‘මයින්ඩ් ප්‍රෝබ්’ 12 වැනි වාර්ෂික දැනුම මිනුම තරගයේ සමස්ත ලංකා අන්තර් පාසල් අවසන් තරගය කොළඹ ආනන්ද විද්‍යාලීය දැනුම මිනුම සංගමයේ මෙහෙයවීමෙන් පැවැත්විණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ කළමණාකරණ හා වාණිජ විද්‍යා පීඨාධිපති සහ ආදී ආනන්දීය වන මහාචාර්ය සම්පත් අමරතුංග හා ආනන්ද විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහත්වරු ආරාධිතයෝ වුහ.
ආනන්ද දැනුම මිනුම කණ්ඩායමේ නායක කවීන්ද පතිරගේ දක්ෂතම තරගකරුවා ලෙස තෝරාගත් අතර දැනු මිනුම අභියෝගතා ශූරතාවය දිනා ගැනීමට ආනන්ද විද්‍යාලය සමත් විය.
කවීන්ද පතිරගේ ආනන්ද විදුහල් දැනුම මිනුම සමාජයේ ලේකම්වරයාද වෙයි.
තරගාවලියේ අනු ශූරතාව මහනුවර ධර්මරාජ විද්‍යාලයට ද දෙවැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයට ද හිමි විය.
පාසල් අන්තර් ශ්‍රේණි අනද නැණස තරගයේ සහ සාමාන්‍ය දැනුම තරගයේ ජයග්‍රහකයන්ටද ත්‍යාග බෙදා දීම ද මීට සමගාමීව සිදු කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ දරුවෙක් (නි)
ආනන්දේ ලොකු පාසැලක් නේද? (නදී)
ආනන්දේ කොල්ලෝ කොහොමත් දක්ෂයි. සුබ අනාගතයක් පුතේ...! (නි)
ඉතින් මොකටද අපිට ඕක? (නි)
ආනන්දේ කොල්ලෝ තමා යුද්දේ පෙරමුණේ හිටියේ. ආනන්දේ කොල්ලෝ කොහොමත් දක්ෂයි. (ස)
සුබ අනාගතයක් පුතේ (නි)