එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෞඛ්‍ය සේවා අධිකාරිය හා සෞඛ්‍ය රක්ෂණ සැලැස්ම ඔස්සේ මෙරට නිදහස් සෞඛ්‍ය සේවය නැංවිමේ ප්‍රබල අවදානමක් මතුවී ඇතැයි විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය චන්න පියසුමන මහතා පැවසුවේය.
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ පනත සම්මත වුවත් මේ වන තෙක් බෙහෙත් පෙත්තක මිල අඩුවී නොමැති බවද ඔහු කීවේය.
රටේ සෑම පුද්ගලයෙකුටම සෞඛ්‍ය රක්ෂණයක් ලබාදෙන බවට එජාපයේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වන අතර සමාන්‍ය හා දුප්පත් ජනතාවට සෞඛ්‍ය රක්ෂණයක් වෙනුවෙන් මුදල් වැය කීරිම කිසිසෙත් කළ නොහැකි බවද පියසුමන මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන වචන දාල නිදහස් සෞක්‍ය අවසන් කරන්ඩද හදන්නේ (නදී)
බොහොම හරි කතාව (නි)
ලංකාවේ බොහෝ දෙන තවම දන්නේ නැහැ රක්ෂණය කියන සංකල්පය. හැම තිස්සෙම බලන්නේ නිකන් යමක් ලැබෙනතුරු. මොනවහරි වුණොත් අමාරුවේ වැටෙන්නේ තමන් කියල හිතන්නේ නැහැ. (ම)