සංස්කෘතික කටයුතු ඇමැතිවරයා තමන් වෙත නිළ වාහනයක් ලබා දෙන බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළද මේ වන තුරුත් එවැනි වාහනයක් තමා වෙත ලබා දී නැතැයි ආදී වාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තෝ පැවසීය.
පසුගියදා ආදීවාසී දිනයේදී මෙය ලබා දෙන බව ජනමාධ්‍යය හරහා තමන් දැනගත් බවත් මීට පෙර වාහනයක ඡායාරූප රැගෙන පෙන්වා වාහනයක් ලබා දුන් බව ප්‍රකාශකරමින් ජනතාව නොමග යැවු බවත් දිගින් දිගටම තමන්,තමන්ගේ රැහේ අය හා ශ්‍රී ලාංකික ජනතාව රැවටීම පිළිබද තමා කණගාටු වන බව ආදීවාසී නායකයා සඳහන් කළේය.
වන්නිල ඇත්තන් හමුවීමට මාධ්‍යවේදීන් පිරිසක් එහි ගිය අවස්ථාවේදී එසේ පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ! ඒ වැදි ඇත්තව රවට්ටලා ....හරි නරකයි (නි)
ඇමැති හුරා බොරු කතා පොජ්ජ දමනවා (දිල්)
පහුගිය කාලේ දේශපාලකයෝ දුන් පොරොන්දු සියල්ල ඉටු කළා නම්, අද රටේ විධායක ජනාධිපතිකෙනෙක් පවා නැත. දැන්වත් සිතට ගන්න දේශපාලකයෝ දෙන පොරොන්දු ඡන්දෙන් පස්සේ අවලංගු බව (නි)
ඉතින් බලන්න. කියන කතා පිළිගන්න පුලුවන්ද? (නි)
ඕවා නෙමෙයිනේ ඉල්ලන්න තිබුනේ (නි)
අපේ ගම් පොජ්ජේ සංස්කෘතික ඇමති කවුද කියලා අපි දන්නෙත් නැහැ. මම හිතන්නේ ඕක දුන්න නම් පැට්‍රල් ඉල්ලනවා ලයිසන් ඉල්ලනවා පාරට තාර දන්නා වෙනවා ..ඒවා හිතලා නොදී ඉන්න ඇති (නදී)
වාහන පොජ්ජක් ලැබුනා කියමුකෝ මන්දු වෙලා හරි.... ඒත් තෙල් පොජු මන්දු කරන්න කාසි පනන් වියදම් වෙනකොට තරු පොජ්ජ මන්දු වෙවී පෙනේවි ඇත්තන්ට.....(දිල්)
අදිවාසීන්ගේ දිනයත් අප්‍රේල් ද? (ත)
ඒ වුණාට ඡන්දේ හෙම නොදී ඉන්න එපා. (ත)
කලකට ඉහත විදේශ විනිමය උපයා රට සල්ලි ලංකාවට එවන අයට තීරු බදු රහිත වාහන ගත හැකි ක්‍රමයක් තිබුනා. දැන් එය අවලංගුකර , ඒ මිනිසුන් දහදිය මහන්සියෙන් උපයන විදේශ විනිමය පාවිච්ච් කර තීරු බදු සහිත වාහන හුඟක් දෙන්නේ දේශපාලකයන්ට , මිනිසුන් හුරා කන දොස්තර මහත්වරුන්ට එහෙම නැත්නම් රජයේ උසස් නිලධාරීන්ට. අඩුම වසයෙන් කිසිම කරදරයක් වෙන්නේ නැති මේ ආදී වැසි නායක තුමාට වත් එය ලබාදෙන්නේ නෑ කොයි තරම් අසාධාරණයක් ද?(දිල්)
කට්ටියක් එක්කගෙන පාරට බහින්න.. දැන් අලුත්ම ක්‍රමය???(දිල්)
වන්නිලා ඇත්තෝ, කැළෑ පොජ්ජට වහං වෙලා ඉන්ට මයේ ඇත්තෝ. සිදාදි පොජ්ජේ ඇත්තොලා විශ්වාස නොකළාට කාරි නැතුවා (නි)
සිරිපාල, හඃ හඃ හා. නියම කියමන. කාලෙකින් කඳුළු පනින්න හිනාවුණා. අනික, මං හැමදාම කියනවා වගේ එසැණ සංස්කාරකතුමන්ලත් ඉල ඇදෙන මාතෘකා යොදනවා. ඔබ දෙපළටම ස්තුතියි(දිල්)
සිරිපාල ඔයාගේ කතා පොජ්ජ මාරු.(නදී)
මෙතුමාට වහනයක් දීම යුතුකමක්.ඇමතිවරයා ප්‍රසිද්ධියේ කිව්වා එක අපිත් දැක්ක.කිව්වා වගේම කරන එක වැදගත්.ප්‍රශ්නය දේශපාලකයන්ගේ දේවලින් වෙන්නේ කීයද.සත පහකට වැඩක් නැති උන්ට වාහන බලපත්‍ර පවා හිතේ හැටියට දෙනවා.මානුෂිකව හිතල මේ වහනය දෙන්න.(දිල්)
ඇත්තෝ ,කලබල වෙන්න එපා , සමහර ඇමතිලා මුව පොඩ්ඩ ඇරියම මොනවා පිටවෙනවාද දන්නේ නැත, මේ පස්සෙන් තව ගියොත් ඔබ තුමාවයි හැල්ලු වෙන්නේ (නදී)
ඒ වෙනුවට තමයි බුලත් ගත්තේ (දී)
වන්නිලා ඇත්තන්ට බි එම ඩබ්ලිවු පොජ්ජක් දෙන්ඩකෝ.
බොලට මොන වාහන පොජ්ජවල්ද. සංකර වෙන්නේ නැතිව, බද්දේම දෙපා පොජ්ජෙන් ගාටනවානම් හොද අද. (දී)
සංස්කෘතික ඇමතිතුමා ඡන්දෙ ඉල්ලන්නේ යාපහුවෙන්. එතුමා ඉන්නේ මහව. වැදී ජනතාවගේ ඡන්දේ එයාට වැඩක් නෑ. මේකෙන් ඡන්ද අඩුවෙන්නේ සීනි ඇමතිතුමාට. එතුමා තමා දඹාන පැත්තේ මන්ත්‍රී. අඩු ගානේ ලක්ෂ 3 කට විතර ගන්න පුළුවන් ලාන්සර් එකක්වත් දෙන්න බැරිද?(දිල්)
සංකෘතික ඇමතිතුමා මේක දුන්නොත් ආදිවාසීන්ගේ සංස්කෘතිය විනාශවෙනවා. (ත)
දේශපාලකයෝ කවද්ද පොරොන්දු ඉටු කළේ. රැවටුනා නේද? (ත)
අනේ වන්නිලැත්තො, බොලා වාහන වල අරෙහෙ මෙහෙ යනකොට අපි අපේ ළමයින්ට ආදිවාසීන් පෙන්නන්න අරගෙන යන්නෙ කොහෙද? ඔන්න ඔහෙ දඩයම් පොජ්ජක් මන්ද කරගෙන ඉන්න ඇත්තෝ.... (නි)
වැද්දන්ට වාහනත් ඉල්ලනවා රජයේ සේවකයින්ට තීරුබදු රහිත බයිසිකලයක් වත් ලබා දෙන්නේ නැහැ (ත)
ලොක්කා..පොජ්ජක් ඉවසුවානම්, පොදු රද සමුළුව ඉවරයක් වෙනකම්.එතකොට හුරාට හම්බවෙනවා,දඩුමොනරෙක්..(අ)
මොකටද වාහන? (නි)
මීලග සැරේ ඡන්දෙ ඉල්ලන්න. ඔබට සිංහල මිනිස්සුත් දෙයි. එතකොට ඔය දේශපාලකයෝ දෙනකල් බලන් ඉන්න ඕන නැහැ පර්මිට් අලුත් වහනයක්ම ගන්න පුළුවනි ඇත්තෝ.(දිල්)
අපි වැඩ කරන්නේ රට පොජ්ජේ, දැන් 20 අවුරුදු පොජ්ජක් මංගච්චනවා. අපිටත් බදු පොජ්ජක් නැති වාහන පොජ්ජක් මංගච්චන්න පර්මිට් පොජ්ජක් මංගච්චන්නකෝ. වන්නිලා ඇත්තොට වාහන පොජ්ජක්, මංගච්චන එක අපේ ඇමතිතුමන්ලාට හරිම පහසුයි (නි)
වන්නිලා ඇත්තෝ අර කොහෙද රටක ලොකුම තැන ඉන්න කෙනත් කරන්නේ ඔකමයි .අපි මොනවා කරන්නද ?(දිල්)
වන්නියලැත්තෝ, කලබල වෙන්න එපා (නි)
පොඩ්ඩක් ඉවසලා ඉන්න. පස්සේ එකක් දෙයි (නි)
අර චෝගම් පොජ්ජට ඇන්න එන රෝල්ස් රෝය්ස් පොජ්ජක් ඔන්න ඔහේ දුන්නනම් (දිල්)
මයෙ හිතේ ගෙන්නපු වාහනේට කවුරු හරි මගදි විද්දා. ඒ හින්දා ඔය ආණ්ඩුවේ උත්සවේකට එන්න කිව්වොත් හා කියල පොරොන්දු වෙලා අන්තිමට කියන්න කබල් වාහනවල යන්න බැහැ හොඳ එකක් එවන්න කියල. (ත)
වන්නිලා ඇත්තාව විතරක් නෙමේ, අනෙක් ඇත්තන්වත් සමහරු රවට්ටලා තමයි තියෙන්නේ. එත් වන්නිලා ඇත්තට ඒක තේරුනාට අපේ අනෙක් ඇත්තන්ට ඒ ගැන වැඩිය තේරෙන්නේ නැහැ. (නි)
දෙනවා කියලා දුන්නේ නෑ අනේ පව් නේද(දිල්)