දුම්කොළ සමාගම් සඳහා සියයට 90 ක බදු පැනවීමට අදාළ කැබිනට් පත‍්‍රිකාව තමන්ගේ හා ජනාධිපතිගේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
දැනට දුම්කොළ සමාගම් මගින් ගෙවන බදු ප‍්‍රතිශතය 72ක් වන අතර එය සියයට 90 දක්වා වැඩි කිරීමෙන් වැට් බදු පැනවීමෙන් ලබාගන්නවාට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට දුම්වැටි දවටනවල සියයට 80ක් රූපමය අවවාද ඇතුළත් කරීමට ගෙන ඇති ක‍්‍රියාමාර්ග තව දුරටත් ඉදිරියට ගෙන යමින් දුම්වැටිවල නාමය හා එම රූපමය අවවාදය පමණක් දුම්වැටි දවටනයට ඇතුළත් කරවීම සඳහා අවශ්‍ය නීති ගෙන එන බව ද අමාත්‍යවරයා කීවේය.
COMMENTS
මේකත් දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ප්‍රවේශමෙන් (නි)
කුඩු ව්‍යාපාරය නවත්වන්න බැරි නම් ඒවාටත් ඔය බද්දම පනවන්න. කුඩු තරුණයින් අමු අමුවේ මරනවානේ. ඔතරම් විරුද්ධ නම් ඇයි මේවාට උඩින් හෝ යටින් අවසර දී තිබෙන්නේ? එපා දේවල් එපාමයි. (නි)
සිගරැට් වලට ඕනෑතරම් බදු ගහන්න. නමුත් මත්පැන් වලට ඔය බදු ගැහුවා හොඳටම ඇති. (නි)
ප්‍රති ශතය සීයට සීයක් කරානම් ඒත් කමක් නැහැ අපේ අයව තව හදාගන්න පුලුවන් (ම)
දැන් ඉතින් සිගරට් බොන්න වෙන්නෙත් කුඩු ගහනවා වගේ.. ගෙදර තියෙන හැමදේම උකස් කරලා හොරකම් කරලා තමයි සිගරට් එකක් බොන්න වෙන්නේ.......(ම)
මෝටර් රථවලට බද්ද 400% නම් මත්පැන්, දුම්වැටි වල බද්ද 400% නොකරන්නේ ඇයි? (නි)
එහෙම එකක්වත් කරලා සිගරැට් වසංගතය මේ රටින් සහමුලින්ම තුරන් කරන්න. ඉතුරු 10% අපි ගෙවන්නම්! (නි)
දුම්පානයත් මතක්. මතට තිත කියලා රට දුවන්නේ මතින්ම තමා. (නි)
ඇමතිතුමනි, සිගරැට් පැකට්ටුවක මිල අධික නිසා බොන උදවිය එක දෙක තමයි කඩෙන් ගන්නේ. ඉතින් පැකට්ටුවේ සඳහන් කරන රූපමය අවවාදය ඒ කට්ටියට අදාළ වෙන්නේ නැහැ. එම නිසා පෝස්ටර් දැන්වීම් මඟින් මේ පණිවුඩය ජනතාව අතරට ගෙනියන්න බලනවා නම් එ්ක හොඳ දෙයක්. (නි)
ඉතින් දෙයියනේ හොද නැත්නම් බදු ගහන්නේ ඇයි නවත්වලා දාන්නකෝ. කොච්චර වැඩි කරත් බොන කෙනා බොනවා. (ර)
මේක නම් රජයෙන් කළ ඉතාම හොඳ ආදර්ශමත් ක්‍රියාවක් (නි)
සුනිල් ඔහොම රටින් සහමුලින්ම තුරන් කරන්න බැහැ, ඔය සිගරට් මත්පැන්, කැසිනෝ වලින් එන බද්දවලින් තමයි, නිදහස් අධ්‍යපන ලබන්නේ පොඩ්ඩක් සිතල බලන්න. (ර)
ඔය බදු ගැහුවා හොඳටම මදි. පුලුවන්නම් 1000% හරි වැඩි කරන්න. මොකද දවසින් දවස තරුණ පරපුර දුරාචාරයට යනවා වැඩියි. සිගරට් එකෙන් තමයි කුඩු දක්වා දුර දිග යන්නේ. (ර)
මොනවට බදු ගැහුවත් අන්තිමට වදින්නේ ගෙදර කුස්සියට. මම දුම්බොන කෙනෙක් නෙවෙයි, එත් මේ බදු වලට හුරේ දාන්න එකතු වෙන්නෙත් නෑ. (ර)