කොන්ත්‍රාත්කරුවකු ද වන පෙදරේරුවකු රුපියල් අසුඅට ලක්ෂයකට වෛද්‍යවරයකුගෙන් මිලට ගත් බව කියන ටොයොටා ජීප් රියක අයිතිය තහවුරු කිරීමට නොහැකි වී යැයි ගල්කිරීයාගම පොලීසිය කියයි.
ආඩියාගල කළුආරච්චියාගම මුදුන්ගොඩැල්ලේ සිල්ලර කඩ හිමියකුගේ ගරාජයක තිබු මෙම රියේ රතු ගරාජ අංක යොදා තිබිණි.
රිය ලියාපදිංචි කැර නැතැයිද පොලීසිය කියයි.
කාන්තාවකගේ නමින් ජිප්රියට රක්ෂණාවරණක් ලබා ගෙන ඇතැයි ද එම රිය අත්පිට මුදලට ගත් බවත් ලියවිලි අස්ථානගත වී ඇති බවත් පෙදරේරුවා පොලීසියට කියා ඇත.
ඔහු දෙනියායේ පදිංචිකරුවකු බවත් නීතී විරෝධි පිරමීඩ් ගනුදෙනුවල ලිපි ලේඛන තොගයක් එහි තුබු බවත් පොලීසිය සඳහන් කරයි.
සිල්ලර කඩ හිමියාගෙන් ද ප්‍රකාශයක් සටහන් කැර ගත් පොලීසිය ජීප්රිය හා පෙදරේරුවා කැකිරාව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැකපු ගමන් ඇල්ලුවා වැරැද්ද , පෙදරේරුවෙක් කොහොමද මේවගේ ජීප් ගන්නේ, ඔන්න දේෂපාලකයන්ට නම් පුළුවන් (දිල්)
නිමල්, ඔබත් මමමෙන් අපේ ජනතාවගේ කෙනෙකි. "අපේ ජනතාවගේ කොන්ද පන නැත." කියමන නැවත සලක බලන්න. (අ)
තව ටික කලක් යනකොට රටේ කළු සල්ලි පාලනයට වෙනම රාජ්‍ය ආයතනයක් ඇතිකරන්නට වෙයි වාගේ? (අ)
දොස්තරගේ ආදායම් වාර්තාත් පරික්ෂා කිරීම හොඳ නැත්ද? (අ)
ඉස්සෙලා දෙශපලකයන්ගේ වත්කම් වලින් පටන්ගෙන දොස්තරලගේ පෙදරේරුව හරහා කුලිකරයාගේ වත්කම් දක්වා හොයන්න , පෙදරේරුවගෙන් පටන්ගෙනම එතනින්ම නැවත දැමීමෙන් පලක් නැත . (අ)
සිරි, ඔයා පසුගිය කාලයේ හිටියේ දිවයිනෙන් බැහැරවද? (අ)
සතේ අතේ නැති අය ආණ්ඩුවට එකතුවෙලා මන්ත්‍රී කෙනෙක් වෙච්ච ගමන් මේවගේ වාහන ගන්නේ. මේක එක පොඩි සිදුවීමක්නේ. මේ මනත්‍රිරිලා මේවගේ වාහන දෙක තුනක් ගන්නවා. කරුණාකර ඒ සියල්ල පරීක්ෂා කරන්න. අපේ ජනතාවගේ කොන්ද පන නැත. (අ)
දොස්තරගේ අදායම් බලන්නේ මොකටද? දොස්තරට ඩියුටි ෆ්‍රී බලපත්‍රයෙන් ලැබුන රථයක් බව පැහැදිලියි. ඒවා විකුණන එක බලපත්‍ර ලාභියන් ගේ අදායම් මාර්ගය . කෙසේ වෙතත් මෙය ඩියුටි සමග අසු අට ලක්ෂයකට වඩා වටිනවා. (දී)