(රෝෂන් තුෂාර)
පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ මරණීය දණ්ඩනය නියම වී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු යැයි කියන චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්දට අයථා අන්දමින් මුදල් ඉපවූයේ යැයි සඳහන් කරමින් කොළඹ වංචා විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ අද (30) නඩු පැවරීය.
උදිත් නිශාන්ත යන වෙනත් අයකුගෙ නමින් රුපියල් මිලියන 27ක බැංකු ගිණුමක් පවත්වාගෙන යෑමට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කළේය.
උදිත් නිශාන්ත නැමැති අය මෙම පැමිණිල්ලේ පළමු සැකකරු ලෙස නම්කර ඇත.
දෙමටගොඩ චමින්ද සැකකරු විසින් මත්ද්‍රව්‍යය ජාවාරම් කොට සොයා ගන්නා ලද මුදල් මෙලෙස පළමු සැකකරුගෙ නමින් පවත්වාගෙන ගිය ගිණුම ඔස්සේ පරිහරණය කොට ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම පැමිණිල්ල දෙසැම්බර් මස 12 වන දින කැඳවීමට දින නියම කළ අතර සැකකරුවන් එදිනට ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දෙමටගොඩ චමින්දට තවත් නඩුවක්