කොන්ත්‍රාත්කරුවකු ද වන පෙදරේරුවකු රුපියල් අසුඅට ලක්ෂයකට වෛද්‍යවරයකුගෙන් මිලට ගත් බව කියන ටොයොටා ජීප් රියක අයිතිය තහවුරු කිරීමට නොහැකි වී යැයි ගල්කිරීයාගම පොලීසිය කියයි.
ආඩියාගල කළුආරච්චියාගම මුදුන්ගොඩැල්ලේ සිල්ලර කඩ හිමියකුගේ ගරාජයක තිබු මෙම රියේ රතු ගරාජ අංක යොදා තිබිණි.
රිය ලියාපදිංචි කැර නැතැයිද පොලීසිය කියයි.
කාන්තාවකගේ නමින් ජිප්රියට රක්ෂණාවරණක් ලබා ගෙන ඇතැයි ද එම රිය අත්පිට මුදලට ගත් බවත් ලියවිලි අස්ථානගත වී ඇති බවත් පෙදරේරුවා පොලීසියට කියා ඇත.
ඔහු දෙනියායේ පදිංචිකරුවකු බවත් නීතී විරෝධි පිරමීඩ් ගනුදෙනුවල ලිපි ලේඛන තොගයක් එහි තුබු බවත් පොලීසිය සඳහන් කරයි.
සිල්ලර කඩ හිමියාගෙන් ද ප්‍රකාශයක් සටහන් කැර ගත් පොලීසිය ජීප්රිය හා පෙදරේරුවා කැකිරාව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දෙනියාය පෙදරේරුවාගේ ජිප් රිය ගල්කිරියාගම
සපුමල් Thursday, 20 February 2014 12:02 PM
දැකපු ගමන් ඇල්ලුවා වැරැද්ද , පෙදරේරුවෙක් කොහොමද මේවගේ ජීප් ගන්නේ, ඔන්න දේෂපාලකයන්ට නම් පුළුවන් (දිල්)
කමල් Thursday, 20 February 2014 12:55 PM
නිමල්, ඔබත් මමමෙන් අපේ ජනතාවගේ කෙනෙකි. "අපේ ජනතාවගේ කොන්ද පන නැත." කියමන නැවත සලක බලන්න. (අ)
සිරි Wednesday, 19 February 2014 06:46 PM
තව ටික කලක් යනකොට රටේ කළු සල්ලි පාලනයට වෙනම රාජ්‍ය ආයතනයක් ඇතිකරන්නට වෙයි වාගේ? (අ)
ජය Thursday, 20 February 2014 02:29 AM
දොස්තරගේ ආදායම් වාර්තාත් පරික්ෂා කිරීම හොඳ නැත්ද? (අ)
ද සිල්වා බෙර්ලින් Thursday, 20 February 2014 03:46 AM
ඉස්සෙලා දෙශපලකයන්ගේ වත්කම් වලින් පටන්ගෙන දොස්තරලගේ පෙදරේරුව හරහා කුලිකරයාගේ වත්කම් දක්වා හොයන්න , පෙදරේරුවගෙන් පටන්ගෙනම එතනින්ම නැවත දැමීමෙන් පලක් නැත . (අ)
සත්‍යයා Thursday, 20 February 2014 04:47 AM
සිරි, ඔයා පසුගිය කාලයේ හිටියේ දිවයිනෙන් බැහැරවද? (අ)
නිමල් Thursday, 20 February 2014 07:27 AM
සතේ අතේ නැති අය ආණ්ඩුවට එකතුවෙලා මන්ත්‍රී කෙනෙක් වෙච්ච ගමන් මේවගේ වාහන ගන්නේ. මේක එක පොඩි සිදුවීමක්නේ. මේ මනත්‍රිරිලා මේවගේ වාහන දෙක තුනක් ගන්නවා. කරුණාකර ඒ සියල්ල පරීක්ෂා කරන්න. අපේ ජනතාවගේ කොන්ද පන නැත. (අ)
චින්තක Thursday, 20 February 2014 09:01 AM
දොස්තරගේ අදායම් බලන්නේ මොකටද? දොස්තරට ඩියුටි ෆ්‍රී බලපත්‍රයෙන් ලැබුන රථයක් බව පැහැදිලියි. ඒවා විකුණන එක බලපත්‍ර ලාභියන් ගේ අදායම් මාර්ගය . කෙසේ වෙතත් මෙය ඩියුටි සමග අසු අට ලක්ෂයකට වඩා වටිනවා. (දී)