හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන දනූන තිලකරත්න වරෙන්තුකරුවකු වී සිටියදී ඔහුට නවාතැන් දුන්නැයි ඔහුගේ මිත්තනිය එලන් විමලා තිලකරත්නට (80) එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඉදිරියේ විභාගයට ගැනිණි. තිලකරත්නගේ සේවක එස්. ජයන්ත ජයපාල සාක්කි දෙමින් කියා සිටියේ දනුන ගෙදර එන විට තිලකරත්න එහි නොසිටි බවයි. දනුන නිවෙසින් ගිය වේලාවද නොදන්නා බව ඔහු කීවේය. ජනාධිපති නීතිඥ ආනන්ද විජේසේකර මහතා සාක්කිරුගෙන් හරස් ප‍්‍රශ්න ඇසුවේ නැත. නඩුව ජූලි 4 වැනිදාට කල් ගියේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් මේවට තමයි කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා. පව් අසරණ දරුවා..පව් අසරණ එයාගේ ආච්චි අම්මා.. මේවා දෙයියොම බලාගන්න ඕන.. නිකම් නිස්කාරනේ දෙමව්පියන්ගේ දේ වලට මේ නොදරුවොත් තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවනවා.. අසරණ පවුල් ජීවිත කඩාකප්පල් වෙලා ඉහිරිලා යනවා.කකුළුවා අනේ සැපයි කියලා හිතන්නේ වතුර හොඳටම නටනකම් විතරයි.. කරන කළට පව් මීරිය මීසේ විඳින කළට දුක් දැඩිවෙයි ගිනි සේ කියලා තියෙන්නේ නිකම් කට කටනවට නෙවෙයි ආයිබෝන්.. හරි වැරැද්ද තමන්ගේ හෘද ශාක්ෂිය දන්නවා ඇති.. බුදුබණ කවදාවත් බොරු වෙන්නේ නෑ. කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට බොරු කරන්නත් බෑ. කර්මක් කලොත් එකේ විපාකය විඳින්න වෙනවා මයි.
අනේ හැබෑටම වෙන නඩු නැද්ද....
අනේ නෑ . ආච්චිට අවුරුදු අසූවයි.සිල් අරන් පාඩුවෙ ඉන්න දෙන්න දෙයියනේ........
නවලෝකෙන් බෙහෙත් ගන්න තිබුණු චාන්ස් එක....
සාගරයක් මැද පුංචි රටක් ඇත, මෙහෙම ජෝගි තව වෙන කොහෙවත් නැත...............
ඊළඟට කවුරු හිරේට යයිද?
හිටපු හමුදාපතිතුමා විනාශ කළ කෙනෙක් තමයි ධනූන. මේ පාර නම් ඔහුට අහුවෙන්න එපා. මෙයා නිසා එතුමා නිකන් හිර බත් කෑවා.
හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑනා වන ධනුකට සිට මාමා නිසා ඇතිවී ඇති කරදර නිසා ඔහුගේ පවුල් ජීවිතය හා පවුල් සම්බන්ධතා දුරස්ව බලවත් වේදනාවෙන් කල්ගත කරද්දී ඔහුදේ ආච්චි ඔහුට උදව් කිරීම පුදුමයක් නෙවෙයි. ඕනේම ආච්චි කෙනෙක් තමන්ගේ පුතා මුණුබුරා වෙනුවෙන් ඒ වගේ කැපකිරීමක් කරනවා