බදුල්ල, දෙමෝදර මාර්ගයේ කිරි මධ්‍යස්ථානය අසල නාය යෑමෙන් මිය ගිය දරුවෙකු හා ඔහු බේරාගැනීමට ගිය අසල්වැසියෙකුගේ සිරුරු සොයා ගැනීම අසාර්ථක වීමෙන් පසු සිය ගානක් ගැමියෝ මහ වැස්සේ මහ පාරේ නිදා සිටිති.
සන්දානයේ ජනාධිපතිවරණ රැස්වීමකට එම ප්‍රදේශය ඔස්සේ බස් වලින් යමින් සිටි පිරිසක්ද මේ හේතුවෙන් ඉදිරියට යාමට නොහැකිව කොටු වී සිටිති.
පාරේ දිගාවී විරෝධය පාන පිරිස් කියනුයේ මිය ගිය දෙදෙනා සොයා දෙන තුරු පාරෙන් ඉවත් නොවන බවයි.
යුධ හමුදාවද ඒ අසල සිටියත් ඔවුහුද අසරණ වී සිටිති.
කන්ද නාය යද්දී දරුවා කෑ ගසාගෙන එළියට අා බවත් ඒ ශබ්දය ඇසුනු එතනින් ගිය වැඩිහිටියෙකු ඔහු බේරාගැනීමට යත්ම දෙදෙනාම පස් කන්දට යට වී ඇති බව කියති.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් පාරේ නිදාගෙන හරියනවද.? හමුදාවේ අය එක්ක එකතුවෙලා කන්ද පීරන්න එපෑය. (ර)
මෙවන් සිදුවිම් කාටවත් සිදු නොවේවා (දිල්)
මෙම එකමුතුබව අපි අගය කරමු (නි)