කය තුළ තිබෙනවා.ඔහු යම් මෙහෙවරකුත් දුප්පතුන් වෙනුවෙන් කරනවා.ජනතාව ඔහුව පිළිගන්නවා නම් ඔහුට ඉඩක් දෙන්න ඕනෑ.චෝදනා තිබු පමණින් ඔහු වරදකාරයෙක් වෙන්නේ නැහැ.චෝදනා ඔප්පු කරවලා හිරේට දාන්න ඕනෑ නම් මන්ත්‍රීකමේ හිටියා කියලා ප්‍රශ්නයක් නැහැනේ. (නි)
නාමයෝජනා දීලා බලන්න ජනතා මනාපය මොකක්ද කියලා (නි)
බුදුහාමුදුරුවන්ගේ චීවරයට මේ කරන නින්දාව මොකක්ද? (නි)
ඔන්න ඔහේ දීලා දාන්න ඕක (නි)
ආයේ ඔප්පු කරන්න දෙයක් නැහැ. එයා වැරදි කරලා නැහැ (නි)
මගේ රටට දළදා හිමි සරණයි හාමුදුරුවනේ! (නි)
ලංකාවේ බුද්ධාගමට ගිය කල! කා වෙනුවෙන්ද මේ දඟලන්නේ. (නි)
පිවිතුරු යහපාල කියන මතයේ මමත් ඉන්නවා. දැනට නිර්දෝෂී දුමින්දට නාමයෝජනා නොදීමට මමත් විරුද්ධයි. (නි)
ඇයි මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ? (නි)
හාමුදුරුවරුත් ඇවිල්ලා ඉන්නේ? (නි)
පව් අනේ! දුමින්දට දෙන්න. (නි)
මට නම් තේරෙන්නේ නැහැ. රටට අවශ්‍ය ශිෂ්ට නියෝජිතයෝ. (නි)
පවු දුමින්ද! (නි)
මෙතන මේ උඩ පැනගෙන කෑගහන අයද ඒගොල්ලන්ට කන්න දෙන්නේ? (නි)
පිවිතුරු යහපාල, ඔයා නම් තාත්තා කෙනෙක් වෙන්න බැහැ (නි)
හාමුදුරුවරුන්ට සසරෙන් එතෙර වෙන්න ධර්ම දේශනා පමණක් අපට කරන්න කියලා වැදලා ඉල්ලීමක් කරනවා. (නි)
මේ ඉන්නේ මොන වගේ කට්ටියද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. (නි)
අනේ හාමුදුරුවනේ! (නි)
ලෝකයේ මෙහෙම මිනිස්සු වැඩියෙන්ම ඉන්න රට ලංකාවයි. (නි)
මිනිසුන්ට ඇත්ත තේරුම් ගන්න මොළයක් නැහැ. (නි)
පිවිතුරු යහපාල, ඔයා මොනවද දන්නේ? (නි)
රොබට් මහත්තයා දන්නවට වඩා පොඩ්ඩක් වැඩියෙන් මම දන්නවා (නි)
ඇස්,කන්,මොළ ඇති මිනිසුනේ,ඇයි ටිකක්වත් තේරුම් ගන්න බැරි? (නි)
දුමින්ද ආවොත් මගේ ඡන්දය නැත. (නි)
එතකොට දුමින්ද සරණ ගිය අයද මේ? (ම)
මෙයාලා වෙනුවෙන් පෙළපාලි යන්න අලුතින් සිවුරූ දාගෙන එන්න වුණත් සුදානම් පිරිසක් අපේ රටේ ඉන්නවා. (නි)
මහින්ද රාජපක්ෂට දුන්නානම් ඇයි දුමින්ද සිල්වාට දෙන්න බැරි ? (ම)
නාම යෝජනා දුන්නොත් ඔහු සමහරවිට දිනයි. නමුත්, සන්ධානයේ ඡන්ද පදනම අඩු වෙයි. මේ නිසා සන්ධානයේ සමස්ත ආසන සංඛ්‍යාව පහළ බසී. එක්සත් ජාතික පක්ෂයත් කැමති ඇති ඔහුට නාම යෝජනා ලැබෙනවානම්.(ම)
මේ සිව්රු ඇඳගෙන ඉන්නේ ඇත්තේ බුද්ධ පුත්‍රයන්ද ? (නදී)
සල්ලි, මත්පැන් , මත්කුඩු , මේ සියල්ලම එකතු කොට බලයට එන්න දරණ වෙහෙස? (අ)
මට හිතාගන්න බෑ ලංකාවේ මිනිස්සුන්ගේ අධ්‍යාපන තත්ත්වය ගැන . ඇත්තටම දුකයි . කෙනෙක් අහල තියනව මෙතන කෑ ගහන අයද මේ මිනිස්සුන්ට කන්න දෙන්නේ කියල.. එයාට තේරෙන්නේ නෑ (අ)
ඔළුවෙන් හිටගෙන ඉල්ලුවත් නාමයෝජනා නම් දෙන්න එපා (නි)
අනේ අපේ හාමුදුරුවනේ! (නි)
හාමුදුරුවරුනේ, මේ වැඩ වලට විරුද්ධව පෙරට එන්න. භික්ෂූන් මෙලෙස හැසිරීම සුදුසු නොවේ (නි)
ප්‍රජාතන්ත්‍රවාදය වනාහි මෝඩයාගේ පාලන ක්‍රමයකි කියල අපි ඉගනගෙන තියෙනවා මට මතක විදියට, එබ්‍රුම් ලිකන් ගේ කියමනක් වැරදිනම් නිවැරදි කරන්න. (ස)
දුමින්දවම මොකද ඕනෑ? (නි)
අපේ පැත්තේ ඇට පඹයෝ වගේ හිටපු කොල්ලෝ කුරුට්ටෝ දැන් ටිකක් මස් දාල ඇවිල්ලා. (බ)
සල්ලි වලට අපේ පොඩි සාදුලා ටිකක් කඩේ යනවා වගේ. බයවෙන්න එපා එයාටත් ලැබෙනවා (නදී)
භික්ෂුන් වහන්සේලාත් පක්ෂපාති වගෙයි මේවයින් පෙනෙන්නේ (නදී)
අපේ මහා සංඝරත්නය ගැන මට හරිම සංවේගයක් ඇතිවුණා (නි)
මේ සිවුරු දාගත් අය මොනවද මේ බලාපොරොත්තු වෙන්නේ? මේ අය මහා සංඝරත්නයට අයිතිද? ඇයි එහෙනම් අපේ මහා සංඝරත්නයට අපහාස කරන්නේ? ජනපතිතුමා පැහැදිලිවම හා ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරලා තිබෙනවා කුඞු,එනතෝල්,මැරබලයට සම්බන්ධ කිසිම කෙනෙකුට නාමයෝජනා නොදෙන බවට.රටම ඉතාමත් අප්‍රසන්නවයි මේ ප්‍රවෘත්ති දකින්නේ. (නි)
රටේ මුර දේවතාවන් වන සංඝරත්නයේ ඉල්ලීමට ඇහුම්කන්දී මෙතුමාට නාම යෝජනා ලබා දෙන්න (නදී)