(මහින්ද නිශ්ශංක)
‘දෙනුවර මැණිකේ‘ නමින් නව සුඛෝපභෝගී දුම්රියක් ලබන 01 වැනිදා සිට කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
වායු සමනය කළ මැදිරි දෙකක්ද දෙවැනි පන්තියේ මැදිරි දෙකක්ද සහ තුන්වැනි පන්තියේ මැදිරි තුනකින් සහ භෝජනාගාර මැදිරියකින් සමන්විත මෙම දුම්රියේ මගීන් 450 කට පහසුකම් සපයා ඇතැයිද නියෝජ්‍ය වාණිජ අධිකාරී බඩ්ලිව් ඩී ආර් පද්මලාල් මහතා පැවසීය.
01 වැනිදා උදෑසන 6.45 ට කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන අතර එදින පස්වරු 3.27 ට බදුල්ලට ළඟා විමට නියමිතය. පසුදා යළි උදෑසන 7 ට බදුල්ලෙන් පිටත් වී සවමස 4.03 ට කොළඹ කොටුවට ළඟා වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් දුම්රිය ගමන් ආරම්භ කළාට ඔය දක්වලා තියන කාලසටහන් අනුව නම් දුවන්න බෑ. උඩරට තියෙන්නේ තනි දුම්රිය මාර්ගයක්... ප්‍රතිවිරුද්ධ දිසාවන්ට ගමන් කරන දුම්රියවලට මාර්ගය ඉඩදීමට සිදුවන නිසා ඇතැම් දුම්රිය දිගු වේලාවක් දුම්රිය ස්ථානවල නවත්වා තැබීමට සිදුවෙනවා..
දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරීන් කියලා කොටසක් ඉන්නවද? උඩරට මැණිකේ දුම්රියේ පළමු පන්තියේ වැසිකිළි කැඩිලා ගඳගහන හැටි දිහා පිළිකුලෙන් බලමින් යන සංචාරකයින් බොහොම සුලබ දසුනක්.... උදේට මේ කෝච්චි පාරට දමන ඉංජිනේරුවෝ වත් දකින්නේ නැද්ද මේවා..? කවදාවත් නඩත්තු කරන්නේ නැද්ද? සමස්ථ රජයේ සේවයේම තියෙන අකාර්යක්ෂ්මතාවය කැටිකරපු තැන තමයි දුම්රිය සේවය...
නමෙන් වැඩක් නැහැ. පීලි පනින්නේ නැතිව වෙලාවට යන්න පුළුවන් නම්...
දෙනුවර මින්පසු එක නුවරක් මෙනි. ඔබෙ හදවත මහදෙහි සෙවනැල්ලකි. යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු.. අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු... සුබ පැතුම්...!!! නමුත් පරණ පිලි උඩම තමයි.