රටේ වැඩකරන ජනතාව විරෝධතා දක්වන්නේ අලුත් අයිතිවාසිකම් දිනා ගැනීමට නොව තිබූ වරප්‍රසාද කප්පාදු කිරීම වළක්වා ගැනීමට බව නව වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා බොරැල්ලේ අද (14) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ආණ්ඩුව මෙවර අයවැයෙන් අඩු ආදායම් ලබන ජනතාවට ලැබිය යුතු සහන කප්පාදු කර එම සහන ඉහළ පැලැන්තියට ලබාදී ඇතැයි ද නානායක්කාර මහතා කීය.
ජනතාවට තිත්ත බෙහෙත් බොන්න යැයි කී ආණ්ඩුව ධනපතියන්ට පැණි හකුරු දීමෙන් ආණ්ඩුවට තිත්ත බෙහෙත් බීමට සිදුවන කාලය වැඩි ඈතක නොවන බවත් ඒ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ මතක් කරන්න එපා . අමාත්‍ය සැප නැති නිසා මේවැනි ප්‍රකාශ සිදුකිරීම පුදුමයක් නොවේ. හබැයි සමාජවදය කතා කරනේ මේගොල්ලන්ගේ ළමයි ඉන්නේ පිට රට . (අ)
පුද්ගලික අනන්‍යතාවය ආරක්ෂාවෙන විදියට ලුණු ඇඹුල් ඇතුව අර පාර්ලිමේන්තුවේදී කලා වගේ පරිනත දේශපාලන ප්‍රකාශයක් මාද්‍යයට නිකුත්කරන්න නේද තිබුනේ? (ර)
කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.(හේ)
නියම කතාව මහත්තයෝ (නි)
අපෝ ලලිත්, කතාකරන්න එපා අනන්‍යතාවය ගැන නම්. (නි)
ඉහළ පැලැන්තිය කියන්නේ රජ පවුල් වගේ කොටසටද? මෙතුමන්ලාගේ කාලයේ අපි කාපු පැණි හකුරුවල රසය තවමත් දැනෙමින් පවතින්නෙමු. (බ)
ඉහළ පැලැන්තිය කියන්නේ වින්සන්ට් ටයි කෝට් දාන සිංහල කතාකරන්න බැරි යහ පාලන ආණ්ඩුවේ කට්ටිය. (බ)
පැණි හකුරු නැතුව ගිය නිසා තමා ඔය නහයෙන් අඩන්නේ ......අනේ වාසු....අපිට හොදට මතකයි ගොළුව කසාය බීල වගේ උන්න හැටි ඒ කාලේ (බ)
අනේ මහතාණෙනි 2015 ට පෙර ලංකාවේ තිබු පැණිහකුරු 90% ක් පසුගිය රජය ඔබතුමාලා සමග ගිලදමා තිබියදී යහ පාලනයක් පැමිණ ඉතිරිව තිබු 10% පැණි හකුරු ටික නැවත වැඩිකරගෙන සියලුම පැලැන්ති වලට එක හා සමානව බෙදන්නට සැරසේන බව ඔය මොළවල් වලට වැටහෙන්නේ කවදද .... ? (බ)