IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දමිතාගේ අපේක්ෂිත ඇපය විසිවෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා, රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළැයි කියමින් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ප්‍රසිද්ධ රංගන ශිලිපිනියක වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍ර කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) ප්‍රතික්ෂේප කළේය.

දමිතා අබේරත්න මහත්මිය පවතින නඩු සඳහා ඇප මත සිටීමත් දිගින් දිගටම පැමිණිල්ලට සහාය නොදී විමර්ශන කටයුතු මඟ හැර සිටීමත් පැමිණිල්ල සම්බන්ධයෙන් අගාමික විගාමික පනතේ 45(ඇ) වගන්තිය යටතේ කරුණු වාර්තා කර තිබීම නිසා ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණය බලයක් නොතිබීමත් හේතුවෙන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රකාශ කළේය.

තමන් ප්‍රසිද්ධ රංගන ශිලිපිනියක් මෙන්ම දේශපාලනයේ නිරත වන්නියක වීම හේතුවෙන් දමිතා අබේරත්න මහත්මියට අපකීර්තියක් ගෙන දීම සඳහා කළ පැමිණිල්ලක් බව පවසමින් ඇය සහ ඇයගේ සැමියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය ගොනු කර තිබිණ.

එහිදී අදහස් දක්වමින් දමිතා අබේරත්න මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා පවසා සිටියේ මෙම පැමිණිල්ල කිසිම සාධකයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අරමුණින් අගාමික විගාමික පනත යටතේ කරුණු වාර්තා කිරීම වැරදිසහගත බැවින් එම කොටස අවලංගු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ රිට් පෙත්සම් 2 ක් ගොනු කර ඇති බවත් එය අප්‍රේල් 2 වැනිදා විභාගයට ගන්නා බවත්ය

දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ, නීතිඥ තරිඳු වික්‍රමනායක, නීතිඥ හිමාෂ ප්‍රනාන්දු, නීතිඥ අස්තික දේවේන්ද්‍ර, නීතිඥ හරිත් හෙට්ටිආරච්චි මහත්වරු පෙනී සිටියහ.



අදහස් (5)

දමිතාගේ අපේක්ෂිත ඇපය විසිවෙයි

Prabha Wednesday, 27 March 2024 06:14 PM

නොසැලෙන්න ලක් අම්මේ... පුතාණෝ ඔබ බේරාගනු ඇත.

:       5       61

ගමේ එකාලා Wednesday, 27 March 2024 06:37 PM

සමගි ජන බලවේගයේ කාන්තාවන්ට හොඳ ආදර්ශයක්? උඩපැනපු විදියට දැන් පස්ස බිම ඇනිලා. හිරුණිකා ඇවිත් බේරගනීද?

:       5       45

fairoos Thursday, 28 March 2024 12:40 PM

දේශපාලන පලිගැනීම්

:       14       0

Bamunuarachchi Friday, 29 March 2024 10:46 AM

ඊළඟ පාස්කු දවසේදී බෝම්බ ගහයි කියලා පල්ලි වලට ආරක්ෂාව දෙන්න යනවා.

:       0       0

GAMA VARESE Thursday, 28 March 2024 08:26 PM

මේ පාහර ගෑනි මාස හයකට ඇතුලට දාන්න ඕන

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site