අයවැයෙන් පැනවූ රුපියල් 5000 දුම් පරීක්ෂණ ගාස්තුවට ද, වැට් බදු වැඩි කිරීමට ද, බලපත් ගාස්තුව වැඩි කිරීමට ද එරෙහිව අම්බලන්ගොඩ නගරයේ පාසල් වෑන් හා බස් රියදුරෝ අද සිය රථවල කළුකොඩි එල්ලාගෙන නගරයේ සැරි සරමින් විරෝධය දක්වති.
සිසුන් පාසල්වලට ගෙනයෑමෙන් පසුව උද්ඝෝෂණය ඇරැඹිණි.
පාසල් අවසන්වන තුරු මේ උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතය. මේ උද්ඝෝෂණය හේතුවෙන් දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය කියයි.
පාසල් රියදුරන්ගේ ප්‍රකාශකයෙක් කීවේ දකුණු පළාතේ වෙනත් ප්‍රධාන නගරනවලට කළු කොඩි උද්ඝෝෂණය ව්‍යාප්ත කරන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණයට රුපියල් 5000 ක විතර ඩීසල් පිච්චිලා ඇති. (නි)
මුලින්ම ඔය දුම් පරීක්ෂාව ගෙනෙනකොට, අද උද්ඝෝෂණ කරන අය කොහේද හිටියේ? (නි)
මහින්ද මහත්තයා හිටියා නම් මේ වෙනකොට කන බොන දේවල් වලින් බදු අයකරන එක සම්පුර්ණයෙන් නවත්තලා. (නි)
කන බොන දේවල්වල මිල ප්‍රමාණවත් ලෙස පහත නොදැම්මට විරුද්ධව හැමෝම අතේ කළු පටියක් බැඳ ගෙන ගියානම් තමා හරි. (ම)
හැබැයි සමහරුන්ට නම් මේ මොනවා දුන්නත් මදි (නි)
ඇත්තටම මේ වැඩිකිරීම අසාධාරණයි (නි)
වෙන මොනවා වැඩිකරලා හරි කමක් නැහැ මහත්තයෝ කන බොන දේවල් වල මිල නම් මීට වඩා ගොඩාක් අඩුවෙන්න ඕනෑ (නි)