ජාත්‍යන්තර හෙරොයින් ජාවරම්කරුවකු බව කියන වෙලේ සුදා සමඟ මුදල් ගනුදෙනු කළැයි කියන සිද්ධියක් මත රහස් පොලීසිය අද (12) තෙවැනි දිනටත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් පැය හතක් ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පෙරවරු 9.30ට පමණ එහි ආ ඔහුගෙන් අද වන විට පැය විස්සක් පමණ ප්‍රශ්න කැර ඇත.
යළි ප්‍රශ්න කිරීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම් දෙන්න පෙර වැරදි කළ බව තහවුරු කරගන්නයි ප්‍රශ්න කරන්නේ (නි)
කෝ අර අරයා කියපු සාක්කි? රටේ නීතියට අනුව සාක්කි නැත්තම් කවුරුවත් හිරේ යවන්න බැහැ.නැත්තම් විත්තිකරු ඇප මත නිදහස්.අයියෝ! අපි මෝඩ වුණාවද්ද? (නි)
පරීක්ෂණයක් හරියට කරන්නේ නැත්නම් හෝ එයට ඉඩකඩ නැත්නම් නිකන් මහජනයා කුහුලට පත්කරමින් පැමිණිලි කිරීම හොඳ නැහැ. දැනට යම් කෙනෙකුගේ වරදක් ගැන පැමිණිලි කර තිබේ නම් හරියට කරන දෙයක් කළයුතුයි. දැන් කී දෙනෙකුගේ අසවල් වැඩේ වැරදියි නීතිවිරෝධී කියමින් කල්ගත වුණාද ? (නි)
මිනිමැරුම් චෝදනා, කුඩු චෝදනා සියල්ල තියාගෙනත් මොනවද මේ කතා කර කර කරන්නේ? ඇයි සැකපිට අත්අඩංගුවට ගෙන පරික්ෂණ නොකරන්නේ? මෙහෙම හැමෝගෙන්ම ප්‍රශ්න කරලද අත්අඩංගුවට ගන්නේ? (නි)
අපේ රටේ තියෙන්නේ අමුතු වැඩම තමා. (නි)
කවින්ද , දඬුවම් දෙන්න පෙර පරික්ෂණ කරන්න පහසු වෙන්නයි සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නේ සාමාන්‍ය කෙනෙකුගෙන් නම්. (නි)
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකක් ඕනා කිව්වලු.. මේ හදන්නේ අපරාධකාරයෝ බේරන්න. එහෙම උනොත් මහින්දගේ ආණ්ඩුවට වෙච්ච දේම තමයි මේ ආණ්ඩුවටත් (බ)
එකත් එකටම පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා ඇති (බ)
මේවා නම් හොයන්නම ඕනෑ, නිරපාදේ මිනිස්සු අමාරුවේ දානවට (නි)
දිනපතාම එතුමාව ගෙන්වාගන්නේ මොකද? (නි)
මෙහෙම හැමෝගෙන්ම ප්‍රශ්න කරලද අත්අඩංගුවට ගන්නේ? කොච්චර හොඳද නේද? ඔහොම දිගටම ප්‍රශ්න කරමු නේද? (නි)
ප්‍රශ්න කරනවා විතරද? ඔච්චර මොනවද ප්‍රශ්න කරන්න තියෙන්නේ? (නි)
මෙයා ඡන්දයට පෙර අත දිගහැරලා බෙදුවේ කොහොම ආපු ආදායමකින්ද කියලා දැන් හිතාගන්න පුලුවන් (නි)
ප්‍රශ්න කරනවා, ටික ටික කල්යනවා කියන්නේ....? අනේ මන්දා ඉතින්... (නි)
එයත් දැන් වැඩකරන්නේ රහස් පොලිසියේ වගෙයිනේ හරියට (නි)
රට කරවන වැදගත් මහත්වරුනි, යහපාලනය යනු "කිසිවකට අතනොතබා ඔහේවීමට ඉඩහැර බලා සිටීමද නොවේ" යනු සාමාන්‍ය මහජනතාවගේ අදහසයි. මැදිහත් වියයුතු තැන මැදිහත් වියයුතුයි. එසේ නොකිරීමද බලවත් වරදකි. (නි)
නිර්මල, ඔබ හරියටම හරි. රට යන අත, රට කරවන ආකාරය ගැන මහජනයා වෙන කවරදාටත් වඩා මෙකල අවදියෙන් සිටිනවා. (නි)
ජනතාව බලය දුන්නේ එකී බලය රටේ පොදු සමාජයේ උන්නතියට, රට පිරිසිදු කරන්න පාවිච්චි කරන්න මිස ළඟ තියාගෙන ඉන්න නෙමෙයි නේද? (නි)
රණසිංහ මහත්තයා, ඔබ නිවැරදියි. "යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද" කියලා අපේ පැරණි කියමනක් තිබෙනවා. (නි)
ප්‍රමාදය පසුතැවිල්ලට මුලයි... (නි)
හොරකම, දූෂණය වගේ දෙයක් සිදුව ඇත්නම් එය ප්‍රමාණාත්මකව ගණනය කර සිදුවී ඇති පාඩුව මැනිය හැකියි. නමුත් මත්ද්‍රව්‍ය වලින් රටකට වන හානිය මුල්‍යමය වශයෙන් මැනිය නොහැකි දෙයකි. එය රටේ වර්තමානය අනාගතය යන දෙකම වනසන මනස විකල්වු පුරවැසියන් බිහිකරන වචනයෙන් විස්තර කළනොහැකි ජාතික ව්‍යසනයකි. (නි)
මොනවද මෙච්චර ප්‍රශ්න කරන්නේ? (නි)
මහජනතාව මේවා ඉක්මන් කරන්න රජයට හා අදාළ බලධාරින්ට බලපෑම් කළයුතුයි. (නි)
මේක මෙහෙම ඉබි ගමනින් ගියොත් යහපාලනයට අළුත් නිර්වචනයක් දෙන්න වෙයි. (නි)