(ඉන්දිකා  රාමනායක)

පොල්පිතිගම නගරයේ හෝටලයක් තුළ ප්‍රසිද්ධියේ දුම්පානය කරමින් සිටියිදි එයට විරුද්ධ වු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ රාජකාරියට බාධා කරමින් පහර  දී මට තැත් කළ බව කියන හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය කියයි.

සැකකාර  හමුදා  (20) හැවිරිදි යාපනය නවක්කුලි  ප්‍රදේශයේ කඳවුරක රාජකාරි කරමින් සිටි අයකු බවද පොලිසිය සඳහන් කරයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් ඊයේ (21) පොල්පතිගම නගරයේ හෝටල් පරීක්ෂා  කරමින් සිටියදී සැකකර සෙබළා  එක් හෝටලයක සිට දුම්පානය කර ඇති  බවද පොලිසිය  සඳහන් කරයි

සැකකාර හෝටලට තුළ ප්‍රසිද්ධියේ  දුම්පානය කරනු දුටු   මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහු වෙත ගොස්  ප්‍රසිද්ධියේ  දුම්පානය කිරීමේ වරද කියා දී එසේ නොකරන ලෙසට දැනුම් දී ඇත.

 සිද්ධියෙන් උරණ වු සෙබළා  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  සමග බහින් බස් වී  එක නිලධාරියකුගේ නිළ ඇදුමෙන් ඇද පහර දීමට තැත්කළ බවට ඔවුන්  පොල්පිතිගම පොලිසියට කළ   දැනුම් දීමකට අනුව සැකකාර සෙබළා අත්අඩංගුවට ගෙන ඇත.

 අත්අඩංගුවට ගත් සෙබළා අද  (22) පස්වරුවේ මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 පොල්පතිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එම් එස් බණ්ඩාර මහතාගේ  මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.