පොසොන් දන්සල් නිරීක්ෂණයේ යෙදුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු හා ආධුනික මහජන සෞඛ්‍ය නිලධාරීන් අට දෙනකු පිළිමතලාව ගිරාගම දී පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇතැයි යටිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
දන්සලක් නිරීක්ෂණය කරමින් සිටියදී එහි සිටි පුද්ගලයන් දෙදෙනකු මෙම පහර දීම කර ඇතැයි කියති.
එම දන්සලේ භාජන සේදීමේදී ජලය ගලා යන ලෙස සින්ක් එකක් තබන ලෙස සෞඛ්‍ය පරීක්ෂකවරුන් යෝජනා කිරීමෙන් පසු එතැන සිටි මධ්‍යම පරිසර අධිකාරියේ බව කියන අයකු ඔවුනට පරුෂ වචනයෙන් බැන පොලු ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුණ්‍යකර්මයක් සිදුකරන්නට ගොස් එය පාපකර්මයකට හරවා ගන්නා මෙහෙමත් මිනිසුන් කුමට දන් දෙනවාද? (නි)