මෑත කාලයේ ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම්ගත් ගීත අතරින් "අවසාන ප්‍රේමයි මාගේ” ගීතය හරහා දිමන්ක වෙල්ලාලගේ කියන ගායන ශිල්පියා මතකයේ රැඳෙන ගායන තරුවක් බවට පත්වුණා. ප්‍රේමය, විරහව, ශෝකය කියන හැඟීම් තාරුණ්‍යයට නුහුරු නුපුරුදු අත්දැකීමක් නෙමෙයි. කඳුළ සහ ප්‍රේමය ආදරණීය සිත්සතන්වලට ආමන්ත්‍රණය කරන්නට සමත්වූ දිමන්ක, පසුගියදා අලුත් ගීතයක් එළි දැක්වූවා. එහි ඕඩියෝව පමණක් සිදුකර ඇති අතර, පෙරේදා එම ගීතයේ වීඩියෝව එළිදැක්වූවාය. ඒ පිළිබඳව ඔහු අප සමග මෙසේ පැවසීය.
"ආදරෙයි කාටවත් මේ තරම්^ තමයි ගීතය නම් කරලා තියෙන්නේ. සංගීතය කළේ තිළිණ රුහුණගේ, මෙහි පද රචනාව රචිතා වාකිෂ්ඨගෙන්. වීඩියෝ එක කළේ අයේෂා දිසානායක කියලා කෙනෙක්. ඔය විදිහට තමයි ඒකේ කටයුතු වුණේ. ඉතිං පෙරේදා දිනයේදී එම වීඩියෝ එක බලා ගන්න රසිකයන්ට අවස්ථාව ලැබුණා. එහි ඕඩියෝව නම් ඉතාමත් ජනප්‍රිය වෙමින් වුණා. මම හිතනවා මේ වීඩියෝවත් රසිකයන් වැළඳ ගනී කියලා.*
ආදරෙයි කාටවත්
නැති තරම් කියා
මේ වගේ ආයෙමත්
කියන්නත් එපා
ඩිලාන් ක්‍රිෂාන්ත
ඡායාරූප - දිමන්කගේ ෆේස්බුක් ගිණුමෙනි
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දිමන්කගේ 'ආදරෙයි කාටවත්' එළිදකියි