අම්පාර දමන කෙත්සිරිගම මාර්ගය පිළිසකර කර දෙන මෙන් ඉල්ලමින් ගම්වාසින් දහසකට වැඩි පිරිසක මහා වැසි නොතකා , වාහන ගමනාගමනය ද වළක්වමින් උද්ඝෝෂණයක් කළහ.
එම මාර්ගයේ ගමන් ගන්නා බස් 14ක් ද නතර කිරීමට සිදුවය.
වඩිනාගල කෙත්සිරිගම කළුගොල්ල හිදකළුගම මොරගහපල්ලම කොක්නාහර වැනි ගම් රැසක ජනතාව කියනුයේ වසර ගණනාවක් තිස්සේ පාර අබලන් වී ඇති බවයි. පාර මැද ජලාශ බවට පත්ව ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව හිටවන්න (ස)
ඉතා හොද වැඩක් (දී)
යටිතල බෝගයක් (දී)
මේ පාර අවුරුදු ගාණක් තිස්සේ ඔහොම තමයි. මෙතනත් තියෙන්නේ දේශපාලන ප්‍රශ්න (ස)
හිතුන ගමන් ඇවිල්ලා හිටෝලා ගියා නොවෙයි. කොච්චර කියලත් අහන්නේ නැති නිසා තමයි මේ විදිහට කියුවේ (දී)
වෙන මොනවා කරන්නද ඒ මිනිස්සු (දී)
අනවශ්‍ය විදිහට වියදම් කරන එක නවත්වලා මේ වගේ වැඩක් කරන්න (දී)
බය වෙන්න දෙයක් නෑ. කෙසෙල් කැනක් හැදෙනකම්ම පාර හැදෙන එකක් නෑ (ස)
අයියෝ සල්ලි (දී)
අපි වවමු රට නගමු...මහපාර මැදත් (ස)
අනේ ඒ පාර හදලා දෙන්න (දී)
මිනිස්සු වගා කරන්න කොච්චර කැමතිද කියලා මේකෙන්ම පේනවානේ..අපි වවමු... (ස)
මෙන්න නියම ආසියාවේ ආශ්චර්‍යය (ස)
වෙන මොනවා කරන්නද (දී)
වෙන මොනවා කරන්නද (දී)
වඩිනාගල පහුගිය කාලේ හෙල්ලුන හින්දද පාරවල් කැඩුනේ? (ස)
කිරුල මේ දවස්වල කොයි හරියේද තියෙනවා කිවුවේ.. (දී)
කාර් රේස් එකක් ඔය පැත්තටත් ගෙනාවා නම් නිකම්ම පාරවල් ටික හැදෙනවානේ..!(නු)
ලංකාවෙ හදන කොන්ක්‍රීට් පාරවල් බොහොමයක් කෙසෙල් පොල් වගාවට සුදුසු ඒවා තමයි..!(නු)