පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා මහවැලි හා පරිසර නියෝජ්‍ය ඇමැති ලෙස ද, දුෂ්මන්ත මිත්‍රපාල මහතා බුද්ධ ශාසන හා අධිකරණ නියෝජ්‍ය ඇමැති ලෙස ද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (10) දිවුරුම් දුන්හ.
ජයරත්න මහතා හිටපු අගමැති දි මු ජයරත්න මහතාගේ පුත්‍රයා ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතෙන්නේ දැන් මේක මෙගා කැබිනට් එකක් නෙමෙයි ගිගා කැබිනට් එකක්. (නි)
මේ ගොල්ලන් ඒදවස්වල කියාපු දේවල් වල හැටියට මම නම් හිතුවේ ඔය පැත්ත හැරිලා බත් කන එකක් වත් නැහැ කියලයි අයියෝ. දැන් බැලුවහම - අනේ මන්දා (නදී)
ඒක එයාගේ වාසනාව. අපි බොරුවට කෑගහන්න අවශ්‍ය නැහැ (නි)
මොනවද මේ වෙන්නේ? දැන් අපිට මොකක්ද තිබෙන විකල්පය? (නි)
මහජන බදු මුදල් වලින් යැපෙන්න ඉන්න කොටස වැඩියි කියායි මම සිතන්නේ (නි)
ඔහොම යමු! (නි)
අනේ මන්දා (නදී)
නැති අපිට මොකුත් නැහැ. (නි)
මෙයාගේ නමත් වරක් අර කුඩු කන්ටේනර් එක ගෙන්වපු එක රේගුවෙන් පිට කරන්න උදව් කලාට සඳහන් වෙලා තිබුනා , යහපාලනයට පින් සිදුවන්නට , ඔක්කොම ගොඩ වාගේ (අ)
දෙන ඔය ඇමති තනතුරු ඇති වගේ...සේවය කරමු... (අ)
එතුමාට නියම සුදුසුකම් ඇත. මේක තමයි නියම යහපාලනය. (අ)
මෙතුමන්ලාට ගෙදරදීම අවශ්‍යය දේශපාලන දැනුම ලැබී තියෙන නිසා උප ඇමති තනතුරුවලට සුදුසුයි කියා අප හිත හදාගනිමු. (අ)
අර මොනවාද ගෙන්නපු එක්කෙනාද මේ ? (අ)
එයාට ලැබෙන්න ඕනෑ තැන ලැබුණා. එච්චරයි (නි)
සුදුස්සන්ට සුදුසු තැන ලබාදෙමු (නි)
අපිටත් තියෙන්නේ දේශපාලනය කරන්නයි. මොකද සියළු බිල් දීමනා ජනතාව දරනවා. පාරේ යන මිනිසුන් තුනට හතරට නැමිලා දණ නමස්කාර කරලා පිළිගන්නවා.මොනවායින්ද අඩු? මේ පාඨක තීරයේ ඉන්න අපි සියල්ලෝම ලබන සැරේ නාමයෝජනා බාරදෙමු.එතකොට කාටද ආඩම්බර....!!!! (නි)