කොටි ඉන්දියාව, අප්‍රිකාව, බටහිරි ආසියාව, මැදපෙරදිග රටවල් ආශ්‍රිතව හා දකුණු ආසියාවෙත් සයිබීරියාවෙත් දැකිය හැකි වේ. ඒ රවටල් සියල්ලේ ම දැකිය හැකිවන්නේ පැන්තරා පාඩුස් ලෙස සත්ත්ව විද්‍යාතමක්ව හඳුන්වන එකම සත්ත්ව විශේෂයකි. එසේ වුව ද ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොටිය මෙරටට පමණක් ආවේණිකය. 1956 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වනාන්තරවල සිටින කොටියා පැන්තරා පාඩුස් නමැති කොටි විශේෂයෙන් වෙනස් වූ උප විශේෂයක් බව විද්‍යාත්මකව තහවුරු කළ සත්ත්ව විද්‍යාඥ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා එම මෙරට කොටිය පැන්තරා පාඩුස් කොටියා ලෙස සත්ත්ව විද්‍යාත්මකව නම් කළේය. ශ්‍රී ලංකාවේ තෙත් වියළි හා කඳුකරයේ කොටි සිටිති. එහෙත් වැඩිපුරම දැකිය හැක්කේ විල්පත්තුවේ හා යාල වනෝද්‍යානවලය. කොටියන්, වලසුන් හා අලි ඇතුන් විල්පත්තුවේ වැඩිපුර සිටිතියි කියති.
හොර්ටන්තැන්න, යාල, සිංහරාජය හා විල්පත්තුවේ කොටි සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ආවේනික කොටි ඉන්නවද ? (ර)
තව අපේ ශ්‍රී ලංකාවේ අපි නොදන්නා කොච්චර දේවල් තියෙන්න පුලුවන්ද ? ඒ දේවල් වල වටිනාකම නොදන්නා අයත් මේ සමාජයේ ඉන්නවනේ ඉතින් නේද ? (ර)
මේ ඉන්නේ දිවියෙක්. (ර)
කොටියා ෆොටෝ ගත්තට හිටිය තැන ප්‍රචාරය කරන්න එපා. ෆොටෝ එකම ඒ සතාට මරණය ඉක්මන් කරයි. දැනටමත් කී දෙනෙක් හම ඉල්ලලාද දන්නේ නැහැ.? (ර)
කොටියා කියන්නේ සිංහල වචනයක්. (නි)
මෙවැනි වන සතුන් ආරක්ෂා කිරීම අප සතුයි (නදී)
මේ දිවියානේ, සිව්පා කොටි ලංකාවේ නැහැ ? (නදී)
එදා ඉඳල සිංහලෙන් කොටිය කියපු සතා තමයි මේ ඉන්නේ. ඌට ඉංග්‍රීසියෙන් මොනවා කිව්වත් අපිට ඌ කොටියම තමයි. (නදී)
කොටියා කියන්නෙ ස්ත්‍රී පක්ෂයට ගොඩක් ලොල් අයට නෙමේද? (නදී)
කොටියා අයත් වන්නේ දිවි පවුලට. ශ්‍රී ලන්කන් ව්‍යාඝ්‍රයා කියන්නේ කොටියා. (නි)
එතකොට ව්‍යාඝ්‍රයා කියන්නේත් කොටියටමද? දන්නා කෙනෙක් කියනවද ? (බ)
කොටියා කියන්නේ "ටයිගර්". ඒත් දිවියා කියන්නේ "ලෙපර්ඩ්". ගූගල් හොයලා බලන්න. පිටේ ඉරි තියෙන්නේ කොටියාද දිවියද දන්නේ නැහැ. (නි)
අමල්, කොටියා සහ දිවියා කියන්නේ එකම සතා. අපි පටලවා ගත්තේ ටයිගර් කියන ඉංග්‍රීසි වචනේ වැරදියට සිංහලට පරිවර්තනය කිරීම නිසා.(නදී) Tiger කියන්නේ ව්‍යග්රයාට. කොටියා නොහොත් දිවියා ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Leopard යනුවෙන් Leopard : Panthera pardus ශ්‍රී ලංකාවට අවේනික කොටියා : Panthera Padus kotiya. Tiger : Panthera tigris තවත් විස්තර ඔබට අන්තර් ජාලය තුළින් සොයා ගත හැක.
මේ තියෙන්නේ අපි ගත් ඡායාරූප... https://www.flickr.com/photos/wmharshana/16247970907/ සහ https://www.flickr.com/photos/wmharshana/16246460130/. තවත් ඡායාරූප වලට https://www.flickr.com/photos/wmharshana/sets/72157650556012166/ (නි)
සිංහලෙන් කොටියා කියන සතා තමයි මේ ඉන්නේ . "ටයිගර්" කියන්නේ ව්‍යාඝ්‍රයා. ලංකාවේ නැහැ. දිවියා කියන්නේ ප්‍රමාණයෙන් කුඩා බළල් පවුලේ අය. ලංකාවේ ඉන්නේ හඳුන් දිවියා කොළ දිවියා ආදී අය (නි)
කොටියාගේ පිටේ තියෙන්නේ ඉරි. දිවියාගේ පිටේ තියෙන්නේ පුල්ලි. (නි)
මේ අපේ උරුමය මෙය අපේ අනාගත පරපුරට රැකගත යුතුයි (නදී)
මේ සත්තු දඩයම් කරන කකුල් දෙකේ මී හරක් ඉන්නවා... අන්න උන්ව දඩයම් කරන්න ඕන මුලින්ම...මේ වගේ කැලෑ පරිසර බොහොම අතලොස්සක් පමණයි අපිට තවත් ඉතිරි වෙලා තියෙන්නේ.....(දිල්)
කොටියා, දිවියා කියන්නනේ සත්තු වර්ග වෙනස්ද.? (ර)