'සිප් දොර 'ශිෂ්‍යත්ව වැඩසටහනේ රුපියල් විසිහතර ලක්ෂයකට වැඩි මුදලක් වංචා කළැයි කියන ඊ. පී පියසේන නම් සමෘද්ධි සංවර්ධන නිලධරයෙක් මොනරාගල අතිරේක මහේස්ත්‍රාත් සංජීව ජිනදාස මහතා විසින් ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු මොනරාගල කඳුකර විවිධසේවා සමුපකාර සමිතියේ සභාපතිද වෙයි.
මෙම අරමුදල ගැන විගණන පරීක්ෂණයක් කරන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් ඉදලා පඩි ගන්නවා.ඒ මදිවට අහිංසක දරුවන්ගේ ඒවත් හුරාකනවා.මොවුන්ට නම් යාදෙන්නේ නැහැ.මට මතකයි නෙළුවේ මංකොල්ලයක් වුණා.ඒත් මේ වගේ සමෘද්ධිකාරයෙක්.සමාව නම් දෙන්න එපා (නි)
ධර්මදීපය කියල කියන රටේ අද පත්තරයක් , ටීවී, ඉන්ටෙර්නෙට් බැලුවොත් දකින්න අහන්න වෙන්නේ වංචාව , දුෂණය, මිනීමැරුම්. මට නම් කියන්න වෙන්නේ මේ රට මේ විදිහට ගොඩ ගන්න බැ. (ස)
මම නම් හිතන්නේ අහවල් රටේ රජතුමාගේ කෙනෙක් වෙන්න ඇති මෙයා. (ස)
මෙවැනි වංචා වලක්වන්න තිබෙන ඵලදායක ක්‍රමය නම් නිසි පරිදි භාවිතයේ යෙදෙන වන ක්‍රියා පද්ධතියයි. පුද්ගලයා මත නොව ක්‍රියා පද්ධතිය මත තීරණ ගැනීම සිදුවිය යුතුයි. පොඩි නිදසුනක් කියනවා නම් මුදල් එකතු කරන්නෙකුට ඒවා පරිහරණය කිරීමට බැරි විය යුතුයි. ඒ මුදල් නිසි පරිදි ලිඛිතව ගණනය වීමටත්, බැංකුවේ තැන්පත් ආදිය අධීක්ෂණය වීමටත් ගෙවීම් තනි පුද්ගලයෙකු විසින් නොව දෙදෙනෙකුවත් අතරේ බෙදීයාමකුත් දැක්විය හැකියි. විගණන නිලධාරීන් නිතරම මේ කරුණ පෙන්වා දෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්න ඉන්න ආයතන ප්‍රධානීන් ඒ ගැන තැකීමක් නැහැ. (ස)
ලොකු එවුන් ලොකුවට හොරකම් කරනවා.පොඩි එවුන් පොඩි හොරකම් කරනවා. හොරකම හොරකම මයි. මේ සල්ලි වලින් උන් උන්ගේ දරුවන්ට කන්න දෙනවා.සැප විදිනවා.දුප්පත් ජනයට හුලං පමණි.මට පෙනෙන්නේ තනතුරු වලට නුසුදුස්සන් පත් උනහම මෙහෙම වෙනවා. (ස)
අදට ඔබින නීති පද්ධතියක් හදන්න කාලය ඇවිත්. හැමදාම අහන්න වෙන්නේ අපරාධ, දුෂණ, මිනීමැරීම් කොල්ලකෑම් වගේ ප්‍රවෘත්ති. අනික අසුවුනාම නිකම් නඩු අහල ඇප දීල යවනවා. ඔවුන් නැවත ගිහිල්ලත් කරන්නේ එවැනි දේවල් හෝ ඊට වැඩිය දරුණු දේවල්. මෙවැනි දේවල් වලට තිතක් දමන්න නීති තද කරලා එවැනි දේවලට හරි යන දඩුවම් නොදුන්නොත් අප රට අනාගතයේදී දරුණු කාලකණ්නි රටක් වෙනවා. (ස)
මේ අයට මොනවා වෙලාද.දෙවියන්ගේ පොල් කාල ද .නිසි දඩුවම් ලබා දෙන්න. (ස)
දෙවියන්ගෙ පොල් කැවිලාවත් මොවුන් හැදෙනවා නම්....? (ස)
රට තුල හොරකමත් දැන් හරියට එස්එම්එස් ගහලා හොයාගන්න ගායකයො වගේ.රැල්ලට, කලාවට පත් වෙලා.දෙවියනි අපේ රටට ගිය කල. (ස)
ඉස්සර නම් නිලධාරීන් තුන් දෙනෙක් අත්සන් කරන්න ඕන බැංකුවකින් මුදල් ගන්න.ඒ අය මුදල් වලට වගකියන්නේ.අද .......... (ස)
කාගේ වැරැද්දද මේවා? (ස)
මේ මනුස්සයව නම් දිවියම කන්න ඕන. දුප්පත් දරුවන්ගේ දේ කෑවට. (ස)
දුප්පතාගේ බඩට ගහන එක තමා කවුරුත් කරන්නේ. (ස)
"හොරු සමග හෙලුවෙන්" (නි)