රටේ වැඩකරන ජනතාව විරෝධතා දක්වන්නේ අලුත් අයිතිවාසිකම් දිනා ගැනීමට නොව තිබූ වරප්‍රසාද කප්පාදු කිරීම වළක්වා ගැනීමට බව නව වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා බොරැල්ලේ අද (14) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ආණ්ඩුව මෙවර අයවැයෙන් අඩු ආදායම් ලබන ජනතාවට ලැබිය යුතු සහන කප්පාදු කර එම සහන ඉහළ පැලැන්තියට ලබාදී ඇතැයි ද නානායක්කාර මහතා කීය.
ජනතාවට තිත්ත බෙහෙත් බොන්න යැයි කී ආණ්ඩුව ධනපතියන්ට පැණි හකුරු දීමෙන් ආණ්ඩුවට තිත්ත බෙහෙත් බීමට සිදුවන කාලය වැඩි ඈතක නොවන බවත් ඒ මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘දුප්පතාට තිත්ත බේත් : ධනපතියාට පැණි හකුරු‘
කමල් Monday, 14 December 2015 11:22 AM
අපෝ මතක් කරන්න එපා . අමාත්‍ය සැප නැති නිසා මේවැනි ප්‍රකාශ සිදුකිරීම පුදුමයක් නොවේ. හබැයි සමාජවදය කතා කරනේ මේගොල්ලන්ගේ ළමයි ඉන්නේ පිට රට . (අ)
ලලිත් Monday, 14 December 2015 12:02 PM
පුද්ගලික අනන්‍යතාවය ආරක්ෂාවෙන විදියට ලුණු ඇඹුල් ඇතුව අර පාර්ලිමේන්තුවේදී කලා වගේ පරිනත දේශපාලන ප්‍රකාශයක් මාද්‍යයට නිකුත්කරන්න නේද තිබුනේ? (ර)
රාධා Tuesday, 15 December 2015 02:19 PM
කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.(හේ)
සිරිසේන Tuesday, 15 December 2015 02:47 PM
නියම කතාව මහත්තයෝ (නි)
බණ්ඩාර Tuesday, 15 December 2015 03:03 PM
අපෝ ලලිත්, කතාකරන්න එපා අනන්‍යතාවය ගැන නම්. (නි)
වින්සන්ට් Monday, 14 December 2015 08:44 AM
ඉහළ පැලැන්තිය කියන්නේ රජ පවුල් වගේ කොටසටද? මෙතුමන්ලාගේ කාලයේ අපි කාපු පැණි හකුරුවල රසය තවමත් දැනෙමින් පවතින්නෙමු. (බ)
ප්‍රසන්න Monday, 14 December 2015 09:03 AM
ඉහළ පැලැන්තිය කියන්නේ වින්සන්ට් ටයි කෝට් දාන සිංහල කතාකරන්න බැරි යහ පාලන ආණ්ඩුවේ කට්ටිය. (බ)
රවී Monday, 14 December 2015 10:16 AM
පැණි හකුරු නැතුව ගිය නිසා තමා ඔය නහයෙන් අඩන්නේ ......අනේ වාසු....අපිට හොදට මතකයි ගොළුව කසාය බීල වගේ උන්න හැටි ඒ කාලේ (බ)
ගොඩගේ Monday, 14 December 2015 10:21 AM
අනේ මහතාණෙනි 2015 ට පෙර ලංකාවේ තිබු පැණිහකුරු 90% ක් පසුගිය රජය ඔබතුමාලා සමග ගිලදමා තිබියදී යහ පාලනයක් පැමිණ ඉතිරිව තිබු 10% පැණි හකුරු ටික නැවත වැඩිකරගෙන සියලුම පැලැන්ති වලට එක හා සමානව බෙදන්නට සැරසේන බව ඔය මොළවල් වලට වැටහෙන්නේ කවදද .... ? (බ)