දුම්වැටි විරෝධි දිනයක් අද දඹුල්ලේදී පැවැත්විණි. දුම්බීමෙන් සිදුවන හානි දැක්වෙන පුවරු රැගෙන පාසල් සිසුහු මහ පාරේ ගියහ.
දුම්වැටි විරෝධි දිනයක් අද දඹුල්ලේදී පැවැත්විණි. දුම්බීමෙන් සිදුවන හානි දැක්වෙන පුවරු රැගෙන පාසල් සිසුහු මහ පාරේ ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම පාසල් සිසු සිසුවියන් තේරුමක් නැතිව වෙහෙස කරවන්නේ ඇයි ? ඊට වඩා හොඳම සහ සාර්ථක දෙය නම් සෑම පාසලකම සිසු සිසුවියන්ට පෝස්ටරය බැගින් දී තමන්ගේ ගෙදර වත්තේ හෝ කොතැනක හෝ දුම් පානය කරන තම පියා සහ වැඩිමහලු සහෝදරයන්ට පෙනෙන ආකාරයට එල්ලා තැබීමයි. එමගින් එක් කෙනෙකු හෝ දුම් පානයෙන් වලකිනවා. සත්තයි. (ස)
දුම්වැටි නිෂ්පාදනය සහ එම සමාගම් තහනම් කරන්න කියල විරෝධය දක්වන්න, (අ)
එටකොට කුඩු විරෝධී දිනයක් නැද්ද ? අනේ මන්දා. (ස)
ශ්‍රීලාල් ඔබ හරි. මේ කිසිම ආණ්ඩුවක් ජනතාව ගැන හිතන්නෙ නෑ. ගංජා වගේ මේවත් තහනම් නරන්න බැරි ඇයි? (ස)
දුම්වැටි මත්වතුර තහනම් කරන්න බැරිද? (නි)
කැනොන් - ඔයා අහන දේට උත්තරේ ඒක දැකපු තරුණියෝ දෙන්නෙක් අල්ලාගෙන ඉන්න පෝස්ටරෙන් පෙනෙනවා කියලා මට හිතෙනවා. (ස)
පහළම පෝස්ටරය ගැහැණු ළමයි දෙන්නෙක් අල්ලාගෙන ගියත් එහි එයින් ද්වනිත වන අරුත නිසිලෙස මතුවී නො පෙනේ. දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂකලා කරන්නේ රස්සාවක්. දුම්වැටි නිපදවීම ඔවුන්ගේ රාජකාරියයි. මහජනයා දුම් පානය නොකර සිටිනවානම් ඔවුන්ට අලෙවියක් නැහැ. එහෙම උනොත් ඒ කර්මාන්ත ශාලා වහන්න වෙනවා. බොහෝ දෙනෙකුට රැකියාත් අහිමි වෙනවා. (ස)
තහනම් කරලා කොහොමද මහත්වරුනේ....ඔය ඔක්කොම අපිම පත් කරපු අයියලගේ ව්‍යාපාර නිසා. (ස)
මෙි දේවල් හොද වැඩ.සිගරටි බොන්න පටන් ගන්න ඉස්සල්ල මෙි වගේ දැනුවත් කරන එක හොදයි.අපිට මෙි වගේ නොවුන නිසා පුරැද්දට වගේ බොන්න හිතෙනව.(ස)
දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විදුරු කාමර ඇතුලේ ඉන්නේ නිරුවතින්ද..? (අ)
මේ කොම්පැනි කරන අය විලි ලැජ්ජාවක් නැති මිනිස්සු කියල මට හිතුනා.(ස)
මේක මහා විහිළුවක්. නරක දේවල් තහනම් කරන එක වගකිවයුත්තන්ගේ වගකීමක්.මෙතරම් භයානක සමාජයට අහිතකර දේවල් නිෂ්පාදනය නතරකරන්න ලෝකේ කිසිම කෙනෙකුට ශක්තියක් නැහැ. බදු අය කරගන්න හැමෝම බලාගෙන ඉන්නවා. මේ තරම් කරදර විඳින්න අවශ්‍ය නැහැනේ සිගරට් නිෂ්පාදනය නතර කලානම්. නිෂ්පාදනය කරන අයට මරණ දඬුවම දෙන්න. ඔය කරදර ඔක්කොම ඉවරයිනේ. උගුරට හොරා බෙහෙත් කන එක නතර කරන්න. මත්පැන් නිෂ්පාදනය මරණීය දඬුවම් ලැබිය හැකි වරදක් බවට නීති ගත කරන්න. උද්ගෝෂණ පෙළපාලි යාමෙන් කිසිම වැඩක් නැහැ. ලෙඩේට නියම බෙහෙත දෙන්න. (දී)