IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘දෙනවා කියලා දුන්නේ නෑ ’

සංස්කෘතික කටයුතු ඇමැතිවරයා  තමන් වෙත නිළ වාහනයක්  ලබා දෙන බව  ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළද  මේ වන තුරුත්  එවැනි වාහනයක්  තමා වෙත ලබා දී නැතැයි  ආදී වාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තෝ පැවසීය.

පසුගියදා ආදීවාසී දිනයේදී මෙය ලබා දෙන බව ජනමාධ්‍යය හරහා තමන් දැනගත් බවත්  මීට පෙර වාහනයක ඡායාරූප රැගෙන පෙන්වා  වාහනයක් ලබා දුන් බව  ප්‍රකාශකරමින් ජනතාව නොමග යැවු බවත් දිගින් දිගටම තමන්,තමන්ගේ  රැහේ අය හා ශ්‍රී ලාංකික ජනතාව රැවටීම පිළිබද තමා කණගාටු වන බව ආදීවාසී නායකයා සඳහන් කළේය.

වන්නිල ඇත්තන් හමුවීමට මාධ්‍යවේදීන් පිරිසක් එහි ගිය අවස්ථාවේදී එසේ පැවසිය.

 

 

 

 



අදහස් (0)

‘දෙනවා කියලා දුන්නේ නෑ ’

ශානිකා Thursday, 10 October 2013 05:49 PM

පව් අනේ! ඒ වැදි ඇත්තව රවට්ටලා ....හරි නරකයි (නි)

:       0       0

කමල් Thursday, 10 October 2013 01:20 PM

ඇමැති හුරා බොරු කතා පොජ්ජ දමනවා (දිල්)

:       0       0

ද සිල්වා Friday, 11 October 2013 05:23 AM

පහුගිය කාලේ දේශපාලකයෝ දුන් පොරොන්දු සියල්ල ඉටු කළා නම්, අද රටේ විධායක ජනාධිපතිකෙනෙක් පවා නැත. දැන්වත් සිතට ගන්න දේශපාලකයෝ දෙන පොරොන්දු ඡන්දෙන් පස්සේ අවලංගු බව (නි)

:       0       0

සිල්වා Thursday, 10 October 2013 06:07 PM

ඉතින් බලන්න. කියන කතා පිළිගන්න පුලුවන්ද? (නි)

:       0       0

මර්වින් Thursday, 10 October 2013 01:31 PM

ඕවා නෙමෙයිනේ ඉල්ලන්න තිබුනේ (නි)

:       0       0

දාසානායක Thursday, 10 October 2013 01:37 PM

අපේ ගම් පොජ්ජේ සංස්කෘතික ඇමති කවුද කියලා අපි දන්නෙත් නැහැ. මම හිතන්නේ ඕක දුන්න නම් පැට්‍රල් ඉල්ලනවා ලයිසන් ඉල්ලනවා පාරට තාර දන්නා වෙනවා ..ඒවා හිතලා නොදී ඉන්න ඇති (නදී)

:       0       0

සිරිපාල Thursday, 10 October 2013 01:45 PM

වාහන පොජ්ජක් ලැබුනා කියමුකෝ මන්දු වෙලා හරි.... ඒත් තෙල් පොජු මන්දු කරන්න කාසි පනන් වියදම් වෙනකොට තරු පොජ්ජ මන්දු වෙවී පෙනේවි ඇත්තන්ට.....(දිල්)

:       0       0

රොබින් Thursday, 10 October 2013 01:53 PM

අදිවාසීන්ගේ දිනයත් අප්‍රේල් ද? (ත)

:       0       0

ධම්ම Thursday, 10 October 2013 01:55 PM

ඒ වුණාට ඡන්දේ හෙම නොදී ඉන්න එපා. (ත)

:       0       0

ජානක Thursday, 10 October 2013 02:03 PM

කලකට ඉහත විදේශ විනිමය උපයා රට සල්ලි ලංකාවට එවන අයට තීරු බදු රහිත වාහන ගත හැකි ක්‍රමයක් තිබුනා. දැන් එය අවලංගුකර , ඒ මිනිසුන් දහදිය මහන්සියෙන් උපයන විදේශ විනිමය පාවිච්ච් කර තීරු බදු සහිත වාහන හුඟක් දෙන්නේ දේශපාලකයන්ට , මිනිසුන් හුරා කන දොස්තර මහත්වරුන්ට එහෙම නැත්නම් රජයේ උසස් නිලධාරීන්ට. අඩුම වසයෙන් කිසිම කරදරයක් වෙන්නේ නැති මේ ආදී වැසි නායක තුමාට වත් එය ලබාදෙන්නේ නෑ කොයි තරම් අසාධාරණයක් ද?(දිල්)

:       0       0

මොහමඩ් - සෞදි Thursday, 10 October 2013 02:06 PM

කට්ටියක් එක්කගෙන පාරට බහින්න.. දැන් අලුත්ම ක්‍රමය???(දිල්)

:       0       0

සනත් ඉන්දික Thursday, 10 October 2013 06:56 PM

වන්නිලා ඇත්තෝ, කැළෑ පොජ්ජට වහං වෙලා ඉන්ට මයේ ඇත්තෝ. සිදාදි පොජ්ජේ ඇත්තොලා විශ්වාස නොකළාට කාරි නැතුවා (නි)

:       0       0

උපාලි Thursday, 10 October 2013 02:15 PM

සිරිපාල, හඃ හඃ හා. නියම කියමන. කාලෙකින් කඳුළු පනින්න හිනාවුණා. අනික, මං හැමදාම කියනවා වගේ එසැණ සංස්කාරකතුමන්ලත් ඉල ඇදෙන මාතෘකා යොදනවා. ඔබ දෙපළටම ස්තුතියි(දිල්)

:       0       0

දිල්ශානි Thursday, 10 October 2013 02:33 PM

සිරිපාල ඔයාගේ කතා පොජ්ජ මාරු.(නදී)

:       0       0

කුමාර Thursday, 10 October 2013 02:52 PM

මෙතුමාට වහනයක් දීම යුතුකමක්.ඇමතිවරයා ප්‍රසිද්ධියේ කිව්වා එක අපිත් දැක්ක.කිව්වා වගේම කරන එක වැදගත්.ප්‍රශ්නය දේශපාලකයන්ගේ දේවලින් වෙන්නේ කීයද.සත පහකට වැඩක් නැති උන්ට වාහන බලපත්‍ර පවා හිතේ හැටියට දෙනවා.මානුෂිකව හිතල මේ වහනය දෙන්න.(දිල්)

:       0       0

චාන් Thursday, 10 October 2013 02:55 PM

ඇත්තෝ ,කලබල වෙන්න එපා , සමහර ඇමතිලා මුව පොඩ්ඩ ඇරියම මොනවා පිටවෙනවාද දන්නේ නැත, මේ පස්සෙන් තව ගියොත් ඔබ තුමාවයි හැල්ලු වෙන්නේ (නදී)

:       0       0

නන්දා Thursday, 10 October 2013 11:04 AM

ඒ වෙනුවට තමයි බුලත් ගත්තේ (දී)

:       0       0

වසන්ත Thursday, 10 October 2013 11:16 AM

වන්නිලා ඇත්තන්ට බි එම ඩබ්ලිවු පොජ්ජක් දෙන්ඩකෝ.

:       0       0

රනා Thursday, 10 October 2013 11:26 AM

බොලට මොන වාහන පොජ්ජවල්ද. සංකර වෙන්නේ නැතිව, බද්දේම දෙපා පොජ්ජෙන් ගාටනවානම් හොද අද. (දී)

:       0       0

කුමාරිහාමි Thursday, 10 October 2013 04:01 PM

සංස්කෘතික ඇමතිතුමා ඡන්දෙ ඉල්ලන්නේ යාපහුවෙන්. එතුමා ඉන්නේ මහව. වැදී ජනතාවගේ ඡන්දේ එයාට වැඩක් නෑ. මේකෙන් ඡන්ද අඩුවෙන්නේ සීනි ඇමතිතුමාට. එතුමා තමා දඹාන පැත්තේ මන්ත්‍රී. අඩු ගානේ ලක්ෂ 3 කට විතර ගන්න පුළුවන් ලාන්සර් එකක්වත් දෙන්න බැරිද?(දිල්)

:       0       0

මාටින් Thursday, 10 October 2013 11:40 AM

සංකෘතික ඇමතිතුමා මේක දුන්නොත් ආදිවාසීන්ගේ සංස්කෘතිය විනාශවෙනවා. (ත)

:       0       0

සරත් අතාවුද Thursday, 10 October 2013 11:40 AM

දේශපාලකයෝ කවද්ද පොරොන්දු ඉටු කළේ. රැවටුනා නේද? (ත)

:       0       0

මොහාන් Thursday, 10 October 2013 04:13 PM

අනේ වන්නිලැත්තො, බොලා වාහන වල අරෙහෙ මෙහෙ යනකොට අපි අපේ ළමයින්ට ආදිවාසීන් පෙන්නන්න අරගෙන යන්නෙ කොහෙද? ඔන්න ඔහෙ දඩයම් පොජ්ජක් මන්ද කරගෙන ඉන්න ඇත්තෝ.... (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Thursday, 10 October 2013 11:43 AM

වැද්දන්ට වාහනත් ඉල්ලනවා රජයේ සේවකයින්ට තීරුබදු රහිත බයිසිකලයක් වත් ලබා දෙන්නේ නැහැ (ත)

:       0       0

මිනිපෙ Thursday, 10 October 2013 09:47 PM

ලොක්කා..පොජ්ජක් ඉවසුවානම්, පොදු රද සමුළුව ඉවරයක් වෙනකම්.එතකොට හුරාට හම්බවෙනවා,දඩුමොනරෙක්..(අ)

:       0       0

සුමේධ Thursday, 10 October 2013 04:16 PM

මොකටද වාහන? (නි)

:       0       0

ලලිත් Friday, 11 October 2013 11:43 PM

මීලග සැරේ ඡන්දෙ ඉල්ලන්න. ඔබට සිංහල මිනිස්සුත් දෙයි. එතකොට ඔය දේශපාලකයෝ දෙනකල් බලන් ඉන්න ඕන නැහැ පර්මිට් අලුත් වහනයක්ම ගන්න පුළුවනි ඇත්තෝ.(දිල්)

:       0       0

දිසා ඇත්තෝ Thursday, 10 October 2013 04:37 PM

අපි වැඩ කරන්නේ රට පොජ්ජේ, දැන් 20 අවුරුදු පොජ්ජක් මංගච්චනවා. අපිටත් බදු පොජ්ජක් නැති වාහන පොජ්ජක් මංගච්චන්න පර්මිට් පොජ්ජක් මංගච්චන්නකෝ. වන්නිලා ඇත්තොට වාහන පොජ්ජක්, මංගච්චන එක අපේ ඇමතිතුමන්ලාට හරිම පහසුයි (නි)

:       0       0

අචිනි Thursday, 10 October 2013 12:09 PM

වන්නිලා ඇත්තෝ අර කොහෙද රටක ලොකුම තැන ඉන්න කෙනත් කරන්නේ ඔකමයි .අපි මොනවා කරන්නද ?(දිල්)

:       0       0

ඔකිත Thursday, 10 October 2013 12:19 PM

වන්නියලැත්තෝ, කලබල වෙන්න එපා (නි)

:       0       0

ජයසූරිය Thursday, 10 October 2013 12:22 PM

පොඩ්ඩක් ඉවසලා ඉන්න. පස්සේ එකක් දෙයි (නි)

:       0       0

පෙරේරා Thursday, 10 October 2013 05:02 PM

අර චෝගම් පොජ්ජට ඇන්න එන රෝල්ස් රෝය්ස් පොජ්ජක් ඔන්න ඔහේ දුන්නනම් (දිල්)

:       0       0

චමින්ද Thursday, 10 October 2013 12:34 PM

මයෙ හිතේ ගෙන්නපු වාහනේට කවුරු හරි මගදි විද්දා. ඒ හින්දා ඔය ආණ්ඩුවේ උත්සවේකට එන්න කිව්වොත් හා කියල පොරොන්දු වෙලා අන්තිමට කියන්න කබල් වාහනවල යන්න බැහැ හොඳ එකක් එවන්න කියල. (ත)

:       0       0

කුසුම් Thursday, 10 October 2013 05:16 PM

වන්නිලා ඇත්තාව විතරක් නෙමේ, අනෙක් ඇත්තන්වත් සමහරු රවට්ටලා තමයි තියෙන්නේ. එත් වන්නිලා ඇත්තට ඒක තේරුනාට අපේ අනෙක් ඇත්තන්ට ඒ ගැන වැඩිය තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ජෝන් Thursday, 10 October 2013 12:50 PM

දෙනවා කියලා දුන්නේ නෑ අනේ පව් නේද(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site