බලපිටිය ගුරුවිද්‍යාලය අසල මුහුදේ දිය නෑමට ගිය සිව් දෙනකුගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බවත් තවත් තරුණයන් දෙදෙනකු සෙවීම සඳහා අද (18) නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා ඇත.
මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය පතිරාජ ප්‍රදේශයේ පදිංචි යූ.එල්.චාන්දනි නමැති එක් දරු මවක (32) සහ ලක්ෂානි වාසනා (15) නමැති පතිරාජ විදුහලේ 10 වසරේ සිසුවියක බව හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.
අතරුදහන් වූ තරුණයන් අතර සිටි එක් තරුණයකු මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටි සිසුවකු බව පොලිසිය කියයි.
(ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ වටිනා ජීවිත නේද මේ අකාලයේ නැතිවෙන්නේ? (නි)
අයියෝ මේ මොන අපරාධයක්ද? මේ දවස්වල මුහුද රළුයි කියලා අනතුරු අඟවලා තියෙද්දිත් ඇයි මේ අය නාන්න ගියේ. මේවා තරුණ ජීවිත නේද? මෙවැනි සිදුවීම් අහන්න ලැබීමත් කණගාටුවක්. (නි)
මෙච්චර මුහුද රළු වෙලා තියෙද්දිත් නාන්න යනවද අම්මප. ගෙදර වතුර නැද්ද නාන්න.(ම)
මෝඩ වැඩ නිසා ජීවිත කීයක් දැන් නැති වුනාද?(හේ)
හරිම කණගාටුදායක පුවතක් (නි)