
(හේමන්ත රණසූරිය සහ පියදාස සමරවීර)
කෙලෙස් බර ලෝකය පිටු දකිමින් පදිංචි නිවහන සහ ඉඩම ඇතුළු, තමන් සතු වටිනා සම්පත් සියල්ලම, මෙහෙණි ආරාමයකට පූජා කොට මව,දියණිය, බෑණා සහ තවත් දස දෙනෙක් ඇතුළු දහතුන් දෙනෙක් කැබිතිගොල්ලෑව පහල උස්ගොල්ලෑව දී පැවිදි දිවියට ඇතුළත් වුහ.
මෙලෙස පැවිදි දිවියට ඇතුළත් වූයේ, කැබිතිගොල්ලෑව පහල උස්ගොල්ලෑව පදිංචි ධනවතී හේරත් (56) උපාධිධාරී ගුරුවරියක් වන ඇගේ දියණිය වත්සලා දුෂ්මන්ති අබේරත්න (33) සහ ඇයගේ සැමියා වන තිස්තුන් හැවිරිදි කාර්මික ශිල්පියකු වන නුවන් මධුසංඛ යන තිදෙනා ඇතුළු දස දෙනෙකි.
මෙම එකම පවුලේ තිදෙනා ඇටඹගස්කඩ ගෝසිංග වන අරණ සේනාසනාධිපති කැබිතිගොල්ලෑවේ අමර තිස්ස ස්වාමීන් වහන්සේගේ මව ,නැගණිය, සහ මස්සිනා වීම විශේෂත්වයකි.
ඒ අතර වයස අවුරුදු 56 සහ 59 වයස් කාණ්ඩවල පසුවන තවත් මව්වරු දෙදෙනකුද එදින සසුන්ගත වූ අතර, එම මව්වරු දෙදෙනාද ගෝසිංග වන අරණෙහි වැඩවසන ස්වාමීන් වහන්සේ දෙනමකගේ මෑණිවරු දෙදෙනෙකි.
පැවිදි දිවියට ඇතුළත් වූ සෙසු අට දෙනා වයස අවුරුදු 48, 44, 32, 31, 30, 29 27, 23 , යන වයස් කාණ්ඩවල පසුවන කුරුණෑගල, මීගලෑව, මාවනැල්ල, මොණරාගල, කොළඹ, අවිස්සාවේල්ල, කන්තලේ, ගල්ගමුව, යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මෙම පිරිස ද රැකියාවල නිරත වූවෝ වෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණයි !! බුදු සසුන බැබලේවා !!
ඔවුන්ට ඇත්ත තේරුනා
ඇයි මේ?
මහණවී විමුක්ති මාර්ගයේ ගමන් කිරීම ලෝකයේ සියලු කාර්යයන්ට වඩා උතුම්වේ. සදාකාලික විමුක්තිය ලැබේවා!
ඔබ සෑම දෙනාටම ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා....... එක්ව පාරමී පිරූ පින්වත් පිරිසක්.
ආර්ථික ප්‍රශ්න වැඩිවෙනකොට සසුන්ගතවන අයත් වැඩි වෙනව.
සාදු ! සාදු ! සසර දුක ඉක්මනින්ම කෙලවර කර ගැනීමට හැකිවේවා !!
සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න දිවි හිමියෙන් කැප වෙන්න .කාලකන්නි දේශපාලුවන්ට නම් අහුවෙන්න එපා
මේ විදිහට මුළු රටේම ජනතාවට සසුන් ගත වෙන්න බැරි ඇයි..? ලංකාව වගේ රටක ඉපදිලා ජීවන බරින් පව් ගෙවනවාට වඩා, ඒ බරින් නිදහස් වීමම කොතරම් දෙයක්ද..?
සියලු දෙනාටම තෙරැවන් සරනයි !මේ අධර්මිෂ්ඨ සමාජයෙන්,ඈත්වී නිර්වානය අවබෝද වෙත්වා, සාදු !සාදු!සාදු!
භේද තාවකාලික පැවිද්ද. මෙහෙම දෙයක් කලා පවුලක් පිටින් මහණ වෙලා අවුරුදු දහයකට විතර ඉස්සර. අවුරුද්දක් තුල උපැවිදි වුනා ඔක්කොම... පහසු ජීවන මාර්ගය හොයනව වගේ...
අවුරුදු 4 දරුවා අත ඇරලා දෙමාපියන් මහණ වීම සුදුසුද නැද්ද යන්න විවාදයට කරුණකි.
දිනෙන් දින සසුනට සංඛ්‍යාත්මකව එක්වන පිරිස වැඩි නමුත් අවසාන ප්‍රතිඵලය ගුණාත්මකව ඉහල නොයාම කණගාටුවට කරුනකි
මිනිස් ජිවිතයේ පැවදි නොවී කල හැකි කර්යන්, සේවාවන් බොහොයි. පසු කාලීනව තම සිරැරට වද දී ගස් ගල් යට භවනා යෝගි ව ගත කරන ජිවිතය නිස්පලයි කියලයි මගේ අදහස..
ජිවිතයේ හිස්බව අවබෝධ කොටම මෙ කාම භවයෙන් එතෙර වීමම අරමුණු කොටගත් මග අගය කරමි...!