දෙමටගොඩදී වෙළඳ සේවකයකු පැහැරගෙන පහරදුන්නැයි කියන සිද්ධියේ ඩීවීඩී වීඩියෝ හා පටිගත කළ සීසීටීවී දර්ශන ද මන්ත්‍රීවරිය පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේ වීඩියෝ දර්ශන මොරටු විශ්ව විද්‍යාලයට යවා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහිරාන් මහතා වැල්ලම්පිටිය පොලිසියට නියෝග කළේය.
සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රිය ගැන යම් අයිතිවාසිකමක් ඇත්නම් ලබන නඩු දිනය වන ජනවාරි 26 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරියට නියෝග කළාය.
ඩිෆෙන්ඩර් රිය ගැන මහේස්ත්‍රාත් එම නියෝගය කළේ දෙමටගොඩ වෙළඳ සේවකයා පැහැර ගැනීමට යොදාගත්තැයි කියන එම රිය මුදාහරින්නැයි නීතිවේදී ගුණරත්න වන්නිනායක මහතා ඉල්ලා සිටි අවස්ථාවේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් කළැයි කියන අපහාසාත්මක ප්‍රකාශය ගැන විමසීමට ඔහු උසාවියට කැඳවන්නැයි ද නීතිඥවරයා ඉල්ලා සිටියේය. මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කළේ තමා කටයුතු කරනුයේ දූෂමාන ආරංචි මත නොවන බවයි. විභාගය ජනවාරි 26 වැනිදාට කල් තැබිණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා ඇගේ ආධාරකරුවෝ පිරිසක් ඇප මත මුදාහරිනු ලැබ සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි නීතිය ක්‍රියාත්මක වෙන්න නෙවෙයි ඕන. නීතිය කාටත් සාධාරන වෙන්න ඕන. අනික වත්සලා අපිට පුලාන් දේවිලා අවශ්‍ය නැහැ. යහපාලනයේ ජනතා නියෝජිතයො ආදර්ශමත් විනයගරුක අය විය යුතුයි.(කෞ)
අවසානයේ සිදුවෙන දේ අපිට හිතාගන්න පුළුවන් (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මුළු ලංකාවේම මිනිස්සු මේ දර්ශන හොඳට බලලා ඉවරයි. හැබැයි මේකටත් අන්තිමේදී කියයිද දන්නේ නැහැ මේක පැහැදිලි නැහැ රට යවන්න කියලා (නි)
මොකක් වෙයිද දන්නේ නෑ තීරණය.(හේ)
මේවායෙන් සැළෙන්න එපා. ඔබේ සටන ඉදිරියටම ගෙනයන්න. (නි)
මෙතන බලන්න දෙයක් නැහැ. (ර)
වත්සලා කඩේ යනවද ඒ ගමන? (නි)
කාට කියන්නද මේ ගැන.අන්තිමට ඔය වීඩියෝ එකත් රට යවයි.(හේ)
ඔව් ඔව්, ඊළඟට ඇවිල්ලා අපේ අනිල්ව පැහැරගෙන යන්න. එතකොට අපි කියන්නම් නොසැළී දිගටම කරගෙන යන්න කියලා (නි)
අත්අඩංගුවට ගැනීමක් නොවෙයි අපි නම් දැක්කෙ, පොලීසිය වෙනමම කාරයක නංවාගෙන කැඳවාගෙන යන දර්ශනයි (නි)
වෙන රටවල මිනිසුන් පැහැර ගෙන යන්නේ මිනී මරුවෝ සහ හොරු. අපේ රටේ මිනිසුන් පැහැරගෙන යන්නේ ඔවුන්ම පාර්ලිමේන්තු යවපු දේශපාලුවෝ. (බ)
සරුංගලයක් උඩ ගිය තරම් (බ)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
"දිලිසෙන සියල්ල රත්තරන් නොවේ" (බ)
ඇප දීමේ ගැනීමේ ලෝක වාර්තාව පිහිටුවා (ම)
බලන්නකෝ මෙයාට දැන් රටට සේවයක් කරන්න කාලයක් නැතුව යනවා. නඩු හබ වලට පැටලිලා. (ම)
හැබැයි කොටදෙනියාවේ පොලීසියෙන් මෙයාව අත් අඩංගුවට ගත්තා නම් මෙච්චර ඉක්මණට ඇප ලැබෙන එකක් නැහැ.(ම)
මෙහෙම හරි නිතිය ක්‍රියාත්මක වීම ගැන සතුටුයි .(හේ)
හිරූට වරදින්නේ නෑ කවදාවත්. එයා එඩිතරයි, අවංකයි , නිහතමානියි. (හේ)
අනුකම්පා ඡන්දේ භූමිකාවක් වුන හැටි.(හේ)
අයියෝ මොනවද මේ අපේ ජනතා නියෝජිතයෝ කරන්නේ? ඔය අයව ජනතාව පත්කරලා එවන්නේ උසාවි ගානෙ රස්තියාදු වෙන්නද? නැත්නම් ජනතාවට සේවයක් කරන්නද? පත්තරේ ගත්තොත් තියෙන්නේ ඒ අය වැඩ පෙන්නපුවා. නැතුව වැඩ කරපුවා නොවෙයි. (නි)
මේ වගේ අයට ආපසු ඡන්දෙ දානවද කියලා දෙපාරක් පාරක් හිතන්න වෙනවා (නි)
අනේ ඒ ළමයින්ට මොකුත් කියන්න එපා. (නි)
බොහොම හොඳයි. අපි බලමුකෝ (නි)