වෙනප්පුව සුදුවැල්ල හතරමං හන්දියේදී යතුරුපැදියක් හා කැරවන් රියක් ගැටීමෙන් මිය ගිය යතුරුපැදිකරු වු පොලිස් කොස්තාපල්ගේ දේහය ඉල්ලා දෙපාර්ශවයක් මාරාවිල , මහවැව හදිසි මරණ පරීක්ෂක ජී ඩී පද්මසිරි මහතා වෙත කරුණු දැක්වුහ.
මිය ගිය කොස්තාපල්ගේ මා පියෝද බිරියද සිරුර ඉල්ලා සිටියහ.මා පියන් පැවසුයේ තම පුතා අවිවාහකයෙකු බවයි.ඒත් බිරිය විවාහා සහතිකයක් ඉදිරිපත් කළාය.දෙපාර්ශවයම එකඟකරවාගත් මරණ පරීක්ෂක පළමුව බිරියගේ ගෙදරත් දෙවනුව මා පියන්ගේ පොළොන්නරුවේ ගෙදර අවසන් කටයුතු කරන ලෙස නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන් නොදන්නවා වුනාට කොස්තාපල් විවාහකයෙක් වෙන්න ඇති. කසාද බිරිඳ නොදැන තව කසාඳ කර ගත් අයත් ඔය වගේ අපේ රටේ එමටයි. (ස)
මාරු පුතා, අම්මල දුක සේ දරුවෝ හදනවා දරුවෝ ලොකු වෙලා අම්මලට කොකා පෙන්නවා, කොච්චර නරකද, හරි නම් මරනේවත් ගන්න නරකයි, දරුවෝ මොනවා කලත් දෙමව්පියෝ අමතක කරනවා ඒකයි ලෝක ස්වභාවය. (ස)
රහස විශ්‍රාම වැටුප වෙන්න පුළුවන්. (ස)
හේමන්ත හරි,මමත් හිටපු හමුදාවේ අයෙක්,අපි ඒදවස්වල ගෙදරට හොරෙන් බදිනවා,එතකොට අපිට පඩි වැඩි වෙනවා(දිල්)
ඇති පාර්ශව දෙකෙන් බේරුනා. තුන හතරක් නැතුව ! (ස)
මර්වින්, ඊට පස්සෙ ගෙදරට කියල තව එක්කෙනෙක් බැන්ඳෙ නෑ නේද?? සමාවෙන්න ඇහුවට.සාමාන්‍යයෙන් එහෙම වෙනවා ඒකයි ඇහුවෙ. (ස)
මර්වින් පඩි වැඩි කරගන්න ඔයා කසාද කියක් බැන්ඳඳ? (ස)