
(යොහාන් භාසුර)
බංග්ලාදේශයට එරෙහිව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා (25) ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා නම් කර ඇති 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට දුනිත් වෙල්ලාලගේ සහ විශ්ව ප්‍රනාන්දු කැඳවා තිබේ.
ඇන්ජලෝ මැතිව්ස්, ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පුරප්පාඩු වූ ස්ථානයට දුනිත් වෙල්ලාලගේ ද, මිලාන් රත්නායක සංචිතයෙන් ඉවත් කර විශ්ව ප්‍රනාන්දු ද, කැදද්‍වා තිබේ.
ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, දුනිත් වෙල්ලාලගේ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සහ ඉසිත විජේසුන්දර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd