එක්සත් ජාතික පක්ෂය විසින් අලුත් රටක් යන තේමාවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡායාරුපයක් යොදා ගනිමින් සති අන්ත පුවත්පත් දැන්වීමක් පළ කිරීමට එකට එක කිරීමක් සේ  එක්සත් ජනතා නිදහස් සන්ධානය ද අද (10) ජනපතිගේ ඡයාරුපයක් සමඟ සන්ධානයට ජය නියතයි , අනාගතයට සවියක් මෛත්‍රි පාලනයක් යනුවෙන් දැන්වීමක් පළ කොට තිබු බව මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි. එහෙත් මෙම දැන්වීම් දෙකටම ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව  තමා සිතන බවද මහාචාර්යවරයා කීවේය.