IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දෙපා කොටියා වඳවෙයි : සැබෑ කොටියා මතුවෙයි

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කුඹුක් විල සහ කොක්කාරිය අතරදී ගිය සතියේ දී ජනක සේනාරත්නගේ කැමරාවට අසුවූයේ මනාව  වැඩුණු කොටියෙකි.

කොටි ඉන්දියාව, අප්‍රිකාව, බටහිරි ආසියාව, මැදපෙරදිග රටවල් ආශ්‍රිතව හා දකුණු ආසියාවෙත් සයිබීරියාවෙත් දැකිය හැකි වේ. ඒ රවටල් සියල්ලේ ම දැකිය හැකිවන්නේ පැන්තරා පාඩුස් ලෙස සත්ත්ව විද්‍යාතමක්ව හඳුන්වන එකම සත්ත්ව විශේෂයකි. එසේ වුව ද ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කොටිය මෙරටට පමණක් ආවේණිකය. 1956 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වනාන්තරවල සිටින කොටියා පැන්තරා පාඩුස් නමැති කොටි විශේෂයෙන් වෙනස් වූ උප විශේෂයක් බව විද්‍යාත්මකව තහවුරු කළ සත්ත්ව විද්‍යාඥ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා එම මෙරට කොටිය පැන්තරා පාඩුස් කොටියා ලෙස සත්ත්ව විද්‍යාත්මකව නම් කළේය.  ශ්‍රී ලංකාවේ තෙත් වියළි හා කඳුකරයේ කොටි සිටිති. එහෙත් වැඩිපුරම දැකිය හැක්කේ විල්පත්තුවේ හා යාල වනෝද්‍යානවලය. කොටියන්, වලසුන් හා අලි ඇතුන් විල්පත්තුවේ වැඩිපුර සිටිතියි කියති.

හොර්ටන්තැන්න, යාල, සිංහරාජය හා විල්පත්තුවේ කොටි සිටිති.

AX8T5048

AX8T4479 AX8T4500 AX8T5018 AX8T5062

 

 



අදහස් (0)

දෙපා කොටියා වඳවෙයි : සැබෑ කොටියා මතුවෙයි

අමල් Monday, 09 February 2015 10:47 AM

ලංකාවේ ආවේනික කොටි ඉන්නවද ? (ර)

:       7       2

බුද්ධි දිල්ෂාන් Wednesday, 11 February 2015 03:23 PM

තව අපේ ශ්‍රී ලංකාවේ අපි නොදන්නා කොච්චර දේවල් තියෙන්න පුලුවන්ද ? ඒ දේවල් වල වටිනාකම නොදන්නා අයත් මේ සමාජයේ ඉන්නවනේ ඉතින් නේද ? (ර)

:       0       0

අමල් Monday, 09 February 2015 10:48 AM

මේ ඉන්නේ දිවියෙක්. (ර)

:       0       0

රසික Monday, 09 February 2015 10:52 AM

කොටියා ෆොටෝ ගත්තට හිටිය තැන ප්‍රචාරය කරන්න එපා. ෆොටෝ එකම ඒ සතාට මරණය ඉක්මන් කරයි. දැනටමත් කී දෙනෙක් හම ඉල්ලලාද දන්නේ නැහැ.? (ර)

:       0       0

තමර Wednesday, 11 February 2015 11:59 PM

කොටියා කියන්නේ සිංහල වචනයක්. (නි)

:       2       1

ලාල් හේමන්ත Monday, 09 February 2015 01:01 PM

මෙවැනි වන සතුන් ආරක්ෂා කිරීම අප සතුයි (නදී)

:       0       0

ලලිත් කෝදාගොඩ Thursday, 12 February 2015 07:53 AM

මේ දිවියානේ, සිව්පා කොටි ලංකාවේ නැහැ ? (නදී)

:       0       0

සිරී Friday, 13 February 2015 08:25 AM

එදා ඉඳල සිංහලෙන් කොටිය කියපු සතා තමයි මේ ඉන්නේ. ඌට ඉංග්‍රීසියෙන් මොනවා කිව්වත් අපිට ඌ කොටියම තමයි. (නදී)

:       0       0

උදය Friday, 13 February 2015 09:00 AM

කොටියා කියන්නෙ ස්ත්‍රී පක්ෂයට ගොඩක් ලොල් අයට නෙමේද? (නදී)

:       0       0

තමර Thursday, 12 February 2015 10:19 PM

කොටියා අයත් වන්නේ දිවි පවුලට. ශ්‍රී ලන්කන් ව්‍යාඝ්‍රයා කියන්නේ කොටියා. (නි)

:       0       0

දැරණියගල Wednesday, 11 February 2015 09:36 AM

එතකොට ව්‍යාඝ්‍රයා කියන්නේත් කොටියටමද? දන්නා කෙනෙක් කියනවද ? (බ)

:       0       0

අකිල Thursday, 12 February 2015 04:19 AM

කොටියා කියන්නේ "ටයිගර්". ඒත් දිවියා කියන්නේ "ලෙපර්ඩ්". ගූගල් හොයලා බලන්න. පිටේ ඉරි තියෙන්නේ කොටියාද දිවියද දන්නේ නැහැ. (නි)

:       0       0

සහන් ගජනායක Tuesday, 10 February 2015 05:27 AM

අමල්, කොටියා සහ දිවියා කියන්නේ එකම සතා. අපි පටලවා ගත්තේ ටයිගර් කියන ඉංග්‍රීසි වචනේ වැරදියට සිංහලට පරිවර්තනය කිරීම නිසා.(නදී) Tiger කියන්නේ ව්‍යග්රයාට. කොටියා නොහොත් දිවියා ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Leopard යනුවෙන් Leopard : Panthera pardus ශ්‍රී ලංකාවට අවේනික කොටියා : Panthera Padus kotiya. Tiger : Panthera tigris තවත් විස්තර ඔබට අන්තර් ජාලය තුළින් සොයා ගත හැක.

:       0       0

හර්ෂණ Monday, 09 February 2015 04:21 PM

මේ තියෙන්නේ අපි ගත් ඡායාරූප... https://www.flickr.com/photos/wmharshana/16247970907/ සහ https://www.flickr.com/photos/wmharshana/16246460130/. තවත් ඡායාරූප වලට https://www.flickr.com/photos/wmharshana/sets/72157650556012166/ (නි)

:       0       0

ඉන්දික Friday, 13 February 2015 02:42 AM

සිංහලෙන් කොටියා කියන සතා තමයි මේ ඉන්නේ . "ටයිගර්" කියන්නේ ව්‍යාඝ්‍රයා. ලංකාවේ නැහැ. දිවියා කියන්නේ ප්‍රමාණයෙන් කුඩා බළල් පවුලේ අය. ලංකාවේ ඉන්නේ හඳුන් දිවියා කොළ දිවියා ආදී අය (නි)

:       0       0

තරිඳු දේවින්ද Wednesday, 11 February 2015 03:20 AM

කොටියාගේ පිටේ තියෙන්නේ ඉරි. දිවියාගේ පිටේ තියෙන්නේ පුල්ලි. (නි)

:       0       0

ප්‍රසංග නවරත්න Monday, 09 February 2015 06:10 PM

මේ අපේ උරුමය මෙය අපේ අනාගත පරපුරට රැකගත යුතුයි (නදී)

:       0       0

සිරිපාල Monday, 09 February 2015 10:31 AM

මේ සත්තු දඩයම් කරන කකුල් දෙකේ මී හරක් ඉන්නවා... අන්න උන්ව දඩයම් කරන්න ඕන මුලින්ම...මේ වගේ කැලෑ පරිසර බොහොම අතලොස්සක් පමණයි අපිට තවත් ඉතිරි වෙලා තියෙන්නේ.....(දිල්)

:       0       0

ගයියා Monday, 09 February 2015 10:32 AM

කොටියා, දිවියා කියන්නනේ සත්තු වර්ග වෙනස්ද.? (ර)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site