වොලිබෝලයක් තරම් ප්‍රමාණයට පියවි ඇසට පෙනුණු දීප්තිමත් ආකාශ වස්තුවක් සෙනසුරාදා (21) රාත්‍රී 7.15 සිට බටහිර අහස දෙසින් දිස්වූ බව බොහෝ ප්‍රදේශවලින් වාර්තා විය.
මෙය පියවි ඇසට වොලිබෝලයක් සේ දිස් වුවද, දුරේෂයකින් නිරීක්ෂණය කළ විට හරි හතරැස් දිප්තිමත් වස්තුවක් බව එදෙස බැලුවෝ පවසති. වඩාත් ළංකර බලන විට එම දීප්තිමත් වස්තුව තුළ දිය බිඳුවක් සේ චලනය වන කොටසක් ද නිරීක්ෂණය වූයේ යයිද ඔව්හු කියති.
එදින බොහෝ ප්‍රදේශවල අහස පැහැදිලිව දිස් විය. රත්නපුර, හම්බන්තොට, මාතර සහ ගාල්ල ප්‍රදේශවල බොහෝ දෙනෙක් මෙය දැක ඇතැයි කියැවේ
වීඩියෝ - ජයන්ත නානායක්කාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ වොලීබෝල් ටෙස් මැච් එකක් ඇති! (නි)
ඩ්රොන් එකක්. (බ)
ලංකාවේ ජනතාවට මේ දවස්වල හොදට තරු පේනවා වගේම ඔය අහම්බෙන් නොයෙකුත් එළිත් පේනවා. (බ)
අර සෙනසුරු මාරුව කලින්ම වෙන්න එනවාද දන්නෙ නැහැ (නි)
ඇත්තටම මේ මොකක්ද ....? (බ)
හොඳට සීරුවෙන් බැලුවම ඇතුළේ උෟරෙකුගේ මුහුණක් තමයි මට නම් පෙනෙන්නේ (නි)
රොහාන් දයාදර කියන කතාවලට මට හිනා! (නි)
මේවා සාමාන්‍ය භෞතික සිදුවීම්. වාසනාවට මේක පන්සලක් බෝධියක් වගේ තැනක දැක්කේ නැත්තේ (නි)
මාත් දැක්කා මේක (නි)
ඔය එක එක වස්තු දැන් වැඩි වැඩියෙන් ලංකාවට පේන එක නම් හොඳ දෙයක් නොවෙයි. වස්තුව කුමක් වුණත් අපට අහිතකර නැත්නම් කමක් නැහැ. (නි)
මේක වෙනත් රටවලටත් පෙනිලා තියනවා නම් අපි බයවෙන්න ඕනෑ නැහැ. (නි)
අනිවා පිටසක්වලයෝ, අපේ සම්මානලාභී මුදල් ඇමතිව ගෙනියන්න එන්න ඇත්තේ. එයාලගේ ලෝකේ දියුණු කරන්න (බ)
ඔය වස්තුව දැක්ක කෙනෙක් ගත්ත ෆොටෝ එකක් තියෙනවනම් අපිටත් පෙන්නන්න. දැන් කාලේ හැමෝගෙම අතේ මෝබයිල් කැමරා තියෙනවනේ. (බ)
අශිකා, මට නම් පෙනුනේ දේශපාලකයෙකුගේ මුහුණක් වගේ (නි)
ආකාශ වස්තුවට පාඩුවේ ගමනක් බිමනක් යන්නවත් නැහැනේ. (නි)
අනේ අපොයි ,,,,, ඕක ලෙඩ් ෆ්ලෑෂ් එකක් හයි කරපු ද්රෝන් එකක් (බ)
ඔය සේරම පෙන්නේ ලංකාවේ අයටනේ (බ)
සෙනසුරාදා නිවාඩු නිසා දිව්‍ය ලෝකේ කට්ටිය අපේ කට්ටිය බලන්න පොඩි විසිට් එකක් යන්න ඇති (නි)
ඇමරිකන් අය ඔවුන්ගේ තානාපති කාර්යාල ඇතුළේ ගැජට් අලුතින් සවිකරනකොට ඒවාට සම්බන්ධවෙන්න, ඔත්තු බලන්න එන සැටලයිට්, ද්රෝන් අමුතු යානා වගේ පේනවා (නි)